ජීවිතේ සුන්දරත්වය අත්විඳින්න

නොවැම්බර් 26, 2018

උසස් පෙළ හදාරන ගාල්ල ප්‍රදේශයේ පිරිමි දරුවෙක් කෝච්චියට පැන සියදිවි නසා ගනී.(මාධ්‍ය වර්තාවක්)

ජීවිතය අපට ලැබුණේ විඳින්න, මිස විඳවන්න නොවේ. මේ කාර්යබහුල ජීවන වටපිටාව තුළ ඇතිවන නොයෙක් හැලහැප්පීම් හේතුවෙන් පීඩා විඳින, කලකිරෙන මිනිසුන් අනන්තවත් අපට හමුවේ.

ඔවුන් පත්ව සිටින දැඩි පීඩන තත්ත්වය හමුවේ ඔවුන්ගේ මානසික තත්ත්වය ව්‍යාකූල වීම ස්වාභාවිකයි. ඒ නිසාම මානසික රෝගීන් වීම වුව සිදුවිය හැකියි.

නැතහොත් ක්ෂණික තීරණ ඔස්සේ දිවි නසා ගැනීම් පවා අද සුලබ සිද්ධීන් වී ඇත.

එවන් අවස්ථාවකට පත්ව සිටින අයකුට මෝහන ප්‍රතිකාර තුළින් සුවයක් ලබාගත හැකි වීම සතුටට කරුණකි. ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හෝ ආයතනයක් වෙත යොමු වීම වඩාත් සුදුසුය.

දිවි නසා ගන්නා අයකු කලින් හඳුනාගත හැකියි

බොහෝ විට තම ජීවිතය නසා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින අයකු කලින්ම හඳුනාගත හැකියි. මිනිසාගේ මනෝභාවය අධ්‍යයනය කළ අයකුට එය ඉතා පහසු කාර්යයකි. යම් පුද්ගලයකු තුළින් පහත ලක්ෂණ පෙන්වන්නේ නම් වඩාත් සැලකිලිමත් විය යුතුය.

* දිවි නසා ගැනීමට උත්සාහ දරන ලද අය ඒ පිළිබඳ යම් ඉඟි පළකරන අය (උදා: ජීවත් වී පලක් නොමැත. මොකටද මෙහෙම ජීවත්වෙලා)

* ජීවිතයෙන් පලායාම පිළිබඳ නොයෙක් විට කතා කිරීම එසේ කරන බවට තර්ජනය කිරීම තම ජීවිතය පිළිබඳ තීරණාත්මක අවස්ථා පිළිබඳ කලින්ම තීරණයකට එළඹීම

(උදා: තම දේපළ බෙදා වෙන් කිරීම, අන්තිම කැමැති පත්‍රයක් ලිවීම)

* ජීවිතයෙන් පලායාම පිළිබඳ සිතිවිලිවල නිතර නිමග්න වීම

* දිවි නසාගත් යම් අයකු පිළිබඳ අත්දැකීම් තිබෙන අය (උදා: ඥාතීන්, අසල්වැසියන්, මිතුරන්)

* මත්ද්‍රව්‍යය, මත්පැන් භාවිතයට පුරුදු වූ අයකු වීම

* ආවේගශීලීබව පාලනය කිරීමට අපහසු අය

* ගැටලු විසඳීමේ හැකියාව අඩු අය හා එම ගැටලුවලින් මිදීමට කිසිදු උත්සාහයක නිරත නොවන අය

* ප්‍රජනන අක්‍රමිකතා යමක් දෙස පුද්ගලයා දකින, බලන ආකාරය මෙහි සරල අදහස වේ.

