“දණ්ඩාකාරය”දොස් දෙන හැටි

ජනවාරි 30, 2019

වාස්තු විද්‍යාත්මකව සලකා බලන විට පරිහරණය පිණිස නො ගතයුතු ඉඩම් හැඩයක් ලෙස “දණ්ඩාකාරය” හැඳීන්විය හැකියි.

පළලින් අඩුවී දිගින් වැඩිවන දණ්ඩක හැඩය ගත් මෙම ඉඩම් ගෘහ කර්මාන්තය සඳහා නුසුදුසුයි.

වස්තු විද්‍යාත්මකව මෙසේ නුසුදුසු වන්නේ ඇයි? පළල අඩුවී දිග ඉතා විශාල වීම නිසා එහි ඉදිවන ගෘහයේ අංග නිසි දිශාවන්ට පිහිටන්නේ නැහැ. රූපයේ ඇති ඉඩම දෙස බලන්න. කඩ ඉරිවලින් පෙන්වන්නේ දිශාවන් බෙදෙන ආකාරයයි. ඉඩමේ මැද සිට බලන විට එම දිශා බොහෝමයක් හිස් වී දෙදිශාවක් පමණක් සක්‍රීයවයි පවතින්නේ. මෙවැනි ඉඩමක් පළල හා දිග ගැළපෙන පරිදි වාස්තුමය සකස් කිරීමකින් පසුව ගෘහ කර්මාන්තය සඳහා භාවිත කළ හැකියි. නමුත්, නේවාසික නොවන දෙයකට ඒ කියන්නේ ගබඩාවක් වැනි දෙයකට පමණක් යොදා ගැනීමයි වඩාත් සුදුසු වන්නේ. දණ්ඩාකාර ඉඩමේ දෝෂයක් ලෙස ප්‍රධානවම නිවෙසේ ඇතිකරන සිව්පා සතුන්ගේ විනාශය දැක්විය හැකියි. සතුන් විනාශ වෙනවා කියන්නේ එය මනුසතුන්ටත් බලපාන දෙයක්.

 

ප්‍රායෝගික අපහසුතා

මා ඔබට අද පවසන්නේ දණ්ඩාකාර ඉඩමක සෑදූ ගොඩනැගිල්ලක් ගැනයි. මෙම ගොඩනැගිල්ලේ බිම් මහල ව්‍යාපාරික ස්ථානයක් සඳහා බදු දී තිබුණි. නිවෙස පිහිටියේ පළමු හා දෙවැනි මහල්වලයි. අඩි 20 ක් පළල හා අඩි 110 ක් දිග ඇති ඉඩමකයි මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබුණේ. මෙවන් ඉඩමක වාස්තු විද්‍යාත්මකව ඇති අගුණය හා ප්‍රායෝගිකව ඇති අපහසුතාවන් ගැන ඔබේ අවධානය යොමු කිරීම වටී.

දණ්ඩාකාර ඉඩමක හදන ගොඩනැගිල්ලත් දණ්ඩක් වගේ තමයි. පටු නිසා දෙපැත්තේ මායිම්වලටම බිත්ති බඳීන්න බොහෝවිට සිදුවෙයි. දෙපසට දොර ජනෙල් යොදන්න බැරි නිසා සාපේක්ෂව ඇතුළත අඳුරු වීමටත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ගෙයක් ඇතුළෙ ඉන්නවා කියන හැඟීමක් දැනෙන්නේවත් නැහැ. හරියට උමගකට රිංගුවා වගේ. ආලෝකය හා වාතාශ්‍රය ලබා ගන්නට මැද මිදුලක් යෙදුවත් නිවෙසේ සෑම කොටසකටම මෙහි ප්‍රයෝජනය ලබා ගන්න අමාරුයි. කාමර එක පෙළකට පිහිටීමත්, පැසේජ ඇති වීමත් වළක්වන්න බැහැ. මෙහෙමඉඩමක පාද බෙදා ගැනීමත් අපහසුයි.

 

බ්‍රහ්ම පාදයට ගැටලු

මෙවන් ඉඩමක සාදන නිවෙසේ බ්‍රහ්ම පාදය නිරවුල්ව තබා ගැනීම ඉතා අසීරු කටයුත්තක්. මෙම නිවෙසේත් බ්‍රහ්ම පාදයේ මධ්‍ය පිහිටියේ නිදන කාමරයක් තුළයි. ඒ විතරක් නොවේ. එම කාමරයට ලට්ට - ලොට්ට දමා අපිරිසුදුවයි තිබුණේ. එය තවත් දෝෂයක්. මා කලින් කී ආකාරයට නිවෙසේ දිගටි හැඩය නිසා වැසිකිළි ආදියට නිසි වාතාශ්‍රයක් ලැබෙන්න ගේ ඇතුළෙ ඉදිකරන්න අපහසුයි. නිවෙස ඉදිරියේ හෝ පිටුපස මුහුණතට සම්බන්ධ වන ආකාරයට තමයි බොහෝවිට මේවා ඉදිකිරීමට තෝරා ගන්නත් වෙන්නේ. ස්ථානය අනුවත් දිශාව අනුවත් මේ නිසා දෝෂ සිදුවෙන්න පුළුවන්.

 

2019/01/30 තරුණි බලන්න