බුද්ධිමතුන් බිහිකරන ගුරු ග්‍රහ මාරුවක්

නොවැම්බර් 6, 2019

ප්‍රඥාවට අධිපති යුක්තියට ගරු කරන ගුරු ග්‍රහයා වසර එකොළහට පසුව ධනු රාශි ගත වේ. සුරගුරු නමින් ප්‍රසිද්ධ වන්නාවූ ගුරුගේත් ගුරු වන ගුරු ග්‍රහයා නොවැම්බර් මස 5 අලුයම 5:25 සිට 2020 මාර්තු 30 දක්වා එලෙසින් ධනු රාශි ගත වේ.

මෙහිදී මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න හිමියන්ට එම කේන්ද්‍රවල 1,4,7,10 ස්ථානවලට ගුරු බලවත්වීම නිසා ‘ගුරු හංස’ යෝගය යෙදේ. සියලු ජනයා බුද්ධිමත්ව කටයුතු කරන කාලයකි. යහපත, අයහපත හඳුනාගනී. දියුණුව උදාකරයි. යහපත් කර්මාන්තවලට යොමු වෙයි.

මේ වකවානුවේ දී උපත ලබන දරුවන් ඉතාමත් යහපත් බුද්ධිමතුන් වෙයි

 

 නව බලාපොරොත්තු සඵල කරයි

මේෂ

ඔබගේ ගුරු ග්‍රහයා 8 වැන්නෛ් සිට 9 වැන්නට ගමන් කරයි. එය ගුරුට ඉතා යහපත් රාශියකි. ආගමික කටයුතුවලට යහපත් වේ. විශේෂයෙන් ස්ත්‍රී පක්ෂයට අනාගතය පිළිබඳ බලාපොරොත්තු වැඩි දියුණු වේ. සිතිවිලි යහපතට යොමුවීම නිසා ලෙඩ රෝග දුරස් වේ.

 දායාද ලැබීම්

වෘෂභ

ඔබගේ හත් වැන්නේ ගුරු 8 වැන්නට ගමන් කරයි. ඔබට මෙතෙක් තිබූ බාධා මඟ හැරෙන කාලයකි. වැඩිහිටි අයගේ දේපළ ලැබීම්, දායාද ලැබීම් ඇති වේ. විවාහයට යහපත් වේ. විවාහය සිදුවේ. ඉන් දේපල හිමි වේ.

 

 මංගල යෝජනා ස්ථිර වේ

මිථුන

ඔබගේ ගුරු ග්‍රහයා බලවත්ව පැමිණෙන්නේ 7 වැන්නටයි. මංගල යෝජනා ස්ථිර වන කාලයකි. කල්ගිය මංගල යෝග ද සාර්ථක වේ. ඥාතීන් ද තමා ළඟට පැමිණේ. විදෙස්ගත ආධාර ලැබීමට ද හිඟ පාඩු නොමැතිව එදිනෙදා කටයුතු කිරීමට ද හැකියාව පවතී.

 

 සතුරු උවදුරු මැඬලයි

කටක

ඔබගේ පස්වැන්නේ ගුරු 6 වැන්නට ගමන් කරයි. රෝග පීඩාවලින් සුව වන හා කරගෙන ආ කටයුතුවලින් යහපත් වේ. සතුරන් තමා ළඟ දණ නමන කාලයකි. කාලයක් කරගෙන ආ වැඩකටයුතුවල තත්ත්වයක් හිමිවන කාලයකි.

 

ලේඛන කටයුතුවලින් ජය

සිංහ

ඔබගේ 4 වැන්නේ ගුරු 5 වැන්නට ගමන් කරයි. ඔබට විවාහ සබඳතා ප්‍රේම සබඳතා ඇති කරයි. ලාභ අපේක්ෂාවෙන් නොගැළපෙන දේවල්වලට යොමුවන කාලයක් බැවින් කරන කියන දේවල් දුරදිග බලාකිරීමට වගබලා ගතයුතුය. කලා කටයුතු, තාක්ෂණික කටයුතු, ලේඛන කටයුතුවලින් වාසනාව ජය හිමිවන කාලයකි.

 

 රැවටීම්වලට ලක්වේ

කන්‍යා

ඔබගේ 3 වැන්නේ සිටින ගුරු ග්‍රහයා 4 වැන්නට ගමන් කරයි. තරමක් සතුරු කරදර හා වටිනා දේපළක්, වස්තුවක් නැතිවිය හැකි කාලයකි. නීති ප්‍රශ්න ඇතිවිය හැකියි. දරුවන්ගේ අසනීප තත්ත්වයන් ඇතිවිය හැකියි. රැවටීම්වලට ලක්විය හැක. රැකියාවේ සතුරු කරදර නිසා සිතට පී‍්‍රතිය නැති කාලයකි. මවුපියන්ගේ අසනීප කටයුතු යෙදෙන කාලයකි. සිත් රිදවීම් හා කලකිරීම් ඇති වේ. විවාහ යෝග උදාවේ.

 ධනය ලැබේ

තුලා

ඔබගේ දෙවැන්නේ සිටි ගුරු තුන්වැන්නේ වික්‍රමස්ථානයට ගමන් කරයි. මුදල් තත්ත්වය වර්ධනය කරගත හැකි වාසනාව පවතින කාලයකි. මවුපස පක්ෂයෙන් තරමක් බාධා ඇතිවුවත් ඔබට යම් යම් වරප්‍රසාද ලබා ගැනීමට හැකි කාලයකි. නව නිර්මාණවලට විවිධ අංශවලින් යහපත් ප්‍රතිඵල අත්කරගත හැකි කාලයකි. රැකියාවේ ස්ථාන මාරු හා රැකියා සොයන අයට රැකියා හිමිවීම් ඇති කරයි. ගමන් බිමන් බොහෝ යෙදේ. ඥාතීන් අතර නුරුස්සනා ගති යෙදේ. ඉඩම්, වාහන විකිණීමට යහපත් කාලයකි. තැන්පත් ධනය වැය වේ.

 

 

2019/11/06 තරුණි බලන්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.