මෙහිදී ඇතැම් පුද්ගලයෝ අන් අය විසින් දෙනු ලබන සියලුම විසඳුම් සහයෝග ප්‍රතික්ෂේප කිරීම හා දිවිනසා ගැනීම එකම විසඳුම බව ප්‍රත්‍යක්ෂ ලෙස පැවසීම

* විශාදය හෙවත් මානසික අවපීඩනය (ච්ඥනපඥඵඪධද) තත්ත්වයෙන් පෙළෙන අය මේ වනවිටත් විශාදය සඳහා උපදේශන සේවාවන් හෝ මානසික ප්‍රතිකාර ලබමින් සිටින අයකු එම සේවාවන් අනවශ්‍ය බව දන්වමින් සේවාවන් ප්‍රතික්ෂේප කිරීම

 

* මේ වනවිටත් මානසික සෞඛ්‍යය පිළිබඳ යම් ගැටලු ඇති අය

*නිදන්ගත (ඛ්ඩපධදඪජ)/ උග්‍ර කායික රෝගී තත්ත්වයකින් පීඩා විඳින අය. විශේෂයෙන්ම යමකු ආබාධිත තත්ත්වයට පත්කළ හැකි හෝ තම ශාරීරික පෙනුමට ප්‍රබලව හානි සිදුවිය හැකි රෝගී තත්ත්වයන්.

* ඔබට ළෙංගතු ඔබව තේරුම් ගන්නා අයකුට කතා කිරීමෙන් ලැබෙන සහනය සහ තෘප්තිය

තරුණ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල ඇතිවන හදිසි පසුබෑම

යමකු සියදිවි නසාගැනීමට අවශ්‍ය දේවල් සැලසුම් සහගතව එක්රැස් කිරීම

උදා: ඖෂධ විශාල ප්‍රමාණයක් මිලදී ගැනීම. වසවිස මිලදී ගැනීම. කඹයක් හෝ වෙනත් දිවිනසා ගැනීමට අවශ්‍ය උපකරණ මිලදී ගැනීම

මෝහනයෙන් අත්වන ප්‍රතිලාභ

* ඉක්මන් ප්‍රතිකාර තුළින් ඔබට මානසික රෝගියකු වීමෙන් වැළකීමට ඇති හැකියාව

* ඖෂධ ප්‍රතිකාර යොදා නොගන්නා නිසා අතුරු ආබාධ නොමැතිවීම

* තවත් අයකුට පැවසුවහොත් ඔබේ

ගරුත්වයට විය හැකි හානිය වළක්වා ගැනීමට හැකිවීම.

* අතිශයින්ම පුද්ගලික හා රහසිගත බව සුරක්ෂිත වීම

* අපට කතා කිරීමට ඔබ අද ගන්නා තීරණය හෙට දවසේ ඔබේ ජීවිතයට විශාල ආයෝජනයක් වීම.

*කාටවත් කියන්න බැරි, කිව්වත් ඵලදායී විසඳුමක් නොලැබෙන, ඔබේ සිතේ හිරකරගෙන දුක් විඳින ගැටලුවලට ඔබටම ගැළපෙන ඵලදායී විසඳුමක් සොයාගන්න.

 

 

මෑතකදී පහත සඳහන් තත්ත්වයන්ගේ අහිමි වීමකට ගොදුරු වූ අය

* තම ආත්ම විශ්වාසය අහිමි වීම

* ආදරය අහිමි වීම

* ආදරය කළ අයකු මියයාම

* සෞඛ්‍යය පිරිහීම

යමකුගේ ප්‍රචණ්ඩකාරීත්වය හේතුවෙන් මිය ගිය අයකු එම තත්ත්වයට ගොදුරු වීම ඇසින් දැක තිබීම. ඒ හේතුවෙන් ජීවත්ව සිටින පුද්ගලයා කම්පනයට පත්වීම

සර්ව සුබවාදී සර්ව සම්පූර්ණ ජීවිතයක් පිළිබඳ සිතන අය මෙවැනි අය අංග සම්පූර්ණ නොවූ කිසිවෙක් පිළිගැනීමට නොමැත. එනම් තම ජීවිතයේ යම් අඩුපාඩු සම සිතින් පිළිනොගන්නා අය

 

නිල්මිණී හෙට්ටිගොඩ

මනෝ චිකිත්සක හා

මනෝ විද්‍යා උපදේශිකා