ලග්න පලාපල

ජනවාරි 29, 2020

හදිසි මුදල් ගනුදෙනුවකින් වාසි

මේෂ

තරමක් අවිවේකී ලෙස සතිය ආරම්භ වේ. පවුලේ අය සමඟ විශේෂ ගමනකට මඟ සැලසෙන කාලයකි. මවුපිය උරුම හිමිකම් වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරන කාලයකි. දරුවකුගේ ජයක් පිළිබඳ අසන්නට ලැබේ. නිතර තැන තැන ඇවිදිලි වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. රැකියා කටයුතු සම්බන්ධ සතුටුවිය හැකි කාලයකි. හදිසියේ සිදුවන මුදල් ගනුදෙනුවකින් වාසි අත් වේ. නිතර ආගමික අංශයට යොමුවන කාලයකි. අඹුසැමි සිත් නොහොඳකම් මඟහැරී යයි. විදෙස්ගත ඥාතියකුගේ උපකාර හිමිවේ.

විදෙස් ඥාතියකුගේ උපකාර

වෘෂභ

උදාසීන ගතිපැවතුම් ඇති කරමින් සතිය උදා වේ. අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනාගැනීමට අවස්ථාව උදාවන සතියකි. එදිනෙදා කටයුතුවලට අවහිරතා මතුකරන අතර මෙතෙක් පැවැති සිතේ සැහැල්ලුව අඩුවී යයි. නමුත් රැකියා කටයුතුවලට සම්බන්ධව පැවැති බාධාකාරී බව මඟහැරී යයි. තමා ළඟින් ඇසුරුකරන අයකු නිසා සිත්කලකිරීමක් හටගනී. ආගමික කටයුතු වෙනුවෙන් නිතර ශ්‍රමයත් කාලයත් වැය කරන සතියකි. එමෙන්ම ගුප්ත කටයුතුවලින් ද පිහිට පතයි. පොත්පත් ලිපි ලේඛන කටයුතු කෙරෙහි සිත යොමුවේ. විදෙස්ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරයි. සැලකිලිමත් වන්න. ව්‍යාපාර කටයුතුවලට එතරම් යහපත් කාලයක් නොවනු ඇත.

සිත් කලකිරීමක්

මිථුන

ලැබීම්වලට බාධා ගෙනදෙන කටයුතු සිදුවන අතර සිත් කලකිරීම්වලට හේතු සැලසෙමින් සතිය ආරම්භ වේ. ණය ගනුදෙනුවක් පියවා ගැනීමට කටයුතු සැලසෙන කාලයකි. පවුලේ ගැටලු කීපයක් නිරවුල් කරගැනීමට වැඩිහිටි සහය පතයි. නිතර තමාට දෝෂාරෝපණ එල්ලවිය හැකි බවක් පෙනේ. තමාගේ කීර්තියට හා රැකියා ස්ථානයේ ඇතිවන කරුණු කීපයක් හේතුවෙන් සිත් කලකිරීමක් හටගනී. තමාට වැඩිවගකීම් කීපයක් දැරීමට සිදුවන සතියකි. උස් ස්ථාන සම්බන්ධ කටයුතුවලින් වැළැකී සිටීම යහපත් වේ. සමිති සමාගම්වලට වැඩි කාලයක් ගතවන අතර නිතර නිවෙසින් පිට වාසයට කරුණු යෙදේ. දරුවකුගේ අධ්‍යාපනික ජයක් අසන්නට ලැබේ. වාහන හුවමාරුවක් හෝ වාහන විකිණීම සම්බන්ධ අදහසක් ඉටුකර ගනී.

විශේෂ ගමනක්

කටක

වගකීම් බහුල වෙමින් සතිය ආරම්භ වේ. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකියි. පවුලේ කෙනකුගේ හෝ ළඟම හිතවත් අයකු හා ගනුදෙනුවක් සිදුකර ගැනීමට මඟ සැලසේ. අලුත් ප්‍රේම සබඳතාවකට මුල පුරන කාලයකි. මෙතෙක් පැවැති අසනීපකාරී බවක් මඟහැරේ. විදෙස්ගත ඥාතියකුගේ පැමිණීමක් සිදුවේ. පවුලේ අය සමඟ විශේෂ ගමනකට සහභාගීවීමට අවස්ථාව උදාකරයි. තනතුරු මාරුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. උරුම හිමිකම් පිළිබඳ පැවැති ගැටලුවකට නීති පිහිට පැතීමට සිදුවේ. විදෙස්ගත වීමක බලාපොරොත්තුවක් ඉටු කරයි.

