ලග්න පලාපල

ජනවාරි 8, 2020

 

අමතර මුදල් වැයවීමක්

 

මේෂ

නව වසරේ උදාවත් සමඟ මේ සතියේ ඔබගේ කටයුතු තරමක් බාධාකාරී තත්ත්වයක් ඇතිවුවත් කීපයක් සාර්ථක කරගැනීමට අවස්ථාව උදාවේ. අන්‍යන් සමඟ කටයුතු කිරීමේ දී සැලකිලිමත් වන්න. ළඟින් ඇසුරු කරන අයකු සමඟ සිත් කලකිරීමක් ඇතිවිය හැකියි. අමතර මුදලක් හිමිවන අවස්ථා යෙදුණත් ඒවා එතරම් සාර්ථක නොවන අතර අමතර මුදල් වැයවීම් ඇති කරයි. පියපස ඥාතියකුගෙන් දෝෂාරෝපණය එල්ලවිය හැක. උෂ්ණාධික. උදරාශි‍්‍රත ආබාධයන් හේතුවෙන් පීඩාකාරී බවක් ගෙන දෙන සතියකි.

 

කටයුතු අධික වන කාලයකි

වෘෂභ

ඔබට බොහෝදෙනා ඇසුරට ලැබෙන කාල පරාසයකි. ගතත් සිතත් වෙහෙසා කරන කටයුතු අධික වන අතර නිතර තම අලංකාරය වෙනුවෙන් මුදල් වැය කිරීම් වැඩිවන සතියකි. පවුලේ කෙනකු සමඟ ආරවුලකට පැටලීමට ඉඩ ඇත. අලුත් රැකියා මාර්ග කෙරෙහි සිත යොමුවන සතියකි. නමුත් ආර්ථික තත්ත්වය එතරම් යහපත් නොවනු ඇත. නිතර ඇවිදිලි ඇති කරන බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ සමගියට සති අන්තයේ දී තරමක් බාධා ඇති වේ.

 

හදිසි විදෙස්ගතවීමක්

මිථුන

නව වසරේ ආරම්භයත් සමඟ වැඩි වගකීම් කීපයක් ඔබ මතට පැටවෙන සතියකි. තම තැන්පත් ධනය වැයවන කටයුතු කීපයකට අතගැසීමට සිදු වේ. අන්‍යන් සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව සැලසේ. වෙහෙසකර ගමනක් හේතුවෙන් පාඩු ඇති කරයි. අලුතින් ඇරැඹූ කටයුත්තක් හේතුවෙන් අසල්වාසීන්ගේ අප්‍රසාදයට ලක්වේ. විදෙස්ගතවීමක් පිළිබඳ යටපත්ව තිබූ බලාපොරොත්තුවක් ඉටුවීමට ඉඩ ඇත. නිතර ආගමික කටයුතුවලට සම්බන්ධවීමට සිදුවන කාලයකි. දරුවන්ගේ කටයුතු වෙනුවෙන් සිතේ කනස්සල්ලක් ඇති කරයි. සෙම් රෝගයකින් ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන කාලයකි.

 

ණය ගනුදෙනුවකින් නිදහස

කටක

උදාවු වසරේ ප්‍රබෝධයත් සමඟම මෙතෙක් පැවැති අවිවේකී බව මඟහැරී යමින් සතිය ඇරැඹේ. අලුත් බැඳීම්වලට හේතු ඇතිකරයි. මෙතෙක් මනසට පීඩා ගෙනදුන් ණය ගනුදෙනුවකින් නිදහස්වීමට මඟ සැලසේ. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙනේ. ආර්ථික අතින් යහපත් වුවත් මිල මුදල් වියදම් වීම ද වැඩි කරයි. ගේදොර කටයුතු අපිළිවෙළක් දැකිය හැකි කාලයකි. වෙනදාට වඩා කැපවීමෙන් රැකියා කටයුතු කරයි. කකුලේ ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. නිතර ශාරීරික පීඩා ගෙනදෙන ලකුණු පෙනෙන නිසා ප්‍රවේසම් වන්න.

 

විශේෂ ජයග්‍රහණ

සිංහ

නව වසර ඔබට ලැබීම් අතින් යහපත් අතර යොදාගත් සැලසුමක් ක්‍රමවත්ව කරගෙන යාමට අවස්ථාව සැලසේ. නිතර ගේ දොර අලංකරණයට වෙහෙසෙන බවක් පෙනේ. හදිසි ආදායම් මාර්ගයකට කටයුතු සැලසේ. අලුත් නෑදෑ හිතමිතුරන් දැන හඳුනා ගැනිමට මඟ සැලසෙන බවක් පෙනේ. උසස් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වූ අයට විශේෂ ජයග්‍රහණ බලාපොරොත්තු විය හැකි සතියකි. රැකියාවට විටින් විට බාධා ඇති කරයි. බලාපොරොත්තු නොවූ අයගේ ඇසුරට වැටෙන සතියකි. තම ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වීම යහපත් වේ. නැතිවූ දෙයක් නැවත හිමිවන සතියකි.

 

වාහන ගනුදෙනුවක්

කන්‍යා

නව වසරත් සමඟ බොහෝ කටයුතු සැලසුම් කරයි. උසස් අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන කාලයකි. පවුලේ වැඩිහිටියකුගේ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇත.

නිතර මානසික අසහනයට කටයුතු සැලසෙන කාලයකි. ජලය සම්බන්ධ කටයුතුවලින් වැළකී සිටීම යහපත් කරයි. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි.

විදෙස්ගත ඥාතියකුගේ පැමිණීමක් සිදුවීමට ඉඩ ඇත. අසල්වැසි ආරවුලක් හේතුවෙන් නීති පිහිට පතන සතියකි. පවුලේ විශේෂ උත්සව අවස්ථාවකට සහභාගීවීමට මඟ පෑදේ. වාහන ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරන කාලයකි.

 

විදෙස් ලැබීම්

තුලා

නොසිතූ ලෙස වියදම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන සතියකි. අවිවේකී ගතිපැවතුම් හේතුවෙන් තීරණ කීපයක් වෙනස් කරයි. නිතර ආගමික කටයුතු උදෙසා වැඩි කාලයක් යොදවයි. සතිය මැද කාලයේ දී කලක සිට පැවැති සැලසුමක් සාර්ථක කරගැනීමට හැකි වේ. නිතර හටගන්නා හිසේ වේදනාවක් වෙනුවෙන් පීඩා විඳීමට සිදුවේ. පවුලේ ළඟම ඥාතියකුගේ කරදරකාරී බවක් ඇති කරයි. ණය ගනුදෙනුවක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. දරුවකුගේ කටයුතු හේතුවෙන් මානසික අවිවේකය ඇති කරයි. විදෙස් ලැබීම් ඇති කරයි. මවුපිය උරුමයක් හේතුවෙන් පැන නැඟී තිබූ ගැටලු කීපයක් මඟහැරීයන කාලයකි.

 

 

උපදෙස්

ප්‍රවීණ ඡ්‍යෝතිර්වේදිනී

චින්තා වික්‍රමසිංහ2020/01/08 තරුණි බලන්න