ලග්න පලාපල

සැප්තැම්බර් 11, 2019

විවාහ ස්ථිරවීම්

මේෂ

 

පවුලේ වගකීම් වැඩිවන කාලයකි. නොසිතූ ලෙස හදිසි මුදලක් වැයවන බවක් පෙනේ. මානසික සිත් තැවුල් ගෙනදෙන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. විවාහ ගිවිසුමක් සාර්ථකවීමට ඉඩ ඇත. ආගමික කටයුතු සඳහා දුර පළාතකට යාමට සිදුවේ. පවුලට අලුත් සාමාජිකයෙක් සම්බන්ධ වීමට ඉඩ ඇති කාලයකි. සති අන්තය වනවිට තමා ළඟින් ඇසුරු කළ කෙනකු හා මතභේදකාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇත. නීති පිහිට පැතීමට සිදුවන බවක් පෙනේ.

 

වැයපස අධික වේ

වෘෂභ

 

පවුලේ කටයුතු කීපයක වෙනස්කම් කීපයක් දැකිය හැකි සතියකි. වරින්වර මානසික පීඩා ගෙනදෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. රැකියාවේ ස්ථාන මාරුවක් හෝ තනතුරු මාරුවකට හිමිකම් ඇති කරයි. නිතර තමා හමුවට එන කෙනෙකුගෙන් කරදර ඇති විය හැක.

අතමිට මුදල් ගැවසෙන වැයපස අධික වන කාලයකි.

තමාගේ තනි තීරණ හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවේ. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගීවීමට අවස්ථාව උදාවේ.

 

ශුභ ආරංචියක්

මිථුන

 

මෙතෙක් කරගෙන ආ වැඩ පිළිවෙළක් වෙනස්කිරීමට සිදුවන කාලයකි. එසේම හදිසි ආදායම් මාර්ග කීපයකට මඟ සෑදේ.

පැවැති අසනීප තත්ත්වයක් මඟහැරී යන බවක් පෙනේ. එසේම දරුවකු සම්බන්ධව ශුභදායක කරුණක් අසන්නට ලැබේ.

පියපස ඥාතියකුගේ වගකීමක් දැරීමට සිදුවන කාලයකි. පෙර පැවැති රැකියාවේ ගැටලුකාරී තත්ත්වයක් මඟහැරී යයි. සති අන්තයේ මුදල් අඟහිඟතා ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳ කල්පනාකාරී වන්න.

 

 

මතභේදකාරී තත්ත්වයක්

කටක

 

පවුලේ මෙතෙක් පැවැති ගැටලු කීපයක් මඟහැරි යයි. සතිය මැද කාලයේ නිකරුනේ කරන වියදම් වැඩිවන ලකුණු ඇත. දරුවකුගේ අසනීප තත්ත්වයක් පිළිබඳ අසන්නට ලැබේ. අන්සතු වස්තු ලාභයක් පිළිබඳ වෙහෙසී වැඩ කිරීමට සිදුවේ. හිතවතකු සමඟ කරනු ලබන ගනුදෙනුවක් හේතුවෙන් මතභේදකාරී බවක් ඇති කරයි. දුර ගමන්වලට කල්පනාකාරීවීම යහපත් වේ. නොසිතූ ලෙස හට ගන්නා අඹුසැමි මතභේදයක් දුරදිගයන ලකුණු පෙනේ. ගේ දොර අලුත්වැඩියාවට හා වෙනසක් කිරීමට කටයුතු සැලසේ.

 

රැකියාවේ වෙනසක්

සිංහ

 

හදිසි තීරණයක් හේතුවෙන් කටයුතු වෙනස් කිරීමට සිදුවේ. දුර වෙසෙන කෙනකුගේ හමුවක් සිදුවීමට ඉඩ ඇත. සතිය මැද කාලය වනවිට විවාහ ගිවිස ගැනීමක් කල් දැමීමට සිදුවන බවක් පෙනේ. එමෙන්ම ප්‍රභූ ඇසුරකට කටයුතු සැලසෙන කාලයකි. රැකියාවේ විශේෂ වෙනස්කම් කීපයක් සිදු කරයි. ව්‍යාපාර කටයුතු කරන අයට විශේෂ සහන ලැබෙන සතියකි. ණය ගනුදෙනුවකින් නිදහස්වීමට කටයුතු සැලසේ. පවුලේ ආගමික කටයුත්තකට අවස්ථාව සැලසෙන කාලයකි.

2019/09/11 තරුණි බලන්න