හරි මඟින් රට යන්නේ කොහොමද?

විදෙස් රටක සේවයේ යෙදී සිටිය දී ඔබ දැන සිටිය යුතුම කරුණු කාරණා
නොවැම්බර් 13, 2019

අතට දැනෙන මුදලක් හරිහම්බ කොට දිවිය සරුකරගන්නට සිතන පිරිස් එම අපේක්ෂාවන් මෙරට දී මුදුන්පත් කරගැනීමට නොහැකි වූ විට දී එකම විකල්පය ලෙස සිතනුයේ වසර කිහිපයක් විදෙස්ගතව සිට රැකියාවක් කරන්නටයි.

හරි මඟින් රට යෑම පිළිබඳ ඔබ වඩාත් දැනුවත් විය යුතුවන්නේ විදෙස්ගත වන්නේ වසර දෙක ද? තුන ද? ඊට වඩා වැඩි කාලයක් ද එම කාල සීමාව තුළ දී හැකි උපරිම මුදලක් ඉතුරුපහදු කරගනිමින් ජීවන බරට උරදෙන්නටත්, එම කාලසීමාව මානසික සතුටකින් යුතුව රැකියාවේ නියැළීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීමට යි.

විදෙස්ගත වූ පසු සියලුම කටයුතු සිදුවන්නේ හා සිදුවිය යුත්තේ රැකියා ගිවිසුමට අනුවයි. එබැවින් විදෙස්ගත වීමට පෙර රැකියා ගිවිසුම සම්බන්ධව දැනුවත්ව සිටීම වැදගත් වේ.

 

ගිවිසුම කඩ කිරීම

ගිවිසුමට අදාළ වන රැකියාව, අදාළ වැටුප නොලැබෙන්නේ නම් ඒ පිළිබඳ තානාපති කාර්යාලය හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් කරලීම කළයුතු වේ. උදාහරණයක් ලෙස ඔබට ය නම් නිවෙසේ ගෘහසේවිකා තනතුරේ, පිරිමි කෙනකු නම් රියැදුරු පත්වීමක් නම් ලැබුවේ රියැදුරු වෙනුවට නිවෙස පිරිසුදු කරන්නන් ලෙස කටයුතු කිරීමට සිදුවුවහොත් ඔබට ලැබී ඇත්තේ පොරොන්දු වූ රැකියාව නොවේ.

ගිවිසුමට අනුව ඔබට ගෙවීමට නියමිත වැටුප උදාහරණයක් ලෙස සවුදි රියාල් 1000 ක් යැයි සිතමු.

නමුත් ඔවුන් ඔබට ගෙවන්නේ සවුදි රියාල් 900 ක් නම් එය ද ගිවිසුම කඩ කිරීමකි. පොරොන්දු වූ වෘත්තීය, වැටුප නොලැබුණු විට දී දුරකථන මාර්ගයෙන් කාර්යාංශය හෝ තානාපති කාර්යාලය අමතා දැනුවත් කළ හැකි වේ. මේ පිළිබඳ ඔබට ඔබේ නිවෙසේ අය ද දැනුවත් කළ හැකියි. එවිට නිවෙසේ කෙනකුට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය හෝ ශාඛා කාර්යාලයක්් ඇමතීමෙන් හෝ ඒ වෙතට පැමිණීමෙන් අදාළ පොරොන්දු කඩ කිරීම පිළිබඳ පැමිණිල්ලක් දැමිය හැකි වේ.

විදෙස් රටක දී අදාළ නිවෙසේ හෝ රැකියා ස්ථානයේ සිටින පිරිස් ඔබට හිරිහැර කරන්නේ නම්, සිරකරගෙන සිටී නම්.. ආදී වදහිංසාවලට, අඩන්තේට්ට්ම්වලට ලක්වෙමින් සිටියි නම් එවිට ඔබට එම රටෙහි ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලය, තානාපති කාර්යාලය හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් කළ හැකි වේ.

මේ පිළිබඳ කරුණු කාරණා සොයා බලමින් කටයුතු කරනුයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ අංශයයි. සමථ අංශය අදාළ රටේ තානාපති කාර්යාල සහ මේ රටේ ඒජන්තවරයා හරහා ගැටලුව විසඳීමට කටයුතු කරයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ 44 වැනි වගන්තියට අනුව ඒජන්තවරයාට ප්‍රදානයක් (චඹචපඤ) ලබාදේ. ඒ අනුව අදාළ ශ්‍රමිකයාට ගිවිසුමේ සඳහන් මුදලට වඩා අඩු වැටුපක් නම් ලැබුණේ එම හිඟ මුදල කෙසේ හෝ (විදේශ ඒජන්සිකරු වෙතින්) ශ්‍රී ලංකා මුදලින් ගණන් බලා ඒජන්සිකරුවා විසින් ලබාදිය යුතු වේ. එය අදාළ ශ්‍රමිකයාට ගෙවීමට කටයුතු නොකළේ නම් ඒජන්තවරයාට විරුද්ධව උසාවියේ නඩුවක් දමා හිඟ මුදල ශ්‍රමිකයාට ලබාදීමට කටයුතු කෙරේ.

 

වරදකට හසුවුවහොත්

විදෙස් රටක දී එම රටේ නීති රීති පද්ධතියට අනුගතව කටයුතු කිරීමට ඕනෑම කෙනකුට සිදු වේ. මේ නිසා සොරකම් කිරීම, ළමුන්ට හිරිහැර කිරීම, මිනී මැරීම... ආදී කිසිම වරදක් සඳහා සමාව නොලැබේ. එවැනි වරදක දී ඊට මැදිහත් වීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පවා අවකාශ නොලැබේ. එසේ මැදිහත් වීමට සිතීම පවා යුක්ති ගරුක නැත. උසාවියේ නඩුවක් ඇතිවිට දී ඒ සඳහා මුදල් අවශ්‍ය වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඊට මැදිහත් වේ. වරද සාධාරණ එකක් නම් පමණක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඊට මැදිහත් වීමට උත්සාහ කරයි.

 

උපදෙස්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති කළමනාකාරිනී

නෙළුම් සමරසේකරට

 

2019/11/13 තරුණි බලන්න...