ලග්න පලාපල

ඔක්තෝබර් 23, 2019

 

හදිසි මුදල් ගනුදෙනුවකින් වාසි

මේෂ

තරමක් අවිවේකී ලෙස සතිය ආරම්භ වේ. පවුලේ අය සමඟ විශේෂ ගමනකට මඟ සැලසෙන කාලයකි. මවුපියන් උරුම හිමිකම් වෙනුවෙන් වෙහෙසවීම් වැඩිකරන කාලයකි. දරුවකුගේ ජයක් පිළිබඳ අසන්නට ලැබේ. නිතර තැන තැන ඇවිදිලි වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. රැකියා කටයුතු සම්බන්ධ සතුටුවිය හැකි කාලයකි. හදිසියේ සිදුවන මුදල් ගනුදෙනුවකින් වාසි අත්වේ. නිතර ආගමික අංශයට යොමුවන කාලයකි. දරුලාභ හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ උනන්දුවීම යහපත් වේ.

 

විදෙස් ඥාතියකුගේ උපකාර

වෘෂභ

උදාසීන ගති පැවතුම් ඇති කරමින් සතිය උදාවේ. අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට අවස්ථාව උදාවන සතියකි. එදිනෙදා කටයුතුවලට අවහිරතා මතුකරන අතර මෙතෙක් පැවැති සිතේ සැහැල්ලු ඉව අඩුවී යයි. නමුත් රැකියා කටයුතුවලට සම්බන්ධව පැවැති බාධාකාරී බව මඟහැරී යයි. තමා ළඟිනන් ඇසුරුකරන අයකු නිසා සිත් කලකිරීමක් හටගනී. ආගමික කටයුතු වෙනුවෙන් නිතර ශ්‍රමයත්, කාලයත් වැයකරන සතියකි. එමෙන්ම ගුප්ත කටයුතුවලින්ද පිහිට පතයි. විදෙස්ගත ඥාතියකුගේ උපකාරයක් හිමිකරයි. සති අන්තයේ දී තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇත.

සිත් කලකිරීමක්

මිථුන

ලැබීම්වලට බාධා ගෙනදෙන කටයුතු සිදුවන අතර සිත් කලකිරීම්වලට හේතු සැලසෙමින් සතිය ආරම්භ වේ. ණය ගනුදෙනුවක් පියවා ගැනීමට කටයුතු සැලසෙන කාලයකි. පවුලේ ගැටලු කීපයක් නිරවුල්කර ගැනීමට වැඩිහිටි සහන පතන කාලයකි. නිතර තමාට දෝෂාරෝපණ එල්ල විය හැකි බවක් පෙනේ. තමාගේ කීර්තියට හා රැකියා ස්ථානයේ ඇතිවන කරුණු කීපයක් හේතුවෙන් සිත් කලකිරීමක් හටගනී. තමාට වැඩි වගකීම් කීපයක් දැරීමට සිදුවන සතියකි. උස් ස්ථාන සම්බන්ධ කටයුතුවලින් වැළකී සිටීම යහපත් වේ.

විශේෂ ගමනක්

කටක

වගකීම් බහුල වෙමින් සතිය ආරම්භ වේ. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකිය. පවුලේ කෙනකු හෝ ළඟම හිතවත් අයකු හා ගනුදෙනුවක් සිදුකර ගැනීමට මඟ සැලසේ. අලුත් ප්‍රේම සබඳතාවලට මුල පුරන කාලයකි. මෙතෙක් පැවැති අසනීපකාරී බවක් මඟහැරී යයි. විදෙස්ගත ඥාතියකුගේ පැමිණීමක් සිදුවේ. පවුලේ අය සමඟ විශේස ගමනකට සහභාගීවීමට අවස්ථාව උදාකරයි. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. විදෙස්ගත වීමේ බලාපොරොත්තුවක් ඉටු වේ.

රැකියාවේ ගැටලුවක්

සිංහ

වෙනදාට වඩා සිත සතුට ඇතිව කටයුතු කරන කාලයකි. මෙතෙක් පැවැති කරදර කීපයකින් නිදහස ලැබේ. යුගදිවියේ ගැටලු කීපයක් සමතයකට පත්වන අන්දමේ කරුණු කීපයක් යෙදේ. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි බවක් පෙනේ. රැකියා ස්ථානය සම්බන්ධව ඇතිවන ගැැටලුකාරී බවක් දුරදිගයාමට ඉඩ ඇත. නිතර අලංකාරය වෙනුවෙන් වෙහෙසී වැඩකරන කාලයකි. මවගේ හෝ මවුපස ඥාතියකුගේ අකෙටි ගමන් බහුල වන අතර අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් වෙහෙසීම් ද ඇති කරයි.

 

 2019/10/23 තරුණි බලන්න..............

  

 

 

 

උපදෙස්

ප්‍රවීණ ඡ්‍යෝතිර්වේදිනී

චින්තා වික්‍රමසිංහ