ලග්න පලාපල

ජුනි 23, 2021

මේෂ ලග්නය

සතියේ ඇරැඹුම අසුබයි

මේෂ ලග්නයට අනුව මෙම සතිය ඔබට ඉතා අසුබ සතියක ආරම්භයක් පවතින අතර සතිය මැද සිට අවසානයතෙක් සුබයි. ඒ අනුව හදිසි අනතුරු තත්ත්වයක්, ආර්ථික පාඩුවක් සමඟ සතිය ඇරැඹෙන නමුදු පසුව රැකියා, ආර්ථික ප්‍රතිලාභ කීපයක් ලැබීමටද නියමිතය.

 

වෘෂභ ලග්නය

යහපත් මංගලයෝග

වෘෂභ ලග්නයට අනුව ඔබට සුබ සතියක ආරම්භයකි. අවිවාහක අයට මංගල යෝග එළඹෙන අතර සිතේ සතුට අභිවෘද්ධිය සැලසෙනු ඇත. සතිය මැද භාගය විවිධ බාහිර බලපෑම් එළඹෙනු ඇතත් සතිය අවසන් භාගය සුබ තත්ත්වයකි. සති අන්තය ඔබට ආගමික කටයුතු රැසකට සහභාගි වීමට සිදුවේ.

 

මිථුන ලග්නය

ව්‍යාපාර වලින් උසස් ආදායම්

මිථුන ලග්නයට අනුව ඔබට පිටරට යෝග තත්ත්වයක් පෙන්වන නමුදු ලෝක වසංගත තත්ත්වය නිසා එයට බාධා එළඹෙන නිසා ඔබ කිසියම් ව්‍යාපාරයකට යොමුකරන කලදසාවකි. කිනම් හෝ දෑතේ පලපුරුද්ද අනුව ව්‍යාපාර කරන්නේ නම් උසස් ආදායම් ඉපයීමට අවස්ථාව සැලසේ.

 

කටක ලග්නය

බලාපොරොත්තු සපලවේ

කටක ලග්නයට අනුව ඔබට මෙම සතිය ඉතා සුබයි. දරු සම්පත් අපේක්ෂා කරන අයට වාසනාවන්ත දරු ඵලද, නව ආයෝජන කටයුත්තකින් ආර්ථික ප්‍රතිලාභද සහිතයි. කාන්තා පක්ෂයේ බලාපොරොත්තු ඉටුවන අතර තමාගේ අලංකාරය සඳහා කෙරෙන විසිතුරු දේවලින් යහපත උදාවේ. සිතේ සතුට රජයන අතර අන් අයගේ ආකර්ශනයද යොමුවනු ඇත.

 

සිංහ ලග්නය

රැකියාවේ බාධක ඉවතට

සිංහ ලග්නයට අනුව මෙම සතිය සුබවන අතර සුවිශේෂී ලැබීම් වලටද හේතුවේ. ඒ අතර අලුතින් වාහන මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයගේ බලාපොරොත්තු සඵලවේ. රැකියාවේ තිබූ බාධක ඉවත් වේ. තම නිවෙසේ අලංකාරය සඳහා කැපවන සතියකි.

 

කන්‍යා ලග්නය

හදිසි ධනහානි

කන්‍යා ලග්නයට අනුව චන්ද්‍රයා 03 වැන්නෙන් ගමන් අරඹන මෙම සතිය ඔබට දේපළ හිමිකම් සහිතයි. එහෙත් සතිය මැදභාගයේ හදිසි ධන හානියක් පෙන්වන නිසා කල්පනාකාරී වන්න. රැකියා ස්ථානගත සතුරු කරදර, ආදර සබඳතා බිඳීයාම හා අඹුසැමියන් අතර මතභේද හටගන්නා සතියකි.

