ලග්න පලාපල

ජනවාරි 22, 2020

සිත් කලකිරීමක්

මේෂ

රැකී රක්ෂා කටයුතුවල යම් යම් වෙනස්කම් කීපයක් සිදුවන මිල මුදල් ලැබීම් අතින් යහපත් කාලයකි. එහෙත් විශ්වාසය බිඳ වැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. මවුපස ඥාතියකු පිළිබඳ සිත් කලකිරීමක් ඇති කරයි. පවුලේ කෙනකු තම උපකාරය පතා පැමිණෙන බවක් පෙනේ. අලුත් කටයුතු කීපයකට අත ගැසෙන මඟක් පෙනේ. උසස් නිලධාරියකුගේ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇත. අනවශ්‍ය ගමන් බිමන් හේතුවෙන් තමාට විශාල පාඩුවක් වීමට ඉඩ ඇත. ආගමික හා සමාජ අංශවලට යොමුවන කාලයකි. දරුවකු පිළිබඳ වෙනදාට වඩා සතුටුදායක කාලයකි.

 

කාර්යබහුලත්වයක්

වෘෂභ

එදිනෙදා කටයුතුවලට අවහිරතාවයක් ගෙනදෙන කාලයක් වන අතර වෙහෙස ඇති ගමන් කීපයක් යෙදෙන කාලයකි. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා කල්පනාකාරී විය යුතුය. වරින්වර ඇතිවන සෙම් රෝගයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට සිදුවේ. ගේ දොර කටයුතු පිළිබඳ දැඩි කාර්යබහුලත්වයක් පෙන්නුම් කරයි. ඉතා ඉවසීමෙන් කටයුතු කළයුතු කාලයකි. සහෝදරයකු සමඟ ඇතිවන ආරවුලක් දුරදිග යාමට ඉඩ ඇත. හදිසි වියදම් වැඩිවන කාලයකි. ආගමික සැලසුම් වෙනුවෙන් දුර පළාතකට යාමට සිදුවේ. ගැටලුවක් විසඳා ගැනීමට නීති පිහිට පතයි. නිතර ඇතිවන අජීර්ණ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

 

පාඩු කීපයක් ඇතිවේ

මිථුන

අවිවේකී සතියකි. තැන තැන ඇවිදිලි යෙදෙන අන්දමේ කටයුතු කීපයක් සිදුවේ. එමෙන්ම පොරොන්දු ගිවිසුමකට අවහිරතා මතුවීමට ඉඩ ඇත. සමාජයීය කටයුතු පිළිබඳ වෙනදාට වඩා වැඩි කාලයක් යොදවයි.

අන්සතු වස්තුවක් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. උසස් නිලධාරියකුගේ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇත. ආගමික කටයුතු සඳහා වෙහෙසී වැඩ කරයි. බලාපොරොත්තු නොවූ ලෙස පාඩු කීපයක් ඇතිවන කාලයකි.

දේපල මිලදී ගැනීමක් පිළිබඳ කටයුතු කීපයක් ප්‍රමාද කරයි. අලුත් දේ හැදෑරීමට සැලසුම් යෙදෙන කාලයකි. විදෙස් ගමනක් පිළිබඳ අදහස් බිඳවැටේ.

 

මුදල් වැඩිපුර වැයවීමක්

කටක

තරමක ගැටලු තත්ත්වයක් උදාවිය හැකි කාලයකි. රැකියා ස්ථාන පිළිබඳ සිත් කලකීරීමක් හටගන්නා කාලයකි. ගැටුම්කාරී තත්ත්වයන්ට ද මුහුණපෑමට සිදු වේ. මිල මුදල් වැයවීම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක් සැලසේ.

නිතර ගෙදරට යන එන අය පිළිබඳ සැලකිලිමත් වන්න. අනවශ්‍ය ගමන් යෙදෙන කාලයකි. පවුලේ බැඳීම්වලට බාධාකාරී බවක් ඇති කරයි. සති අන්තයේ දී අමතර මුදල් වැඩිපුර වැයවන කාලයකි. කලක සිට පැවැති බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ.

