ලග්න පලාපල

ඔක්තෝබර් 9, 2019

තනතුරු මාරුවට බාධා

මේෂ

ඔබට මිශ්‍රඵල ලැබෙන සතියකි. අලුත් නිවාස ලාභ ඇති කරන කාලයකි. තම දූ දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් යෙදවීමට සිදුවේ. සතිය මැද දී දුර ගමනකට ඇරැයුම් ලබයි. වැඩිහිටි කෙනකුගේ අසනීප තත්ත්වයක් උත්සන්න වන සතියකි. පතල් කර්මාන්තයේ යෙදෙන අයට යහපත් කාලයකි. මුදල් ගනුදෙනු පිළිබඳ කටයුතුවලදී කල්පනාකාරී වන්න. රැකියාව තුළ තනතුරු මාරු ඇතත් එයට බාධා ඇතිවිය හැකියි.

මංගල යෝග

වෘෂභ

යහපත් සතියකි. රැකී රක්ෂා කටයුතු සම්බන්ධව නව තීන්දු තීරණ ගනී. උසස් ශාස්ත්‍රීය කටයුතුවල යෙදෙමින් නිතර කාලය ගතකරයි. පිට පළාත්වල වාසයට අවස්ථාව උදා වේ. ඥාතියකුගේ උපකාර හිමිවේ. ගේ දොර ඉඩකඩම් පිළිබඳ සොයා බලන අතර ඒ පිළිබඳ ව්‍යාපාර කරන අයට යහපත් වේ. අවිවාහක හා විවාහ ප්‍රමාද අයට මංගල යෝග ඇති කරයි.

 

ඉඩ කඩම් විකිණීමේ බාධා ඉවතට

මිථුන

ශුභ දායක සතියකි. විශේෂ හිතවතුන්ගෙන් උපකාර හිමි වේ. පුරාවිද්‍යා කටයුතුවලට සම්බන්ධව වැඩ කරන අයට තම උත්සාහයෙන් ශුභදායක දියුණුවක් ලබයි. නව නිවාස හා නිවෙසේ අලුත්වැඩියා කටයුතු සඳහා වෙහෙසී වැඩ කරයි. විකුණා ගැනීමට දුෂ්කර වූ ඉඩමක් පිළිබඳ ගැටලුවක් නිරාකරණය කරගැනීමට හැකියාව ලැබේ. තම පේ‍්‍රම සබඳතා වෙනුවෙන් මවුපිය විරෝධය හිමි වේ. මවුපියන්ගේ ගමන් බිමන් සඳහා ඔබට ද සහභාගී වීමට සිදු වේ.

උෂ්ණ රෝග

කටක

පී‍්‍රතිමත් අයුරින් සතිය ආරම්භ වේ. ගමන් බිමන් සඳහා ඇරැයුම් ලබයි. හිතවතුන්ගෙන් නිතර ආරාධනා ලැබෙන සතියකි. තම කුඩා දරුවන් පිළිබඳ කල්පනාකාරී වන්න. තම නිවෙසට යන එන අය පිළිබඳ නිතර සෙවිල්ලෙන් සිටීම යහපත් වේ. විවාහ ප්‍රමාද වූ අයට නව යෝජනා ඇති කරයි. උෂ්ණ රෝග නිතර ඇති කරන අතර එම තත්ත්වය උත්සන්න වී වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට පවා අවස්ථාව උදාවනු ඇත. එම නිසා ආහාර පානවලින් කල්පනාකාරී වන්න.

හිතවත් අයගෙන් කරදර

සිංහ

වියදම තරමක් වැඩිවන අන්දමේ කරුණු ඇති වන සතියකි. තමන්ගේ ඉක්මන් තීරණ හේතුවෙන් පසුතැවීම් ඇතිවිය හැකියි. අන් අයගේ අදහස්වලට ඇහුම්කන්දීම යහපත් වේ. සති මැද කාලයේ දී දුර ගමනක් හේතුවෙන් හිතට සහනය හිමි වේ. විවාහක ඔබට යහපත් ය. තමාට හිතවත් අයගෙන් කරදර ඇතිවිය හැකිය. හදිසි අනතුරු හා සතුන්ගෙන් පීඩා ඇතිවිය හැකි සතියකි.

හදිසි ලාභ

කන්‍යා

ලැබීම් අතින් යහපත් සතියකි. විදෙස්ගත හිතවතකුගෙන් හදිසි ලාභයක් හිමිවන කාලයකි. දරුවන් නිසා ලාභ ප්‍රයෝජන අත්වන කාලයකි. නිතර වැඩ වැඩි කරයි.

ඇවිදිලි ඇති කරයි. අධ්‍යාපන කටයුතුවල යෙදෙන අයට ශුභඵල සතියකි. නීතිය සම්බන්ධ කටයුතු නිසා තමාට පීඩා ගෙනදෙන කාලයකි. තම රැකියා කටයුතු නිසා සති මැද කාලයේ දී වෙහෙසීම් ඇති කරයි. පවුලේ කෙනකුට තරමක් අපල තත්ත්ව ඇති කරන කාලයකි.

රැකියාවේ සතුටුදායක තත්ත්වයක්

තුලා

රැකියා සම්බන්ධව සතුටුදායක තත්ත්වයක් උදාවන සතියකි. අධිකව සිතන අතර රෝගී තත්ත්ව ඇතිවීමට ද එය හේතුවනු ඇත. සතිය මැද කාලයේ තම පෞද්ගලික කටයුතු සඳහා වැඩි කාලයක් වැය කරයි. අන් අයගේ කේලාම් ඕපදූප ඇසීමට යාමෙන් තමාට ප්‍රශ්න ඇතිවිය හැකි අතර නොසලකා සිටීම යහපත් වේ. දුර දිග සිතාබලා තීන්දු ගැනීම හා මුදල් සම්බන්ධ කටයුතු කිරීමෙන් යහපත් වනු ඇත. වාත රෝග වැඩිවන සතියකි.

උපදෙස්

ප්‍රවීණ ඡ්‍යෝතිර්වේදිනී

චින්තා වික්‍රමසිංහ