නිවෙසේ දියුණුවට මෙන්න උපක්‍රම

මැයි 8, 2019

අපි කරන කියන රැකියාවන්හිදී ඇත්තටම අපිට තෘප්තිමත් බවක් ඇති නොවෙන්න පුළුවන්. අපේ රැකියාවෙන් අපි අපේක්ෂා කරන්නේ අපේ දියුණුවනේ.

නමුත් අපි බලාපොරොත්තු වන දියුණුව අපි කරන රක්ෂාවෙන් අපිට හිමිවන්නේ නැත්නම් ඇත්තටම අපිට කිසියම් මානසික බිඳවැටීමක් ඇතිවීම සාමාන්‍ය දෙයක්.

ඔබ දන්නවද..? ෆෙංෂුයි ශාස්ත්‍රය අනුව ඔබටම හිමි සුබ දිශා තිබෙන බව. ඒ දිශාවන්ගෙන් එකකට මුහුණලා වාඩිවීම තුළින් ඔබට වාසනාව ළඟා කරගන්න පුළුවන්. ඔබට හිමි සුබ දිශාවන් සොයාගැනීමට “ධනවත්වීමේ ගුප්ත රහස් - 5 (කුඩා අංකයෙන් ඔබට වාසනාව)” නම් පොත ඔබ ළඟ තිබේ නම් කියවන්න.

ඔබ නිවෙසේ සිට ස්වයං රැකියාවක නියුතු කෙනෙක් නම් ඔබේ ශුභ දිශාවට මුහුණලා ඔබේ වැඩ කටයුතු කරන්න. ඊට අමතරව ඔබ නිවෙසේ සිට ඔබේ ලිපි කටයුතු හෝ ව්‍යාපාරික කටයුතු කරන්නේ නම්, ඔබේ සුබ දිශාවට මුහුණලා ඔබේ මේස පුටු හරවා ගන්න.

ඔබ සුබ දිශාවට මුහුණලා සිටින විට ඔබේ බලය සහ වාසනාව වැඩිවෙනවා. හොංකොං, සිංගප්පූරුව, චීනය, මැලේසියාව, තායිවානය වැනි රටවල්වල ව්‍යාපාරික ස්ථානයන්හි වැඩකරන සියලුම දෙනාම පාහේ තම තමන්ගේ සුබ දිශාවන්වලට මුහුණලා සිටින ආකාරය මම අත්දැකීමෙන් සහ ඔවුන් සමඟ කරන කතාබහ තුළින් දන්නවා.

ඊට අමතරව මෙන්න මේ පහතින් දැක්වෙන ෆෙංෂුයි උපදෙසුත් පිළිපදින්න.

1. ඔබේ පුටුව පිටුපසින් ජනේලයක් හෝ දොරක් නොතිබිය යුතුයි. හිස් ශක්තිමත් බිත්තියකට ඔබේ පිට යොමුවීම ඉතා ශුභයි.

2. නිවෙසේ හෝ රැකියා ස්ථානයේ උතුරු දිශාවේ පළිඟු තිරිවානා ගල් ආදිය තබන්න එපා. උතුරට අයත් වෙන්නේ ජලයේ චී ශක්තියයි. පළිඟුවලට අයත්වන්නේ පොළොවේ චී ශක්තියයි. උතුරු දිශාවේ ජලයේ චී ශක්තිය විනාශ කිරීමට පොළොවේ චී ශක්තියට හැකියාව තිබෙන නිසා පොළොවේ චී ශක්තිය සංකේතවත් කරන පළිඟු, ගල්, මැටි, සෙරමික් භාණ්ඩ ආදිය උතුරු දිශාවේ තබන්න එපා.

3. උතුරු දිශාවේ පැළ අඩුවීමත් සුදුසුයි. මල් පැළ ආදිය උතුරෙන් තබන්න එපා. ඉවත් කරන්න. (නමුත් ඔබේ නිවෙසේ නාන කාමරයක් තිබෙනවා නම් නාන කාමරය ඇතුළේ පැළයක් තැබිය යුතුයි.)

4. උතුරු දිශාවේ මාළු ටැංකියක් හෝ උතුරු දිශාවේ ගෙවත්තේ පොකුණක් හදන්න. ඒවාට ගප්පි හෝ ගෝල්ඩ් ෆිෂ් වැනි සුරතල් මාළුන් දමන්න. වතුර පිරිසුදුවට තිබිය යුතුය. මාළුන් සතුªටෙන් සිටියොත් ඔබට වාසනාව වැඩියෙන් ලැබේ. ඒ නිසා දිනකට තුන්වරක් පමණ මාළුන්ට කෑම දාන්න.

ජලය පල්වී දුගඳක් හමනවා නම් එය මාළුන්ට අහිතකර හෙයින් මාළුන් මැරී යනු ඇත. මාළුන් මැරී යාම ඉතා අශුභයි. රැකියාවට අවාසනාවකි. එම නිසා පිරිසිදු මාළු ටැංකියක් පවත්වාගෙන යාමට සැලකිලිමත් වෙන්න.

2019/05/08 තරුණි බලන්න