 

අලුත් ඥාතිමිත්‍රාදීන් හමුවන සතියක්

සිංහ

ලැබීම් අතින් යහපත් කාලයකි. හදිසියේ යෙදෙන ගමන් බිමන් කීපයක් හේතුවෙන් යොදාගත් වැඩ කටයුතු වෙනස් කිරීමට සිදුවේ. පැරැණි පෙම් සබඳතා අලුත්වන ලකුණු පෙනේ. නීති සැලසුමකට අතගැසීමට සිදු වේ.

පැවැති අසනීපකාරී ගති පැවැතුම් මඟහැරී යන කාලයකි. ඇසුරු කරන කෙනකු සමඟ විශ්වාසය බැඳවැටීමක් සිදුවීමට ඉඩ ඇත. හදිසි වියදමක් දැරීමට සිදුවන කාලයකි. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනාගැනීමට කටයුතු සැලසෙන කාලයකි.

විදෙස් ලැබීමකට හිමිකම් ඇති කාලයකි. මවුපස උරුම හිමිකම් ඇති වේ. රැකියාවේ අවිවේකීබව මැකී යන සතියකි.

 

නොගැළපෙන ඇසුරක්

කන්‍යා

ඉතාමත් කල්පනාකාරීව කටයුතු කළයුතු කාලයකි. ගේ දොර කටයුතු පිළිබඳ වෙනස්කම් රැසක් සිදුවන අතර සමගිය සාමයට බාධා ගෙනදීමට ඉඩ ඇත.

උෂ්ණාධික රෝගයක් හෝ ශරීරයට විස ඇතුළුවීමක් වැනි රෝගයකින් පීඩා විඳීමට සිදුවේ. මිල මුදල් අත ගැවසෙන කාලයකි. නොගැළපෙන ඇසුරකට මඟ සැලසේ. එහෙත් හදිසියේ ඇතිවන විවාහ යෝජනාවක් ස්ථිරවන ලකුණු පෙනේ.

අලංකාරය වෙනුවෙන් වෙහෙසේ. තම ළඟම හිතවතකුගේ කටයුතු කීපයක් හේතුවෙන් වෙහෙසී වැඩකරයි. අසල්වැසි උපකාරයකට හේතු ඇතිකරයි.

 

පවුලේ දෝෂාරෝපණයට ලක් වේ

තුලා

හිතුමතයට තීරණ ගන්නා කාලයකි. තමා ළඟින් ඇසුරු කරන අයකු නිසා සිත කරදරයට පත්වේ. විශේෂ සැලසුම් වෙනුවෙන් කාලයත්, ශ්‍රමයත් වැය කරයි.

අමතර ලැබීම්වලට හිමිකම් ඇති කාලයක් නමුදු හදිසි මුදල් වැයවීම්වලට ද හේතුවේ. තමා සතු දේපලක් නිරවුල් කරගැනීමට සැලසුම් ඇතිකරයි.

පවුලේ කෙනකුගේ දුරස්වීමක් හේතුවෙන් නොසන්සුන් බවක් ඇතිකරයි. සති අන්තයේ සෙම් රෝග වැඩිවීම හේතුªවෙන් ප්‍රතිකාර ගැනීමට ද ඉඩ ඇත.

අමතර මුදල් ලැබෙන මාර්ග යෙදෙන කාලයකි. පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇති කාලයකි.

 

මුදල් ගනුදෙනුවක්

වෘශ්චික

මානසික නිරවුල්තාවය ඇතිකරමින් සතිය ආරම්භ වේ. මඟතොට හමුවන කෙනකු නිසා කලබලකාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇත. පවුලේ කෙනකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්නට ලැබේ. ළඟම හිතවතකු පිළිබඳ මුදල් ගනුදෙනුවක් සිදුකර ගනී. වරින්වර ඇතිවන ක්ලාන්ත තත්ත්වයක් හේතුවෙන් පීඩාවන් ගෙනදේ. උරුම හිමිකම් වෙනුවෙන් වෙහෙසෙන කාලයකි. විදෙස්ගත ඥාතියකුගෙන් උපකාර සිදුකරයි. දරුවකුගේ අධ්‍යාපනික ජයක් අසන්නට ලැබේ. මවුපිය උරුම හිමිකම්වලට වෙහෙසෙන කාලයකි.

 

උපදෙස්

ප්‍රවීණ ඡ්‍යෝතිර්වේදිනී

චින්තා වික්‍රමසිංහ

2020/01/22 තරුණි බලන්න