ලග්න පලාපල

ජනවාරි 15, 2020

තනතුරු මාරුවක්

මේෂ

වෙනදාට වඩා අවිවේකී සතියකි. පවුලේ අඟහිඟතා මතු කරයි. ලාභ ලැබීමට හිමිකම් ඇතත් ඒවාට බාධා ඇතිවේ. දරුවකුගේ කටයුතු සම්බන්ධව සාර්ථකත්වයක් පෙන්නුම් කරයි. වරින් වර ඇතිවන උෂ්ණාධික රෝගයකින් පීඩා ගෙන දේ. රැකියා තනතුරු මාරුවක් නිසා සිත් කලකිරීම් හා කනස්සල්ලක් ඇති කරයි. ඉඩම් ගනුදෙනුවකට පවුලේ කෙනකුගේ බාධාවක් යෙදේ. ආගමික සැලසුමක් වෙනුවෙන් කාලයත්, ශ්‍රමයත් වැය වේ. නිතර නිතර ගුප්ත කටයුතුවල පිහිට පතයි. විශේෂ වගකීම් තමාමත පැටවේ.

 

විදෙස්ගත වීමක්

වෘෂභ

මානසික අවිවේකීතාව ඇති කරමින් සතිය ආරම්භ වේ. උදාසීන ගති පැවතුම් ඇතිවීමෙන් සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවේ. පවුලේ කෙනකුගේ අසනීපයක් හේතුවෙන් නිතර වෙහෙසවීම් ඇති කරයි. හිතුªක්කාර තීරණ කීපයකට මැදිවීමට ඉඩ ඇත. නිතර තැන තැන ඇවිදින අන්දමේ කටයුතු කීපයක් යෙදේ. පවුලට සම්බන්ධ කෙනෙකුගේ දුරස්වීමක් පෙන්නුම් කරයි. ප්‍රමාද වූ විවාහය පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු ඇති කරයි. අලුතින් පවුලට සම්බන්ධවන කෙනකුගෙන් වාසි උදා වේ. උසස් අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් විදෙස්ගතවීමට භාග්‍ය උදාකරයි.

 

විභාග ජයක්

මිථුන

අවිවේකී ගති පැවතුම් හේතුවෙන් තීරණ කීපයක් වෙනසකට කටයුතු සැලසේ. පවුලේ ඇතිවන ගැටලු කීපයක් වෙනුවෙන් තමාට දෝෂාරෝපණය එල්ලවන අතර නිතර පදිංචියෙන් පිට වාසයට හේතු සලසන සතියකි. තමා අතින් වැරැදීම් හා අඩුපාඩු කීපයක් ඇති වේ. නිතර ගෙදරට යන එන අයගෙන් පරිස්සම් විමට සැලකිලිමත් වන්න.

නීති ගැටලුවක් විසඳා ගැනීමට කටයුතු සැලසෙන සතියකි. තරග විභාගයකින් ජයග්‍රහණ අත්කරයි.

පවුලේ කටයුතු වෙනුවෙන් මූලික වීමට සිදුවේ. අමතර ආදායමට මඟ සැලසේ. ගුප්ත කටයුතුවලින් පිහිට පතයි.

 

රැකියාවේ සිත් රිදවීමක්

කටක

විශේෂ සැලසුම් කීපයකට අතගැසීමට මඟ සැලසෙන කාලයකි. ගැටලු සහගත තත්ත්ව කීපයකට මැදිහත් වීමට සිදුවන බවක් පෙනේ. ඥාති හිතවතුන්ගෙන් උපකාර මෙන්ම අනුකම්පාව ද හිමිකරන කාලයකි.

ගෘහ ජීවිතයේ කටයුතු වෙනස්වන බවක් පෙනේ. හිතමිතුරන් සමඟ මුදල් හුවමාරුවකට මඟ සැලසේ.

විවාහ යෝජනාවක් කල් දැමීමට සිදුවේ. යටපත් වූ කොන්දේ අමාරුවක් නැවත මතුවේ. රැකියා ස්ථානයේ ඇතිවන සිත් රිදවීමක් දුරදිග යන ලකුණු ඇත. විශේෂ උත්සව අවස්ථාවකට සම්බන්ධවීමට මඟ පෑදේ. හදිසි වියදමක් දැරීමට සිදුවන කාලයකි.

 

දරුවකු පිළිබඳ සතුටක්

සිංහ

පැවැති ගැටලුකාරී බව මඟහැරී යන කාලයකි. පවුලට සම්බන්ධ කෙනකුගේ සතුටුදායක පුවතක් අසන්නට ලැබේ. පවුලේ කෙනකුගේ නීති ගැටලුවකට මැදිවීමට සිදුවන කාලයකි. දුර ගමන් අධික වේ.

දරුවකුගේ කටයුතු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් සැලසේ. අසල්වැසි ඥාතියකු නිසා සිත් කලකිරීමක් ඇතිවිය හැකි අතර එදිනෙදා කටයුතු පිළිබඳ කල්පනාකාරීව සිටීම යහපත් වේ. සති අන්තයේ දී වාහනයක් සම්බන්ධ ණය ගනුදෙනුවක් හේතුවෙන් මානසික අසහනකාරී බවක් ඇතිවීමට ඉඩ ඇත. ඉතාමත් ඉවසීමෙන් කටයුතු කළයුතු කාලයකි.

 

විශ්වාසය බිඳවැටීමක්

කන්‍යා

පවුලේ වගකීමක් තමා වෙත පැවරෙමින් සතිය ආරම්භ වේ. දරුවකුගේ දුරස්වීමක් හේතුවෙන් යොදාගත් සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවේ.

එමෙන්ම දරුලාබ අපේක්ෂකයන් වෙනදාට වඩා කල්පනාකාරීවීම යහපත් කරයි. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් හට ගනී.

උස් ස්ථාන සම්බන්ධ කටයුතුවලින් වැළකී සිටීම යහපත් වීමට ඉඩ ඇත. එමෙන්ම පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ වේ.

අලුත් ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. ආගමික සහන පතා දුර පළාතකට යාමට සිදුවේ. පෙම්තුන් අතර විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමට ඉඩ ඇත.

 

උපදෙස්

ප්‍රවීණ ඡ්‍යෝතිර්වේදිනී

චින්තා වික්‍රමසිංහ

 

2020/01/15 තරුණි බලන්න