වලංගු විවාහයක් සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා

ජනවාරි 9, 2019

අයෝමි විවාහ වන වයසේ පසු වූ දියණියක වූවාය. ඇයගේ මවුපියන් ඇයට විවාහ යෝජනා රැසක් ගෙන ආවත් නොයෙක් හේතු මත ඒ එකදු යෝජනාවක් හෝ සාර්ථක වූයේ නැත. බොහෝ කාලයක් ගත වීමෙන් පසු පැමිණි එක් යෝජනාවකට නයෝමි කැමැත්ත ලබා දුන්නාය.

ඔහු කලින් විවාහ වී දික්කසාද වූ පුද්ගලයෙක් වුව ද ඉහළ වැටුපක් ලබන රැකියාවක් හිමි නිසා ඒ පුද්ගලයා සමඟ සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට දියණියට හැකි වේ යැයි මවුපියෝ විශ්වාස කළහ.

ඔහුගේ ඉල්ලීම මත නයෝමි සිය රැකියාව ද අතහැර දැමුවාය. එහෙත් විවාහයෙන් පසු මාස දෙක තුනක් ගත වන විට සියලු බලාපොරොත්තු බිඳ වැටෙන්නට විය. ඇයගේ ස්වාමිපුරුෂයාගේ ක්‍රෑර හා අමානුෂික වධහිංසාවලට ලක්වීමට ඇයට සිදු විය. මේ සියල්ල විඳ දරාගෙන නිවෙසේ සිරකාරියක ලෙස ජීවත්වීමට ඇයට සිදුවූවාය.

මවුපියන්, ඥාතීන් සමඟ සම්බන්ධතා පැවැත්වීම පවා ඇයට තහනම් විය. මවුපියන් පවුලේ වැඩිහිටියන් කොතෙක් අවවාද කළ ද ඔහු ඒ සියල්ල නොසලකා හැරියේය. අවසානයේ විවාහය විසුරුවා හැරීමට නීතියේ පිහිට සොයන්නට ඇයට සිදු විය. තමා බරපතළ වංචාවකට හසුව ඇතැයි ඇය දැනගන්නේ එහි දී ය. ඇයගේ ස්වාමිපුරුෂයා පෙර පැවති විවාහයෙන් දික්කසාද වී ඇතැයි පැවසුව ද එය සත්‍යයක් නොවීය.

දික්කසාද නඩුවක් පවරා තිබුණ ද එහි නියත තීන්දුව ලබා දී තිබුණේ නැත. උද්ගත වූ බරපතළ ප්‍රශ්නය වූයේ ඔහු සමඟ නයෝමිගේ විවාහය වලංගු විවාහයක් ද යන්නයි. ඇයට දික්කසාදයක් ඉල්ලා සිටිය හැකි ද? නඩත්තු ඉල්ලා සිටිය හැකි ද? ආදී වශයෙන් ගැටලු රැසක් මතු විය.

නයෝමි මුහුණ දී සිටින මේ ගැටලුවලට පිළිතුර සොයා යාමේ දී පළමුව සොයා ගත යුත්තේ ඔවුන්ගේ විවාහය වලංගු විවාහයක් ද යන්නයි.

නයෝමි පමණක් නොව අද සමාජයේ බොහෝදෙනෙක් මෙවැනි සිද්ධිවලට මුහුණ දී සිටිති. එයට හේතුව ඔවුන් නීත්‍යානුකූල විවාහයක් යනු කුමක්දැයි නොදැන සිටීමයි. විවාහයට ඇතුළු වීමට පෙර සලකා බැලිය යුතු මූලික නීතිමය කරුණු පිළිබඳ බොහෝ දෙනකුට දැනුවත්භාවයක් නොමැත. නීත්‍යානුකූල විවාහයක් සිදුවීමට සපුරාලිය යුතු අවශ්‍යතා නොසලකා හැර විවාහ ජීවිතයට ඇතුළත් වීමෙන් පසුකාලීනව මෙවන් අසරණ තත්ත්වයන්ට මුහුණ දෙති. එනිසා වලංගු විවාහයක් සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා පිළිබඳ දැනුවත්වීම ඉතා වැදගත්ය. ඒ පිළිබඳ පැහැදිලි කිරීම මේ ලිපියේ අරමුණයි.

විවාහය ගිවිසුමක් ද?

විවාහය යන්න පුද්ගලික ගිවිසුමක් ලෙස හැඳීන්විය හැකි වුව ද එය අනෙක් ගිවිසුම්වලින් වෙනස් වූවකි. විවාහයක් පුද්ගලික ගිවිසුමක් වුව ද එය සමාජයට සෘජුව බලපාන්නකි. වෙනත් ගිවිසුම් මෙන් කොන්දේසිවලට යටත්ව විවාහයකට ඇතුළත් විය නොහැකිය. විවාහයක දී ස්වාමිපුරුෂයාගේ හා

2019/01/09 තරුණි බලන්න