වාස්තු විද්‍යානුකූලව රූපලාවණ්‍යාගාරයක් ඇරැඹීමේ වාසි

මැයි 1, 2019

අද අපි කතාබහේ යෙදෙන්නට යන්නේ රූපලාවණ්‍යාගාරයක් නව පහසුකම් සහිතව සැලසුම් කරගන්නා ආකාරය පිළිබඳවයි.

ඔබ රූපලාවණ්‍ය ශිල්පිනියක් නම් රූපලාවණ්‍ය කුටියක් නිර්මාණය කරනවිට එය පූර්ණ දේශීය වාස්තුවිද්‍යානුකූලව සකසා ගැනීම අතිශයින්ම ප්‍රයෝජනවත්. ගොඩනැගිල්ල ඉදිකර ඒ තුළ වර්ණාලේප කිරීමේදී තද උණුසුම් වර්ණ නොව සිසිල් වර්ණ ආලේප කිරීම මැනවි. ඔබේ ලග්නයට ගැළපෙන වර්ණ යොදා ගැනීම ද සුදුසු වේ.

අන්තරීක්ෂ වර්ණ සංකේත 7 පෘථිවිය කරා කාන්දු වන්නේ අපගේ ජීව රසපානමානයේ (Biotonic Scale)) සප්තස්වර රටාවට අනුකූලවය. හිරුගේ වර්ණ ජාලය 6103 කටත් අධිකය. සමහර වර්ණ රටා නිරෝගී කරන අතර වෙනත් වර්ණ පදාසයන් ශරීර සෞඛ්‍යයට අහිතකරය.

ළා නීල වර්ණය සෞම්‍ය මෙන්ම ශීත ගුණයෙන ද යුක්ත වේ. ළා කොළ(හරිත) පැහැය ඇස්වල දීප්තියත්, මනසට සන්සුන් බවත් කාන්දු කරනු ඇත.

ළා තැඹිලි පාට මානසික ගති ලක්ෂණ ඉහළ තලයකට ගෙන ඒවි. මිත්‍රශීලී සන්නිවේදන මඟක් එළිපෙහෙළි කරනු ඇත.

ළා දම් පැහැය (අල්ට්‍රා වයලට්) ආදරය, සෙනෙහස මනසේ සන්සුන් බව මානසික සහසම්බන්ධතාවය ඇති කරයි.

ළා රෝස පැහැයෙන් මානසික ඒකාග්‍රතාවය, උනන්දුව, පි‍්‍රයමනාපකම, ළබැඳියාව මෙන්ම කායික හා මානසික සම්බන්ධතාවයට උපකාරවනු ඇත.

ළා දම් හා ළා කොළ වර්ණ විදුලි බුබුළුවලින් විහිදුවන ආලෝකය මනස සන්සුන් කරන සුළුය.

රතුපැහැය ආවේගශීලී වේ. වැඩි ආලෝකයක් රූපලාවණ්‍යාගාරය තුළ වැඩි කාල පරාසයක් තුළම තිබීම එතරම් යෝග්‍ය නොවේ.

 

 

2019/05/01 තරුණි බලන්න

 

හෙන්රි බෙම්මුල්ල