ලග්න පලාපල

අගෝස්තු 28, 2019

සිත් නොහොඳකමක් මඟහැරේ

මේෂ

පවුලේ සතුට සමාදානය වෙනුවෙන් පියවර කීපයක් විශේෂයෙන් ගනු ලබයි. එමෙන්ම පවුලේ වගකීම් තමා මත පැටවෙන කාලයකි. වැඩිහිටියකු සම්බන්ධව වෙනදාට වඩා සැලකිලිමත්විය යුතු කාලයකි. අඹුසැමි සිත් නොහොඳකමක් මඟහැරී යයි. වාහන හුවමාරුවක් වෙනුවෙන් උනන්දු වෙයි.

විශ්වාසය බිඳ වැටීමක්

වෘෂභ

අලුත් ඥාති මිත්‍රාදීන් හැඳුනාගැනීමට කටයුතු සැලසේ. රැකියා කටයුතුවල පැවැති බාධාකාරී තත්ත්ව මඟහැරී යයි. විවාහ පොරොන්දුවකට බාධා ගෙනදෙයි. විදෙස්ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. පවුලේ කෙනකුගේ අසනීපයක් දුරදිග යන කාලයකි. සති අන්තයේ දී විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිවන අන්දමේ කරුණු කීපයක් යෙදේ.

ලැබීම්වලට බාධා ගෙනදෙයි

මිථුන

ලැබීම්වලට බාධා ගෙනදෙන අන්දමේ කරුණු කීපයක් ඇතිකරන සතියකි. පවුලේ කෙනකු වෙනුවෙන් අමතර මුදල් වැය කිරීමටද සිදුවේ. හදිසි ගමනකට සහභාගී වීමට අවස්ථාව උදාකරයි. තමාට වැඩි වගකීම් දැරීමට සිදුවේ. දේපල ගනුදෙනුවක් විසඳා ගැනීමට වැඩිහිටි සහය පතයි. උස් ස්ථානවලට සම්බන්ධ කටයුතුවලින් වැළකී සිටීම යහපත් කරයි. එමෙන්ම තම කීර්තිනාමයට හානිවන අන්දමේ කරුණු කීපයක් සැලසෙනු ඇත.

වාහන ගමන් බිමන් සැලකිල්ලෙන්

කටක

ලැබීම් අතින් යහපත් සතියකි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධවීමට ඉඩ ඇත. පවුලේ අය සමඟ දුර ගමනකට කටයුතු සූදානම්වන ලකුණු පෙන්නුම් කරයි. තමා ළඟින් ඇසුරු කරන අයකු සමඟ සිත් කලකිරීම් හට ගනී. තනතුරු මාරුවක් හේතුවෙන් සිත් නොසන්සුන්තාවයක් හටගනී. වාහන ගමන් බිමන්වලින් ඔබ සැලකිලිමත් වන්න. උරුම හිමිකමක් පිළිබඳ ගැටලුවකට නීති පිහිට පැතීමට සිදුවේ.

වාසස්ථාන මාරුවක්

සිංහ

පවුලේ පැවැති කරදර කීපයකින් නිදහස සැලසෙන සතියකි. යුග දිවියේ කටයුතු කීපයක් යහපත් වන අන්දමේ හා ගැටලු විසඳෙන අන්දමේ කරණු කීපයක් යෙදේ. වාසස්ථාන මාරුවක් සිදුවිය හැකි සතියකි. අසල්වැසි ආරවුලක් හෝ ඉඩම් හබයක් දුරදිග යාමට ඉඩ ඇති සතියකි.

තැන්පත් මුදලක් වැයවේ

කන්‍යා

සැලසුම් කීපයකට අතගසමින් සතිය ආරම්භ වේ. මවගේ හෝ මවුපස ඥාතියකුගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. තැන්පත් මුදලක් වැයවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. අසල්වාසීන් සමඟ අවුලකට පැටලීමට ඉඩ ඇත බැවින් දරුවකුගේ ජයක් පිළිබඳ අසන්නට ලැබේ.

2019/08/28 තරුණි බලන්න