දරුවකු නීත්‍යානුකූලව හදාගැනීමට ලබා ගන්නේ කෙසේද?

දෙසැම්බර් 12, 2018

විවාහක යුවළකගේ බලාපොරොත්තු අතරින් ප්‍රමුඛතම බලාපොරොත්තුව වන්නේ දරුවකු ලබා මවක හා පියකු වීමයි. අනුර හා නිර්මලා දෙදෙනා ද විවාහයෙන් පසු දරුවකු ලබා ගැනීමට සිහින මැවූහ.

එහෙත් දිනෙන් දිනම ඔවුන්ගේ සිහිනය බොඳ වන්නට පටන්ගත්තේය. නොයෙක් වෛද්‍යවරුන් හමුවෙමින් දරුවකු ලබා ගැනීමට උත්සාහ කළ ද ඒ සිහිනය සැබෑ වූයේ නැත. එනිසා ඔවුන් දෙදෙනා හදාගැනීමට දරුවකු ලබා ගැනීමට තීරණය කළහ. දරුවා හදා ගැනීමට තරම් වත්කම් නොමැති බව පැවසූ මාපිය දෙදෙනකුගෙන් දරුවකු ලබා ගැනීමට ඔවුන්ට හැකි විය. දරුවා සමඟ අනුර හා නිර්මලා ඉතා සතුටින් ජීවිතය ගෙන ගිය ද දරුවාට අවුරුදු දෙකක් පමණ වන විට ගැටලුවක් මතුවන්නට විය. එනම් දරුවාගේ ස්වාභාවික මවුපියන් දරුවා ආපසු ඉල්ලීමයි. නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකර දරුවා හදා ගැනීමට ගත් තීරණයේ බරපතළකම ඔවුන්ට අවබෝධ කර ගත්තේ දරුවා ආපසු ඉල්ලීමත් සමඟය. එනිසා දරුවකු නීත්‍යානුකූලව හදාගැනීමට ලබා ගන්නේ කෙසේද යන්න ගැන දැනුවත් වීම වැදගත් වේ.

නෛතික වගකීම්

දරුකමකට හදා ගැනීමේ දී (කුලවද්දා ගැනීමේදී) ජීව විද්‍යාත්මක සම්බන්ධයක් නැති වැඩිහිටි පුද්ගලයන් දෙදෙනකු (හෝ එක් අයකු) හා දරුවකු අතර දරු-මාපිය සම්බන්ධතාවක් කෘත්‍රීම යාන්ත්‍රණයක් මඟිින් නිර්මාණය කිරීමක් සිදු වේ. දරුකමට හදා ගැනීමේ නියෝගයක් සමඟ සියලුම නෛතික මවුපිය වගකීම් දරුවාගේ ස්වාභාවික මවුපියන්ගෙන් වෙනත් අයකුට මාරුවීමක් සිදුවේ. දරුවාගේ භාරකරුවා වන පුද්ගලයාට මවුපිය අයිතිවාසිකම් හා වගකීම් හිමිවේ. දරුකමට හදා ගැනීමේ නෛතික ක්‍රියාවලිය අවසානයේ දරුවා හා හදාගන්නා මවුපියන් අතර නෛතික සම්බන්ධතාවක් හට ගනී. දරුකමට හදාගැනීම සම්බන්ධ ශ්‍රී ලංකාවේ නීතිය ඉංග්‍රීසි නීතියෙන් හා උඩරට නීතියෙන් පැවතගෙන එයි. නීත්‍යනුකූලව දරුකමට හදාගැනීමේ සංකල්පය සමාන්‍ය නීතිය යටතට හඳුන්වා දෙන්නේ 1941 අංක 24 දරන දරුකමට හදා ගැනීමේ ආඥා පනතෙනි.

දරුවකු දරුකමට හදා ගැනීමට කැමැත්තක් දක්වන ඕනෑම අයෙක් අධිකරණයට ඉල්ලීමක් කළ යුතු ආකාරය පනතේ 2(1) වගන්තියේ දැක්වේ. මෙහිදී දරුවා යනු කවරෙක් ද යන්න පනතේ් දක්වා ඇත. ඒ අනුව හදාගැනීමට ගන්නා දරුවාගේ වයස අවුරුදු 14ට අඩු විය යුතුය. දරුවාගේ වයස අවුරුදු 10 ට වැඩි නම් දරුවාගේ කැමැත්ත ලබා ගත යුතු වේ.

සුදුසු මාපියන්

දරුකමට හදාගැනීමට දරුවකු ලබා ගත හැක්කේ කුමන පුද්ගලයන්ට ද යන්න පනතේ දක්වා ඇත. කාන්තාවකට හෝ පිරිමියකුට තනිව හෝ විවාහක යුවළක් වශයෙන් දරුවකු හදා ගැනීමට ලබා ගත හැකියි. දරුවා හදා ගැනීමට අදහස් කරන පුද්ගලයාගේ වයස අවුරුදු 25ට වැඩි විය යුතුය. දරුවාත් හදාගන්නා පුද්ගලයාත් අතර වයස පරතරය 21ට හෝ ඊට වැඩි විය යුතුය. දරු දෙමාපිය සම්බන්ධතාව පවත්වා ගැනීම සඳහා මේ වයස් පරතරය හඳුන්වා දී ඇත. නමුත් අවුරුදු 21 වයස් පරතරය බලපාන්නේ නැති අවස්ථා කීපයක් ද පනතේ දක්වා ඇත. එනම් දරුවා සෘජුවම ඉල්ලුම්කරුගෙන් පැවැත එන්නකු වීම, දරුවා ඉල්ලුම්ිකරන්නාගේ පූර්ණ හෝ අර්ධ සහෝදර සහෝදරියක හෝ ඔවුන්ගෙන් පැවැතෙන්නකු වීම, දරුවා ඉල්ලුම්කරුගේ බිරියගේ හෝ සැමියාගේ වෙනත් විවාහයක දරුවකු වීම යන අවස්ථාවල දී වයස් පරතරය බලපාන්නේ නැත. ඒ අනුව සහෝදර සහෝදරියක් හෝ නැන්දා, මාමා, සුළු මව හෝ පියා ඉල්ලුම් කරන විට වයස් පරතරය බලනොපාන බව පැහැදිලිය.

 

ලිංගික සූරාකෑම වැළැක්වීමට . . .

2018/12/12 තරුණි පුවත්පත බලන්න