ලග්න පලාපල

පෙබරවාරි 12, 2020

නොසිතූ වාසි

මේෂ

ඇසුරු කරන හිතවතකුගේ අමනාපවීමක් සිදුවීමට ඉඩ ඇති කාලයකි. යෝජනා ස්ථිරවීමක්, කල්දැමීමට සිදුවන අන්දමේ කටයුතු කීපයක් සැලසේ. නිතර තමාට වාසිවන අන්දමින් කටයුතු කීපයක් කරයි. පවුලේ කෙනකු වෙනුවෙන් වෙහෙසීම් වැඩිකරන කාලයකි. ගේ දොර කටයුතු පිළිබඳ වෙනදාට වඩා කල්පනාකාරීවිය යුතු බවක් පෙනේ. අලුත් රැකියා ලාභ හිමිවුවත් ඒවාට විවිධ බලපෑම් මතුවන ලකුණු පෙනේ. හදිසියේ තමා සොයා එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි.

අතමිට සරුවෙයි

වෘෂභ

ශාස්ත්‍රීය කටයුත්තක් සඳහා සිත යොමුවන කාලයකි. මෙතෙක් පැවැති වගකීමකින් නිදහස සැලසෙන සතියකි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙන්නුම් කරයි. මඟතොට හමුවන කෙනකු නිසා කරදරයක පැටලීමට ඉඩ ඇත. සහෝදර මත ගැටුම් දුරදිග යා හැකි කාලයකි. වරින්වර ඇතිකරන උදාසීන ගති පැවතුම් හේතුවෙන් තමාට පාඩු කීපයක් සිදුවේ. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන බවක් පෙනේ. පවුලට අලුත් සාමාජිකයකු එක්විය හැකි කාලයකි. තනතුරු මාරුවක් නිසා හිතේ නොසන්සුන්තාවක් ඇති වේ.

වියදම් අධිකවෙයි

මිථුන

ගතට සිතට පීඩා ගෙනදෙන සතියකි. යටපත් වූ ගැටලුවක් නැවත මතුවීමට ඉඩ ඇති කාලයකි. වරින්වර සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු කරන බවක් ද පෙන්නුම් කරයි. පවුලට අලුත් සාමාජිකයකු එක්විය හැකිය. වරින්වර ඇතිකරන රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ. රැකියා ස්ථානයේ වෙනස්කම් රැසක් සිදුවීමට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. මානසික අවිවේකය ඇතිකරන කාලයකි. තීරණ ගැනීමේ දී දුරදිග සිතාබලා කටයුතු කරන්න.

අමතර ගමන්

කටක

ගතට සිතට පීඩාකාරී සිතුවිලි ඇතිකරන කාලයකි. ලැබීම් අතින් යහපත් කාලයක් වුවත් වැයපස අධිකවීමට ඉඩ ඇති බවක් පෙනේ. නොසිතූ ලෙස තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇත. යන එන ගමන් පිළිබඳ සැලකිලිමත්විය යුතුය. විවාහ අපේක්ෂිතයන්ට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. අමතර ගමන් බහුල කාලයකි. විදෙස්ගත ලැබීමකට ද ඉඩ ඇති බවක් පෙනේ. වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. කාලයකින් නොදුටු හිතවතකු හමුවීමට අවස්ථාව සැලසේ. සති අන්තයේ දී අතක හට ගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවේ.

වාහන ගමන් පරිස්සමින්

සිංහ

පවුලේ කෙනකු නිසා ඇතිව තිබූ මතභේදකාරී බවක් දුරදිග යන ලකුණු පෙනේ. එමෙන්ම විශ්වාසය බිඳවැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. දේපල ගැටලුවකට මුහුණපෑමට සිදුවන කාලයකි. ණය ගනුදෙනුවක් පියවා ගැනීමට මාර්ගය සැලසේ. දරුවකුගේ නොසන්සුන්කාරී ගති පැවතුම් හේතුවෙන් පාඩුවක් වීමට ඉඩ ඇත. තම ශරීර සෞඛ්‍යය පිළිබඳ වෙනදාට වඩා විමසිලිමත්විය යුතු කාලයකි. වාහන ගමන් පිළිබඳ ඉතා සැලකිලිමත් වියයුතු බවක් පෙනේ.

ගැටලු විසඳෙයි

කන්‍යා

පැවැති ගැටලු කීපයක් විසඳා ගැනීමට මාර්ගය පෑදෙන කාලයකි. ඉදිරි වැඩ පිළිවෙළක් සාර්ථක කරගැනීමට මඟ සැලසේ. එමෙන්ම පවුලේ කෙනකු වෙනුවෙන් වැඩිපුර මුදලක් වැයකිරීමට සිදුවන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන කාලයකි.

වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළයුතු බවක් පෙනේ. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවන අන්දමේ කටයුතු කීපයක් සිදුවේ.

දරුවකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. අමතර ආදායම් මාර්ග වැඩිකරන කාලයකි. නොසිතූ ලෙස ප්‍රභූ පක්ෂයෙන් උදවු උපකාර හිමිවන බවක් පෙනේ.

දරුවකුගේ ජයග්‍රහණයක්

තුලා

වෙනදාට වඩා අතමිට මුදල් සරුවන කාලයකි. විදෙස්ගත හිතවතකු පැමිණීමක් සිදුවිය හැක. පවුලට අලුතින් සම්බන්ධ වන කෙනකු නිසා ගැටලු කීපයක් මතුකරයි. පවුලේ උත්සව අවස්ථාවක් කල්දැමීමට සිදුවන කාලයකි.

නිතර දුර යන ගමන් සිදුවන අතර තමාට පාඩු සිදුවන අන්දමේ කටයුතු කීපයක් සිදුවේ. වගකීම් පැහැර හැරීමක් හේතුවෙන් පවුලේ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇත. වාහන ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසී වැඩ කරයි. දරුවකුගේ ජයග්‍රහණයක් හේතුවෙන් සතුටට පත්වීමට හේතු ඇති කරයි.

2020/02/12 තරුණි බලන්න

 

උපදෙස්

ප්‍රවීණ ඡ්‍යෝතිර්වේදිනී

චින්තා වික්‍රමසිංහ