ලග්න පලාපල

නොවැම්බර් 27, 2019

අඹු සැමියන් අතර මනා සබඳතාවක්

 

මේෂ

ලිපි ලේඛන ආශි‍්‍රත කටයුතු සම්බන්ධව යහපත් වේ. කලා කටයුතුවල නියුතු අයට කැපී පෙනෙන්නන් ලෙස කටයුතු කළහැකි සතියකි. විදෙස් සබඳතා ශක්තිමත් වන අතර ධනලාභ ඉඩම් ලාභ පිය පාර්ශ්වයෙන් ලැබීමට හැකියාව පවතී. අඹුසැමියන් අතර හොඳ සබඳතාවක් මෙන්ම ගේදොර කටයුතු ද හොඳ කැපවීමකින් සිදුකරන සතියකි. දරුවන්ගේ කටයුතු ද සාර්ථක වේ. පින් දහම් කටයුතුවලට යොමුවන සතියකි.

පුද්ගලික ජීවිතයේ ගැටලු

වෘෂභ

අසරණ අයට පිහිට වන ගතිගුණ ඇති වේ. සමාජසේවා කටයුතුවලට යහපත්ය. ආර්ථික මෙන්ම මූල්‍යමය ශක්තිමත් භාවය ඇති වේ. ගුප්තමය කටයුතු, පතල් කර්මාන්ත සහ පරිපාලනමය සම්බන්ධ රැකියාවල නියුතු පුද්ගලයන්ට යහපත් වන අතර නිතර කතාව නිසා තරමක ගැටලුකාරී තත්ත්වයන්ට සහ පුද්ගලික ජීවිතයට ගැටලු ඇතිවිය හැක. තමා ඉවසිලිමත්ව හා බුද්ධියෙන් කටයුතු කළයුතු සතියකි. නව විෂයධාරා ඉගෙනීමට යහපත් වේ.

දරුවන් නිසා සතුට ලැබේ

මිථුන

තරමක් සිත් තැවුල් සහ ඉක්මන් තීරණ හේතුවෙන් පසුතැවිලි හා ගැටුම් තත්ත්වයක් ඇතිවේ. ගේ දොර සම්බන්ධ කටයුතු යහපත්ය. දරුවන් නිසා සතුට ඇති වේ. නව සාමාජිකයන් පවුලට එකතු වේ. ගේ දොර අලංකාර කටයුතු සඳහා පෙලඹේ. ක්‍රීඩා කුසලතා බාහිර කටයුතුවල වැඩි කැපවීමක් ඇති වේ. ශාස්ත්‍රීය අංශවල යොමුවූවන්ට යහපත්ය. ගනුදෙනු ලාභ ඇතිකරයි. වාහන ගැනීමට සිතන ඔබට එම කටයුතු යහපත් වේ. හිස සම්බන්ධ පීඩා, වාත අමාරු ගැස්ට්‍රයිටීස් වැනි රෝග මතුවිය හැකිය.

අධ්‍යාපන ජයග්‍රහණ

කටක

තම අභිමතාර්ථයක් සඵල කරගැනීම උදෙසා වෙහෙසී කටයුතු කරන සතියකි. ගමන් බිමන්වලින් වාසි ඇති කරයි. පිය පාර්ශ්වයේ උදවු උපකාර ලැබේ. ඔබගේ තැන්පත් ධනය හානි පැමිණෙන සතියකි. අභියෝගයන් ජයගත හැකිය.

ව්‍යාපාර කටයුතුවලට යහපත් සතියකි. පවුල් ජීවිතය සම්බන්ධව ඔබ ගන්නා තීන්දු තීරණ සැලකිලිමත්ව ගතයුතු අතර යම් යම් කාරණා හේතුවෙන් සතුට ගෙනදෙන සතියකි. දරුවන්ගේ කටයුතු යහපත් වේ.

ඔබගේ කැපවීම හා උත්සාහය මත අධ්‍යාපන ජයග්‍රහණ උරුම කරයි.

2019/11/27 තරුණි බලන්න