හදන නිවෙස ගැන මෙහෙම හිතන්න

මැයි 1, 2019
 
ගිනි ගැනීම් හෝ අකුණු ගැසීම් නිවෙසට සිදුවීම, වස විස පානයෙන් පෙර නිවැසි කවුරුන් හෝ මියැදී තිබීම, ගෙවත්තේ මිනි දැවීම හෝ මිනි ඇටකටු නිවෙස තුළ තබා ගැනීම, ගුප්ත ශබ්ද ඇසීම, දුර්ගන්ධය හෝ ඉක්මනින් කෑම පිළුණු වීම යන දේ සුදුසු නොවේ.
 
නිවෙසක් ඉදිකිරීමේ දී සලකා බැලිය යුතු පරාසය කෙබඳුදැයි වරින් වර විවිධ අවස්ථා කීපයක දී ම ඔබව දැනුවත් කළා. ඒ නිසා අද අපි ඒ සියලු දේ එක් තැන් කර සංක්ෂිප්ත සටහනක් ඉදිරිපත් කරන්නෙමු.
 
දෝෂ නොවී ලස්සන නිවෙසක් සාදා ගැනීම යනු අප හැමදෙනාගේම එක් බලාපොරොත්තුවක්. නමුත් බොහෝ දෙනා වාස්තු විද්‍යාව පැත්තෙන් දන්නේ සම්ප්‍රදායිකව සිදු කරන කටයුතු කීපයක් ගැන පමණයි. කරුණු එකක් දෙකක් පමණක් දැනීමෙන් හා කටයුතු කිරීමෙන් වාස්තු විද්‍යාව අතින් නිවැරැදි ගෘහයක් කිසිසේත්ම බිහිවෙන්නේ නැහැ. වඩාත් විධිමත්ව විශාල පරාසයක පවතින කරුණු ඔස්සේ දෝෂ නිවාරණයෙන්, ඉතා නිවැරැදි සහ ශාස්ත්‍රානුකූලව සිදුකළ නිවහනක සුවපහසුව - අසිරිය විඳීන්නට ඔබටත් හැකි වේවි.
 
ගැටලු ඇතිවෙන තැන්
 
නිවෙසක් ඉදිකිරීමේ දී ගැටලු ඇතිවෙන තැන් ප්‍රධානවම අංශ පහක් ඔස්සේ පවතී.
01. නිවෙස නිර්මාණයේ දී වූ දෝෂ
02. ආරම්භයේ දී හා ඉදිකිරීම් කාලයේ දී වූ දෝෂ
03. පරිසරයේ සහ නිවෙසින් බාහිරව 
සිදුකරගත් දෝෂ
04. නිවැසියන්ගේ චර්යා රටා දෝෂ
05. වෙනත් කෙනකු සිදුකළ දෝෂ (අනියම් දෝෂ)
නිවෙසකට ප්‍රධානවම බලපාන මෙම දෝෂ කාණ්ඩ පහේ විස්තර කෙබඳුදැයි දැනගැනීම ඉතා වැදගත්.
 
01. නිවෙස නිර්මාණය කිරීමේ දී සිදු වූ දෝෂ 
(සැලසුම් දෝෂ )
නිවෙස නම් වූ සංවෘත පද්ධතිය තුළ සැලසුම් අවස්ථාවේ දී සිදු වූ දෝෂයන් මේ යටතට වැටේ. දිශාවන් අනුව නිවෙසේ අංග නොගැළපීම, වර්ගඵලය වැරැදීම, ද්වාර සටහන් දෝෂ, මධ්‍ය සහ මර්ම රේඛාවන්හි වැරැදි පිහිටීම් සහ වැරැදි ඡේදනය වීම් ආදී බොහෝමයක් දේ මෙයට ඇතුළත් වේ. සැලසුම් අවස්ථාවේ දී ම නිසි පරිදි මෙම දෝෂ ඇති නොවන සේ කටයුතු කිරීමයි යුතු වන්නේ.
 
 
සිවිල් ඉංජිනේරු,
වාස්තු විද්‍යා විශාරද, ආචාර්ය 
ගයාන් එරමුදුගොඩ

Web :www.vastuhomebuilders.com
Email :[email protected].

2019/05/01 තරුණි බලන්න