නිදන කාමරයේ බලය සක්‍රීය කරගන්නේ කෙසේද?

මාර්තු 13, 2019

නිවෙසකට අයිති කොටස් ඒවාට ගැළපෙන දිශාවන්ට අනුව නිර්මාණය කිරීම යනු එක් වාස්තු විද්‍යා මූලධර්මයක් බව ඔබ දැන් දන්නවා.

මෙලෙස දිශාව අනුව නිවැරදිව සකස් කරගත් නිවෙසේ එම අංග ඇතුළත බඩු බාහිරාදිය තැන්පත් කිරීමේදී වාගේම, ඒවා පරිහරණයේදීත් උපරිම සුබ ප්‍රතිඵල ලබාගැනීම උදෙසා වාස්තුවිද්‍යා ක්‍රම අනුගමනය ඔබ විසින් කළ යුතු දෙයක්.

මිදුලට ගැළපෙන පරිදි සැලසුම් කරන ලද නිවෙසේ ඇතුළත ඇති ඉඩ ප්‍රමාණය මත, වෙන්කර ගන්නා ලද අංගයේ (කාමර, සාලය, කුස්සිය ආදිය) පරිහරණය පිළිබඳ වාස්තු විද්‍යාව අතින් තවදුරටත් ශක්තිමත් කිරීම ගැනයි පැවසුවේ.

වාස්තු නොබලා දැනටමත් සාදන ලද නිවෙසක ප්‍රායෝගිකව සියයට සියයක්ම මෙසේ කළ නොහැකි නම් කනගාටු නොවන්න.

සාදමින් පවතින හෝ සාදන්නට බලාපොරොත්තු වන නිවාසවලට හැකි උපරිමයෙන් මේ උපදෙස් පිළිපදින්න. අද ලිපියෙන් නිදන කාමරය හා එහි බඩුමුට්ටු ස්ථානගත කිරීම ගැනයි කතා කරන්නේ.

නිදන කාමරය

පිහිටීම අතින් දිශා කීපයක් මේ සඳහා යොදාගන්න පුළුවන්. නිරිත, බස්නාහිර, වයඹ, උතුර, ඊසාන, නැගෙනහිර යනුවෙන් ඒවා හඳුන්වන්න පුළුවන්.

ගෘහ මුලිකයා හෝ අඹුසැමි දෙදෙනා සඳහා නිරිත දිශාවේ නිදන කාමරය පැවතීම අතිශය වැදගත්.

එසේ කළ නොහැකි අවස්ථාවලදී දකුණ, බටහිර, වයඹ, දිශාවන් යොදාගත හැකියි. අධ්‍යාපනය ලබන දරුවන්ගේ කාමර ඊසාන දිශාවට වරදක් නැහැ.

නිවෙසේ අනෙක් සාමාජිකයන්ට නැගෙනහිර, දකුණ, බටහිර දිශාවන්හි පිහිටි කාමර භාවිත කළ හැකියි.

කාමරය ඇතුළත ඇඳ ස්ථානගත කිරීම

කුමන සුදුසු දිශාවක කාමරය පිහිටියත් නිදන ඇඳේ හිස තබන පැත්ත උතුරට තියන්න එපා. චුම්භක ශක්තීන් අධික දිශාවක් බැවින් මානසික ඒකාග්‍රතාවට බාධාවක් හා පීඩාවක් විය හැකියි යන සම්මතයටයි මෙසේ කරන්නේ.

නිදන ඇඳට ඉහළින් බාල්ක යට ලී, කොන්ක්‍රීට් බීම් ආදිය නොතිබීම වඩාත් සුදුසුයි. මේවා අධික බරක් උසුලන සහ ඒවා පහළට සම්ප්‍රේෂණය කිරීමට මැදිහත් වූ කොටස්. මෙවන් අංග යට වැඩි වෙලාවක් සිටීම මනසට පීඩාකාරී විය හැකියි. බොහෝ දෙනා තමාගේ නිදන ඇඳ මේ ස්ථානවල හරියටම මධ්‍යයට වන්නට තියන්නේ මදුරු දැල් ගැටගැසීමට පහසු නිසා. නමුත් එය නුසුදුසු ක්‍රියාවක්.

ඔබේ නිදන ඇඳට ඉහළින් තරප්පුවක් හෝ ඉහළ මහලේ වැසිකිළියක් ඇත්නම් එය සුදුසු නැහැ. වැසිකිළියක් හිසට ඉහළින් සෑදීම යනු නො ගැළපෙන දෙයක් හිස ඉහළට ගැනීමකි. තරප්පුවක් යනු නිතරම පෑගීමෙන් පරිහරණයට ලක්වන, ස්ලැබ් එකකට සාපේක්ෂව වැඩි වශයෙන් පහළට තරංග මුදාහරින තැනක්. (ස්ලැබ් එකක ඇවිදීමට වඩා වැඩි ආයාසයක්, කම්පනයක් පඩිපෙළක් නැගීමේදී සිදුවේ.) මෙවන් වැරැදි මඟින් තමාට තිබිය යුතු උසස් තත්ත්වයන් වැළක්වීම වාගේම බාධක, කරදර හිස එසවීම දක්නට ලැබෙන දෙයක්.

නිදන ඇඳ බිත්තියට හේත්තු කර නො තබනවා නම් හොඳයි. ප්‍රායෝගිකව වුණත් මදුරු දැල මෙට්ටයට යට කිරීමේ දී මෙය පහසුවක්. බිත්ති දිගේ ඉහළට විත් ඇඳ මතට සතුන් පැමිණීමත්, බිත්ති මුලුවල මකුළු දැල් බැඳීමත් මෙමඟින් යම් දුරකට පාලනය කර ගත හැකියි. අතුගෑමටත්, ඇඳ යටට වැටුණු යමක් ගැනීමටත් පහසුවක්. දිග හා පළල සමාන නොවන ලෙස පිළියෙල කරගත් ඇඳක් භාවිත කිරීම සුදුසුයි.

පොත් රාක්ක, පාඩම් මේස, කණ්ණාඩි මේස, අල්මාරිය ආදිය ස්ථානාගත කිරීම.

2019/03/13 තරුණි බලන්න.