ලග්න පලාපල

ඔක්තෝබර් 2, 2019

ගුප්ත කටයුතුවලින් පිහිට

මේෂ

ලැබීම් අතින් යහපත් කාලයකි. වියදම් අධික වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. නීති ගැටලුවකට මැදි වීමට ඉඩ ඇත. තමා ළඟින් ඇසුරු කරන කෙනකුගේ දුරස්වීමක් සිදුවිය හැක. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි. පවුලට අලුත් ඥාති හිතමිතුරන් ඇතිවන බවක් පෙනේ. රැකියාවේ කටයුතුවල විවිධ දෝෂාරෝපණ එල්ලවිය හැකියි. අතරමඟ නවතා තිබූ ව්‍යාපාර කටයුත්තක් නැවත ඇරැඹීමට මඟ සැලසේ.

අතමිට මුදල් ගැවසේ

වෘෂභ

යම් යම් බාධා මධ්‍යයේ සතිය ආරම්භ වේ. අනපේක්ෂිතව ඇතිවන විවිධ සිදුවීම් හේතුවෙන් මුදල් වියදම් වැඩිවන තත්ත්වයක් උදාකරයි. තම ශරීර සෞඛ්‍යය පිළිබඳ කල්පනාකාරී වීම යහපත් වේ. තම උත්සාහය මත සාර්ථකත්වය ළගාකරගත හැකි කාලයකි. පවුලේ සමගියට බාධා ඇතිවිය හැකි කාලයක් බැවින් වෙනදාට වඩා ඉවසීමෙන් කල්පනාකාරීව කටයුතු කරන්න. අතමිට මුදල් ගැවසෙන කාලයකි.

වාහන ගනුදෙනුවක්

මිථුන

මිශ්‍රඵල උදාකරමින් සතිය ආරම්භ වේ. වෘත්තීය හා රැකී රක්ෂා කරගෙන යාමේ දී බොරු චෝදනාවකට හසුවිය හැකි කාලයකි. ස්ථාන හෝ සුළු සුළු වෙනස්කම් ඇති කරයි. අලුත් ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීමට අවස්ථාව සැලසේ. පවුලේ ඇතිව තිබූ මත ගැටුම් තත්ත්වයක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති වාහන ගනුදෙනුවකින් පවුලේ දෝෂාරෝපණ අසන අන්දමේ කටයුතු කීපයක් කරයි. ලොතරැයි හා හදිසි ජයග්‍රහණ හිමි සතියකි.

රැකියාවේ වෙනසක්

කටක

වගකීම් බහුල වෙමින් සතිය ආරම්භ වේ. අලුත් හිතවතකුගේ ආශ්‍රයට මඟ සැලසෙන සතියකි. යම් යම් බාධා මධ්‍යයේ කරගෙන ආ කටයුතු කීපයක දියුණුවක් ලබන සතියකි. ආර්ථික වශයෙන් යහපත් බවක් පෙනේ. අන්‍යන්ගේ සහයෝගය හා උපදෙස් ලැබෙන සතියකි. අධ්‍යාපන අංශයේ යෙදෙන්නන්ට වගකීම් බහුල වේ. යටපත් වූ අසනීප තත්ත්වයක් සති මැද කාලයේ නැවත මතුකරයි. මිල මුදල් අත ගැවසෙන කාලයකි. විසිතුරු දෑ මිලදී ගැනීමට සිත පෙලඹේ. රැකියාවේ දියුණුවක් මෙන්ම වෙනසක් ද දැකිය හැකි සතියකි.

හදිසි පාඩුවක්

සිංහ

ගේ දොර කටයුතුවල වෙනස්වීම් කීපයක් සිදුවන කාලයකි. පවුලේ කටයුතු සම්බන්ධව වෙනදාට වඩා කැපවී වැඩකිරීමට සිදුවේ. දරුවකුගේ නොසන්සුන්තාවයක් හේතුවෙන් පාඩු ඇති වේ. අලුත් හිත මිතුරන්ගේ ඇසුරට අවස්ථාව සැලසේ. අලුත් දේපල මිලදී ගැනීමක් සම්බන්ධ බලාපොරොත්තුවකට ගැටලුකාරී බවක් ඇති කරයි. වියදම් පක්ෂය අධිකවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. මවගේ හෝ මවුපස ඥාතියකුගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. සති අන්තයේ දී හදිසි පාඩුවකට මුහුණ දීමට සිදු වේ.

අනපේක්ෂිත වියදම්

කන්‍යා

වැඩ කටයුතු අධික වෙමින් සතිය ආරම්භ වේ. රැකීරක්ෂා කරගෙන යාමේදී කිසියම් වැඩකට නැති දෙයක් හේතුවෙන් දෝෂාරෝපණ අසන්නට ලැබේ. ගේ දොර කටයුතුවලදී සතුට, විනෝදය, සැනසීම තරමක් දුරට අඩුවන කාලයකි. වචන වැරැදීම් නිසා සිත්තැවුල් ඇති කරයි. අන්‍යන්ගේ දෝෂාරෝපණයට ලක්වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. අනපේක්ෂිතව හටගන්නා සිදුවීමක් නිසා වියදම් පක්ෂය ඉහළ යයි. අතමිට මුදල් ගැවසෙන කාලයකි.

