රැකියාවට අධ්‍යාපනයට යහපත උදාකරන සිකුරු මාරුවක්

සැප්තැම්බර් 18, 2019

ග්‍රහ තාරුකා අතර දීප්තිමත්ම අලංකාරතම ග්‍රහයා සිකුරු ග්‍රහයා වේ. ස්ත්‍රියක ලෙසින් හඳුන්වනු ලබන සිකුරු ග්‍රහයා සියලු ශූභ ඵල දීමට සමත් වේ. ජ්‍යෝතිෂයේ ඇය ශුක්‍ර - කිවි යන නම්වලින් ද හඳුන්වයි. සඳු ග්‍රහයා මෙන්ම සිකුරු ග්‍රහයාගේ ද කාන්තිය අඩුවැඩි වීමක් තිබේ. ඇය ආලය, ආදරය, පී‍්‍රතිය, ගේදොර කටයුතු, ගායන, වාදන, රංගන ආදියට බලය දේ. දෙවියන් අතර ඇය අසුර ගුරු නමින් හඳුන්වයි. දෙවියන්ගේ සුරගුරු ලෙස හඳුන්වන බ්‍රහස්පතිගේ දරුවකු ලෙස සිකුරු බ්‍රහස්පතිට සමාන සෞම්‍ය ග්‍රහයකු වෙයි. ඇය ග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහයන් සමඟ සංයෝග වූ පසුව ඇතිවන ශුභ අශුභයන් වෙන් වෙන් වශයෙන් පවතී. 2019 සැප්. 10 වන දින උදේ 1.40 ට සිකුරු ග්‍රහයා බුධගේ රාශියට ගමන් කර මාසයක පමණ කාලයක් පවතී. එය රාශි චක්‍රයේ 6 වැන්න වූ කන්‍යා රාශියටයි. මින් රාශි කීපයකට ශුභඵල අත්වේ. බුධ, සිකුරු සංයෝගය කලාවට හා රැකියාවට අධ්‍යාපනයේ බොහෝ යහපත් උදාකරන සංයෝගයකි.

 

උපදෙස්

ප්‍රවීණ ඡ්‍යෝතිර්වේදිනී

චින්තා වික්‍රමසිංහ

මේෂ

මංගල යෝග සාර්ථක වන විවාහ ජීවිතයේ පී‍්‍රතිය ලබාදෙන කාලයකි.

ධනයෝග ලොතරැයි වාසනා හා රැකියා උසස්වීම්, ඔබගේ ලග්නයට උදාවේ. වාහන මිලදී ගැනීමට ශුභ කාලයකි. ධනය ඉතිරි වන යහපත් කාලයකි.

 

වෘෂභ

ඔබගේ ලග්නාධිපති සිකුරුගේ මාරුව ඔබට බොහෝ වැදගත් වන අතර හදිසි අනතුරු ඇතිවිය හැකි බැවින් පරෙස්සම් විය යුතු වේ. එසේම හවුල් ව්‍යාපාරවලින් දියුණුව ලැබේ.

අලුත් රැකියා විදෙස් රැකියා හා මංගල යෝග ඇති නමුත් ශරීරයේ ආමාශගත රෝග ඇතිවීමට ද ඉඩ ඇත.

ධනලාභ ඇති කරයි. පී‍්‍රතිය රජයන කාලයකි. ව්‍යාපාර කටයුතු කරන ඔබ සැලකිලිමත් වන්න.

 

මිථුන

ඔබට හදිසි අනතුරු හා ධන හානි ඇතිවිය හැකි කාලයකි.

මුදල් අතේ නොරැඳෙන කාල සීමාවකි. තරමක් ලෙඩ රෝග ඇති කරයි. මූල්‍යමය අතින් ආර්ථික ගැටලු හා පවුලේ ගැටලු ඇති වේ.

ගෙවල් අලංකාරයට යහපත්.

 

කටක

ඔබට සෙම් රෝග වැඩිකරමින් අසනීප තත්ත්ව ඇති විය හැකි අතර ආදායම යම් ප්‍රමාණයක ඉහළ යාමක් පෙන්වයි. පොදු සේවා කටයුතු සමාජ සේවා කටයුතුවලින් ඔබට ගෞරවය හිමිවේ. දරුපල අපේක්ෂිත ඔබට ශුභ පල ඇති කරයි.

සිංහ

මේ කාලසීමාවේ ඔබට ගෞරවය කීර්තිය ලැබේවි. සැමගේම ආශීර්වාදය ලැබෙන කාලයකි. ව්‍යාපාර කරන ඔබට ආදායම ඉහළ යයි. සෞඛ්‍යය තත්ත්වය යහපත් වේ. ආගමට නැඹුරුවන අධ්‍යාපනයට යහපත් රැකියා උසස්වීම් ලබන කාලයකි.

කන්‍යා

අලුත් නිවාස ඉදිකිරීමට හා අලුත් දෙයක් මිලදී ගැනීමේ මානසික ආතතියෙන් සිටින ඔබට යහපත් වන කාලයකි. අතේ මුදල් ඉතුරුවන අලුත් මිතුරන් හමුවන කීර්තිය ප්‍රසංශා සමාජ පිළිගැනීම ඔබට ලැබේ. සෞඛ්‍යය යහපත් වේ. රාජ්‍ය රැකියා හිමි ඔබට ඉතා ශුභ වේ. නමුත් රිය ධාවනය කරන ඔබ තරමක් පරෙස්සම් වන්න. විදෙස්ගත ඔබට ද රිය අනතුරු බොහෝ ඇත. කල්පනාකාරීවීම යහපත් වේ.

තුලා

අධ්‍යාපනයට ශුභ වන අතර රැකියාව සම්බන්ධව උසස් තත්ත්ව ඇති කරන යහපත් ශුභඵල ලබන කාලයකි. ආගම දහමට නැඹුරුවන කාලයක් නමුත් සතුරු කරදර හා රෝග පීඩාවන් ද ඇති විය හැකි කාලයකි. රැකියා උසස්වීම් හා විවාහ ජීවිතය පිළිබඳ ශුභ වන අතර ආදායම් ද යහපත් වේ. මුදල් ලැබීම අතින් නොසිතූ ලෙස මුදල් හිමිවන කාලයකි.

වෘශ්චික

ඔබට මිශ්‍ර පල ලැබෙන කාල සීමාවකි. අසනීපවලින් සුවය ලබන අතර ගෘහ ජීවිතයේ වියදම් පාර්ශ්වය තරමක් ඉහළ යයි. එදිනෙදා කටයුතුවල තරමක් ආවේගශීලී තත්ත්ව ඇතිවිය හැකි අතර අසල්වාසීන් සමඟ ගැටුම් ඇතිවිය හැකියි.

ආරක්ෂිත සේවාවල රැකියා සේවාවල නියුතු ඔබට වඩාත් ශුභදායීයි. විවාහ අපේක්ෂිත ඔබට යහපත් අධ්‍යාපනයකට යහපත් වේ. නමුත් මුත්‍රා අමාරු, සෙම්රෝග ඇතිවිය හැකි කාලයක් කල්පනාකාරීව කටයුතු කරන්න.

2019/09/18 තරුණි බලන්න