 

තුලා ලග්නය

හදිසි ධනයකට හිමිකමක්

තුලා ලග්නයට අනුව ඔබ සතිය ආරම්භයේ හදිසි ධන සම්පතකට හිමිකම් කියයි. එහෙත් එම සම්පත සුරක්ෂිත කර ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවේ. නැතොත් ඔබ හමුවට එන සතුරු බලවේග වලින්ද අඩුවක් නොවේ. තම ඥාති පිරිස් තමාට විරුද්ධව නැඟී සිටිනු ඇත.

 

වෘෂ්චික ලග්නය

නිර්මාණශීලී බව මතුවේ

වෘෂ්චික ලග්නයට අනුව ඔබට මෙම සතිය ඉතා වාසනාවන්ත බලාපොරොත්තු ඉටුවන සතියකි. තම සිතැඟි පරිදි ආත්ම අභිමානය වැඩීමට හේතුවේ. නිර්මාණශීලි අදහස්වලට අනුව ආරම්භවන කලා කටයුත්තක් ජනතාව අතර ප්‍රචලිත වනු ඇත. බොහෝ දෙනාගේ ප්‍රසාදය ආදර කරුණාවට භාජනය වේ.

 

ධනු ලග්නය

දුෂ්කර ගමන් බිමන් යෙදේ

ධනු ලග්නයට අනුව මෙම සතිය ඔබට අන් අයගේ අප්‍රසාදය ලැබීමට නියමිතව ඇති අතර නිවසින් පිටස්තර දුෂ්කර පළාතකට යාමට පවා සිදුවෙයි. එදිනෙදා කටයුතු අවුල්සගත වීමට ඉඩ ඇත. කෙතෙක් උත්සාහ කළද සිතේ කළකිරීම දිගටම පවතී. ඔබට තම අදහස් ක්‍රියාත්මක කිරීමේදී අන් අයගේ දැනමුතුකම් අවශ්‍යවන සතියකි.

 

මකර ලග්නය

නව ආදායම් මාර්ග

මකර ලග්නටයට අනුව ඔබට සතිය ආරම්භ වන්නේ ආර්ථික ප්‍රතිලාභයක්ද සමඟයි. ඒ අතර නව ආදායම් මාර්ගයකටද

මඟ සැලසෙනු ඇත. නව වෘත්තීය ස්ථානයේ සැලකියයුතු ප්‍රගතියක් අත්පත්වේ. එදිනෙදා කටයුතු ආත්ම තෘප්තියෙන් කරගෙන යාමට දිරිය ශක්තිය ලැබෙන සතියකි.

 

කුම්භ ලග්නය

රැකියාවේ උසස් වීමකට හිමිකම්

කුම්භ ලග්නයට අනුව මෙම සතිය චන්ද්‍රයා 10 වැන්නේ සිට ගමන් අරඹන නිසා හදිසි ප්‍රතිලාභ අතර රැකියාවේ උසස්වීමක් ලැබෙනු ඇත. එහෙත් කාර්ය්‍ බහුලතාව නිසා සිතට අසහනකාරි අදහස් මතු කෙරෙනු ඇත. තමාගේ සහායට පැමිණෙන බොහෝ දෙනා නිසා තම කටයුතු දිරියෙන් ඉදිරියට කරගෙන යාමට හැකිවේ.

 

මීන ලග්නය

පෙර පිං පලදේ

මීන ලග්නයට අනුව මෙම සතිය ඔබට පෙර පිං මහිමය මතු කරනු ඇත. නිවෙසේ ආගමික ස්වරූපයක් දක්නට ලැබෙන අතර අසරණව සිටින රෝගීන්ට හා පරිසර විෂමතාවලින් බැටකෑ පිරිසකට පිහිටවීමට ඔබ පෙළඹෙනු ඇත. ඒ නිසාම බොහෝ අය වෙතින් සහයෝගය හා ප්‍රසාදය හිමි වනු ඇත.

 

 

සුබසෙත

ජ්‍යෙෂ්ඨ කර්තෘ

අජිත් ධර්මසිරි