ලග්න පලාපල

සැප්තැම්බර් 4, 2019

 

2019-09-02 සිට 2019-09-08 දක්වා

 

උරුම හිමිකම්

මේෂ

විශේෂ සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානම් වන කාලයකි. අමතර ලාභ ගෙනදෙන මාර්ග හිමිවුවත් ඒවාට නොසිතූ ලෙස බාධා ඇති කරයි. පවුලේ කෙනකුගේ කටයුතු හේතුවෙන් විශ්වාසය බිඳවැටීමක් සිදුකරයි. මාපිය උරුම හිමිකම්වලට පැවැති බාධා මඟහැරී යහපත් තත්ත්ව ඇති කරයි. හදිසි මුදල් වැයවන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන අතර ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. විදෙස්ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමිවන ලකුණු ඇති වේ. විවාහ යෝජනාවකට වැඩිහිටි ආශීර්වාදය හිමිවන කාලයකි. තරග විභාගයක් හේතුවෙන් වෙහෙසීම් වැඩිවන කාලයකි.

තැන්පත් ධනය වැයවීමක්

වෘෂභ

මතගැටුම් සමථයට පත්වෙමින් සතිය ආරම්භ වේ. නිතර ගතට සිතට පීඩාකාරී තත්ත්ව උදාකරයි. තැන්පත් ධනය වැයවීමක් සිදුවීමෙන් ගැටලු කීපයක් මතුකරයි. ආගමික සහනපතා දුර පළාතකට යන ලකුණු ඇති වේ. මවුපස ඥාතියකුගෙන් උපකාරයක් සැලසිය හැකි බවක් පෙනේ. නිතර තමාට වැඩිහිටියකුගේ දෝෂාරෝපණයන් එල්ල වියහැකි අතර, එදිනෙදා කටයුතු පිළිබඳ අවධානයෙන් කටයුතු කිරීම යහපත් වේ. ළඟ ඇසුරුකරන අයකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදුවිය හැකි අන්දමේ කරනු කීපයක් සිදුකරයි.

දේපළ ගනුදෙනුවක්

මිථුන

විශේෂ සැලසුම් වෙනුවෙන් කටයුතු සූදානම්වන කාලයකි. මෙතෙක් පීඩාකාරී ලෙස කරගෙන ආ වැඩපිළිවෙළක් වෙනස්කිරීමට සිදුවන සතියකි. ගේ දොර උත්සව අවස්ථා වෙනුවෙන් වෙහෙසී වැඩ කරයි. පවුලේ වැඩිහිටියකුගේ කටයුතු හේතුවෙන් මානසික අසහනකාරී බවක් ඇති කරයි. යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි. හදිසියේ සිදුවන දේපළ ගනුදෙනුවකින් වාසි කීපයක් සැලසේ. එසේම නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ කල්පනාකාරීව කටයුතු කරන්න. යටපත් වූ සෙම් අමාරුවක් මතුවීමෙන් පීඩාකාරී බවක් ඇති කරයි. නිතර වයසට අඩු අය සමඟ ඇසුරට අවස්ථාව ලැබේ.

ඥාතීන් අතර සුහදතාව

කටක

ගතට, සිතට පීඩාකාරී ලෙස කටයුතු සිදුවෙමින් සතිය ආරම්භ වේ. මෙතෙක් කරගෙන ආ වැඩ වෙනස් කිරීමට සිදුවන ලකුණු පෙන්නුම් කරයි. එමෙන්ම තමා අමනාප වූ කෙනකුගෙන් තමාට උපකාරයක් හිමිවිය හැකිය. ලේ විසවීමක් වැනි දෝෂකාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇත. එම නිසා එදිනෙදා කටයුතු කල්පනාකාරීව කරන්න. තම සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි. විදෙස් ඥාතියකුගෙන් උපකාරයක් සැලසීමට ඉඩ ඇති අතර ඥාතීන් අතර ඇති සුහදතාවය වැඩිවීමට හේතු සැලසෙනු ඇත. සති අන්තයේ යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් පීඩා විඳින බවක් පෙනේ.

විශ්වාසය බිඳ වැටීමක්

සිංහ

අවිවේකී බව මඟහැරී යමින් සතිය ආරම්භ වේ. පවුලේ දියුණුව වෙනුවෙන් පියවර කීපයක් ගැනීමට කටයුතු සැලසේ. මෙතෙක් පීඩා ගෙනදෙමින් පැවැති නීති ගැටලුවකින් නිදහස්වීමට අවස්ථාව උදා කරයි. ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි. දුරගමන් යෙදෙන කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතුවලින් ආරාධනා ලැබෙන කාලයකි. පවුලේ කෙනකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුවන අන්දමේ කරුණු කීපයක් සැලසේ. දරුලාභ හිමිකම් ඇති අය වෙනදාට වඩා කල්පනාකාරී වන්න. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසී වැඩ කරයි.

 

2019/09/04 තරුණි බලන්න

 

උපදෙස් 
ප්‍රවීණ                           
ඡ්‍යෝතිර්වේදිනී 

 

චින්තා වික්‍රමසිංහ