ලේඛනයට සුබයි

සිංහ

වෙනදාට වඩා සිත සතුට ඇතිව කටයුතු කරන කාලයකි. මෙතෙක් පැවැති කරදර කීපයකින් නිදහස ලැබේ. යුග දිවියේ ගැටලු කීපයක් සමතයට පත්වන අන්දමේ කරුණු කීපයක් යෙදේ. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධවිය හැකි බවක් පෙනේ. රැකියා ස්ථානය සම්බන්ධව ඇතිවන ගැටලුකාරී බවක් දුරදිගයාමට ඉඩ ඇත. නිතර අලංකාරය වෙනුවෙන් වෙහෙසී වැඩකරන කාලයකි. මවගේ හෝ මවුපස ඥාතියකුගේ අසනීපකාරී බවක් දුරදිග යාමට ඉඩ ඇත. ග්‍රන්ථ කතුවරුන්ට යහපත් කාලයකි. කෙටි ගමන් බහුල වන අතර අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් වෙහෙසීම් ද ඇති කරයි. පැරැණි හිතවතකුගේ හමුවක් හේතුවෙන් කටයුතු කීපයක් වෙනසකට භාජනය වේ.

දුර ගමන් යෙදේ

කන්‍යා

ලැබීම් අතින් යහපත් සතියකි. නිතර නොයෙක් දෙයට සිත දේ. දුර ගමනක් හේතුවෙන් කටයුතු කීපයක් වෙනස් වේ. පියපස ඥාතියකුගේ පැමිණීමක් හේතුවෙන් නොසන්සුන් බවක් ඇති කරයි. තැන්පත් මුදලක් වැයවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. මේ සතිය තුළ පොත්පත්, ලිපි, ලේඛන කටයුතුවලට වැඩි අවධානයක් යොමුකරයි. සහෝදරයකු නිසා කරදර ඇතිවිය හැකියි. දරුලාභ හිමිකම් ඇති අය වෙනදාට වඩා කල්පනාකාරී වන්න. මෙතෙක් බලාපොරොත්තුවෙන් සිටි විදෙස්ගතවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ. රැකියා කටයුතුවලදී කල්පනාකාරී වන්න. අසල්වාසී ආරවුලක් දුරදිග යාමට ඉඩඇති කාලයකි.

නීති ගැටලුවක්

තුලා

වරින්වර උදාසීනගති පැවතුම් මතුකරමින් සතිය ආරම්භ වේ. ගේදොර උත්සව අවස්ථා වෙනුවෙන් සැලසුම් ඇති කරන කාලයකි. එහෙත් යොදාගත් කටයුතුවලට අවහිරතා මතුවීමට ඉඩ ඇත. ඇසුරු කරන කෙනකු සමඟ විශ්වාසය බිඳ වැටීමක් සිදුවිය හැකියි. රැකියා කටයුතු සම්බන්ධ ස්ථාන මාරුවීම් සිදුකරනු ලබයි. එමෙන්ම ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධව යම් යම් වෙනස්කම් සිදුවන බවක් පෙනේ.

මවගේ අසනීපකාරී තත්ත්වයක් හේතුවෙන් වෙහෙසීම් වැඩි කරයි. අමතර ආදායම් මාර්ග කීපයක් සැලසුනත් ඒවා එතරම් දුරට සාර්ථක නොකරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති හෙයින් කල්පනාවෙන් කටයුතු කරන්න.

සහෝදර මතභේදයක්

වෘශ්චික

මෙතෙක් කරගෙන ආ කටයුතු කීපයක් අතරමඟ නතර කිරීමට සිදුවන සතියකි. තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇත. ඉක්මන්කාරී වැඩ පිළිවෙළක් හේතුවෙන් ගැටලු කීපයක් පැන නඟී. සහෝදර මතභේදකාරී තත්ත්වයක් දුරදිග යාමට ඉඩ ඇත. රැකියාවේ කටයුතු සඳහා දුර පළාතකට යාමට සිදුවේ.

එසේම ආයතන ප්‍රධානීන් සමඟ ද මතභේදකාරී බවක් ඇතිකර ගනී. විදෙස්ගත හිතවතකුගේ පැමිණීමක් සිදුවීමට ඉඩ ඇත. සති අන්තයේ දී පවුලේ කෙනකුගේ සිත් තැවුලක් අසන්නට ලැබේ. නිකරුනේ තමාට චෝදනා එල්ලවිය හැකි කාලයක් බැවින් ප්‍රවේසම්වන්න.

 

උපදෙස්

ප්‍රවීණ ඡ්‍යෝතිර්වේදිනී

චින්තා වික්‍රමසිංහ

2020/01/29 තරුණි බලන්න