ලග්න පලාපල

නොවැ. මස 11 වැනි දින සිට නොවැ. 17 දක්වා
නොවැම්බර් 13, 2019

 

දුර ගමනක්

මේෂ

වැයපස තරමක් අධික වේ. තමාගේ ඉක්මන්කම හේතුවෙන් පාඩු ඇතිකර ගනී. අන්‍යන්ගේ අවවාද අනුශාසනාවලට ඇහුම්කන් දීමට උනන්දු වන්න. සතිය මැද යෙදෙන දුර ගමනක් නිසා සිතට සහනය ලැබේ. හදිසි අනතුරු, සතුන්ගෙන් පීඩා ඇතිවිය හැකි කාලයකි. තමා හිතවත් යැයි සිතන පුද්ගලයන්ගෙන් බොහෝ පරෙස්සම් විය යුතුය. නිතර තම ආගම දහමට අනුව කටයුතු කිරීමට උනන්දු වන්න. හදිසියේ ඇතිවන උදරාබාධයක් හේතුවෙන් දින කීපයක් ප්‍රතිකාර ලබයි.

රැකියාවේ වෙහෙසවීම් අධික වේ

වෘෂභ

දරුවන් නිසා ලාභ ප්‍රයෝජන අත්වන සතියකි. ලොකු කුඩා සැමදෙනාම තමා පිළිබඳ කතාබහ කරයි. විදෙස්ගත හිතවතකුගෙන් හදිසි ලාභයක් අත්වන කාලයකි. නිවෙසේ රැඳී සිටින අවස්ථා ඉතාමත් අඩු වේ. අධ්‍යයන කටයුතුවල නිරත වන අයට සුබපල අත්වන සතියකි. නීතිය සම්බන්ධ කටයුතු නිසා තමාට පීඩා ගෙනදෙයි. රැකියාවේ කටයුතුවල වෙහෙසවීම් ඇති වේ. පවුලේ ඇතැමකුට පීඩා ගෙනදෙන සතියක් විය හැකිය. තම පවුලේ අය සමඟ එක්වී කටයුතු කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.

දුක්මුසු පුවතක්

මිථුන

රැකියාව සම්බන්ධව සතුටුදායක තත්ත්වයක් උදා කරන සතියකි. ඕනෑවට වඩා සිතීම නුවණට හුරු නැත. සතිය මැද කාලය වෙන්වන්නේ තමාගේ විශේෂ පෞද්ගලික කටයුතු කීපයකටය. අනුන්ගේ කේලාම්, ඕපාදූප ඇසීමට යාමෙන් වළකින්න. දුර දිග සිතා බලා කටයුතු කිරීමට හා කතාවෙන් හෝ මුදල් ගනුදෙනුවලට ඉදිරිපත් වීමේ දී හොඳින් සිතාබලා කටයුතු කළයුතු සතියකි. සතිය අවසානයට පෙර ආරාධනාවක් හිමිවීමට යෝග ඇත. කාලයක සිට ඇසුරු කරන අයකු පිළිබඳ දුක්මුසු පුවතක් අසන්නට ලැබෙන සතියකි. ව්‍යාපාරික කටයුතුවලදී විශේෂ සැලසුමක් ක්‍රියාත්මක කරන සතියකි.

 

 

 

2019/11/13 තරුණි බලන්න...