ලග්න පලාපල

මාර්තු 4, 2020

ගුප්ත කටයුතුවලින් පිහිට

මේෂ

ලැබීම් අතින් යහපත් කාලයකි. වියදම් අධික වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. නීති ගැටලුවකට මැදි වීමට ඉඩ ඇති කාලයකි. තමා ළඟ ඇසුරු කරන කෙනකුගේ දුරස්වීමක් සිදුවිය හැකියි. නිතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන කාලයකි. පවුලට අලුත් ඥාති හිතමිතුරන් ඇතිවන බවක් පෙනේ. රැකියාවේ කටයුතුවල විවිධ දෝෂාරෝපණ එල්ලවිය හැකි කාලයකි. අතරමඟ නවතා තිබූ ව්‍යාපාර කටයුත්තක් නැවත ඇරැඹීමට මඟ සැලසේ. ළඟ ඇසුරු කරන කෙනකු නිසා නොසිතූ කරදර රැසකට මුහුණ පෑමට සිදුවේ.

 

අතමිට මුදල් ගැවසේ

වෘෂභ

යම් යම් බාධා මධ්‍යයේ සතිය ආරම්භ වේ. අනපේක්ෂිතව හටගන්නා විවිධ සිදුවීම් හේතුවෙන් මුදල් වියදම් වැඩිවන තත්ත්වයක් උදාකරයි. තම ශරීර සෞඛ්‍යය පිළිබඳ කල්පනාකාරී වීම යහපත් වේ. තම උත්සාහය මත සාර්ථකත්වය ළඟාකරගත හැකි කාලයකි. පවුලේ සමගියට බාධා ඇතිවිය හැකි කාලයක් බැවින් වෙනදාට වඩා ඉවසීමෙන් කල්පනාකාරීව කටයුතු කරන්න. අතමිට මුදල් ගැවසෙන කාලයකි. හිත මිතුරන් වැඩි කරයි. අලුත් කටයුතු කීපයකට ද අතගැසීමට අවස්ථාව සැලසේ.

 

වාහන ගනුදෙනු

මිථුන

මිශ්‍රඵල උදාකරමින් සතිය ආරම්භ වේ. වෘත්තීය හා රැකී රක්ෂා කරගෙන යාමේ දී බොරු චෝදනාවකට හසුවිය හැකි කාලයකි. ස්ථාන හෝ සුළු සුළු වෙනස්කම් ඇති කරයි. අලුත් ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීමට අවස්ථාව සැලසේ. පවුලේ ඇතිව තිබූ මත ගැටුම් තත්ත්වයන් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති වාහන ගනුදෙනුවකට මඟ සැලසේ. උෂ්ණාධික රෝගාබාධවලින් පරෙස්සම් විය යුතු සතියකි. පවුලේ දෝෂාරෝපණ අසන අන්දමේ කටයුතු කීපයක් කරයි. දරුවන්ගේ කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල උදාකරයි. ලොතරැයි හා හදිසි ජයග්‍රහණ හිමි සතියකි.

 

රැකියාවේ වෙනසක්

කටක

වගකීම් බහුල වෙමින් සතිය ආරම්භ වේ. අලුත් හිතවතකුගේ ආශ්‍රයට මඟ සැලසෙන සතියකි. යම් යම් බාධා මධ්‍යයේ කරගෙන ආ කටයුතු කීපයක දියුණුවක් ලබන සතියකි. ආර්ථික වශයෙන් යහපත් බවක් පෙනේ. අන්‍යන්ගේ සහයෝගය හා උපදෙස් ලැබෙන සතියකි. අධ්‍යාපන අංශයේ යෙදෙන්නන්ට වගකීම් බහුල වේ. යටපත් වූ අසනීප තත්ත්වයක් සති මැද කාලයේ නැවත මතුකරයි. මිල මුදල් අත ගැවසෙන කාලයකි. විසිතුරු දැ මිලදී ගැනීමට සිත පෙලඹේ. රැකියාවේ දියුණුවක් මෙන්ම වෙනසක් ද දැකිය හැකි සතියකි.

 

උපදෙස්

ප්‍රවීණ ඡ්‍යෝතිර්වේදිනී

චින්තා වික්‍රමසිංහ

2020/03/04  තරුණි බලන්න