විවිධ ආදායම්

තුලා

ගැටලු මඟහැරී යමින් සතිය ආරම්භ වේ. සහෝදර සහෝදරියන් තමා සොයා එන කාලයකි. විදෙස් ලැබීමක් සම්බන්ධ බලාපොරොත්තු ඉටු කරයි. විදෙස්ගතවීමක් සම්බන්ධ යටපත් වෙමින් පවතින බලාපොරොත්තුවක් ඉටුවීමට ඉඩ ඇත. අන්‍යන්ගේ සහයෝගය, උපකාරය ලැබීමෙන් කටයුතු කීපයක් සාර්ථක කරගැනීමට හැකිවේ. මිල මුදල් අත ගැවසෙන කාලයකි. රැකියා කටයුතුවලින් යම් තරමක් සහනය බලාපොරොත්තු විය හැකි බවක් පෙනේ. උසස් අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට යහපත් වේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීමෙන් ආදායම් මාර්ග සොයාගනී.

අධික වියදම්

වෘශ්චික

අතරමඟ නවතා තිබූ කටයුතු කීපයක් ඇරැඹීමට හැකි සතියකි. මෙතෙක් අභියෝගාත්මකව පැවැති පවුලේ කටයුතු කීපයක් සාර්ථක ලෙස විසඳා ගැනීමට මඟ සැලසේ. මිල මුදල් ලැබීම් අතින් ශුභ වුවත් වියදම් පක්ෂය වැඩිවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. තම දරුවන්ගේ කටයුතු කෙරෙහි සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. සමිති සමාගම්වල නියුතු අයට දෝෂාරෝපණවලට මුහුණ පෑමට සිදුවේ.

විශේෂ ජයග්‍රහණ

ධනු

සාමාන්‍ය ලෙස කටයුතු ආරම්භ වේ. රැකියාවේ කටයුතුවලින් නොසිතූ ලෙස ලාභ ප්‍රයෝජන කීපයක් අත්කර ගැනීමට මඟ සැලසේ. එමෙන්ම මුදල් පරිහරණය කිරීමේදී කල්පනාකාරී වීම යහපත් වේ. පවුලේ කටයුතු වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කිරීමට අවස්ථාව සැලසේ. අධ්‍යාපන අංශයේ යෙදී සිටින අයට විශේෂ ජයග්‍රහණ හිමි කරයි. පදිංචි ස්ථානයේ සුළු සුළු වෙනස්කම් ඇතිවිය හැකි කාලයකි. ශරීර සෞඛ්‍යය කෙරෙහි සැලකිලිමත්වීම යහපත් කරයි.

ගේ දොර වෙනසක්

මකර

අවිවේකී බව මඟහැරී යමින් සතිය ආරම්භ වේ. මෙතෙක් පසුතැවිලි වෙමින් පැවැති කටයුතු කීපයක් සාර්ථක නිමාවක් දැකිය හැකි කාලයකි. ගේ දොර කටයුතු සම්බන්ධ මෙතෙක් නැතිව තිබූ සතුට විනෝදය වැඩිවන අන්දමේ කටයුතු කීපයක් සැලසේ. විවිධ බාධා ගෙනදෙමින් පැවැති වාහන ගනුදෙනුවක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ. අමතර මුදල් හිමිකම්වලින් ආදායම් සැලසේ. ගේ දොර කෙරෙහි වෙනස්කම් කීපයක් සිදුකරයි.

තැන්පත් ධනය වැය වේ

කුම්භ

තරමක් අවිවේකී සතියකි. යොදාගත් සැලසුම් කීපයක් ප්‍රමාදතා ඇති කරයි. නිතර මනසට පීඩාකාරී සිතුවිලි ඇතිකරන බවක් පෙනේ. හිතුවක්කාර හා පවුලේ අයගේ උපකාර ඇතිව කටයුතු කීපයක් සාර්ථක කරගැනීමට හැකිවෙයි. මිල මුදල් කටයුතු කෙරෙහි සැලකිලිමත් විය යුතු සතියකි. පවුලේ කෙනකුගේ අසනීපකාරී තත්ත්වයක් දුරදිග යන ලකුණු පෙනේ. විවේකය අඩුවන කාලයක් බැවින් සහෝදරයකුගෙන් උපකාර පැතීමට සිදුවේ. තැන්පත් ධනය වැයවන අන්දමේ කටයුත්තක් සිදුවීමට ඉඩ ඇති කාලයකි.

ක්ෂණික ගමන්

මීන

සාමාන්‍ය පරිදි සතිය උදාකරයි. ලාභ ප්‍රයෝජන කීපයක් හිමිකරන කාලයකි. නොසිතූ ලෙස සිදුවන වචන වැරැදීම් හේතුවෙන් සිත්තැවුල් ඇති කරයි. රැකියා ස්ථාන සම්බන්ධ සිත් කලකිරීමක් හට ගැනීමට ඉඩ ඇත. ක්ෂණික ගමන් කීපයක් යෙදෙන කාලයකි. දරුවකුගේ කටයුතු හේතුවෙන් අවිවේකී බවක් ඇති කරයි. පවුලේ සමගියට බාධා එල්ලවිය හැකි අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කරන්න. විදෙස්ගත හිතවතකුගෙන් උපකාරයක් හිමිකරයි.

 

උපදෙස්

ප්‍රවීණ ඡ්‍යෝතිර්වේදිනී

චින්තා වික්‍රමසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.