නව වසරක් උදාවෙනවා ද? උදාකරගන්නවා ද?

ජනවාරි 1, 2020

අපටත් නොදැනීම දිනෙන් දින ගෙවී අවුරුද්දක් අවසන් වෙලා.. නව වසරකට පා තබන මේ මොහොතේ බොහෝ දෙනාගේ සිත් තුළ නව හැඟුමන්, නව බලාපොරොත්තු පිරී ඉතිරී යයි.

එහෙත් ජීවිතය ජය ගන්නට නම් වඩා හොඳ ජීවිතයක් ලබා ගැනීමට නම් අපි නව වසර කෙසේ පිළිගත යුතුදැයි මඳක් සිතුවාද?

සිතන්න, කොතරම් ආශාවල්, අරමුණු, බලාපොරොත්තු අපේ සිත් තුළ තෙරපෙමින් තිබෙනවාද? එහෙත් මේ සියල්ල ම අපේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් අවැසි නොවනු ඇති. ඔබගේ සිතේ ඇති අදහස් ක්‍රමානුකූලව පෙළගැස්වීමෙන් ඔබේ ජීවිතයට ප්‍රයෝජනයක් ඇති වන අයුරින් නව වසර ගත කිරීමට සැලසුමක් ඔබට සකසා ගත හැකියි.

ඒ වෙනුවෙන් ඔබට සහාය වීමට අපි සූදානම්..

නව වසර එළැඹීම දෙයාකාරයකට සිදු විය හැකියි. ඔබගේ කිසිම සූදානමක් නැතිව උදාවන අවුරුද්ද නිසා දින දර්ශනය පමණක් වෙනස් වීමෙන් අවුරුද්දේ නව තාවය ඇති විය හැකිය. ඔබගේ ජීවිතය පෙර ලෙසින්ම වෙනසක් නැතිව ගලා යයි. එවිට නව වසර උදා වේ.

එහෙත් ඔබට අවශ්‍ය නම් ජීවිතයේ නව වෙනසක් ඇතිකර ගැනීම උදෙසා නව වසරක් උදාකර ගැනීමට පුළුවන. මේ සඳහා නිකරුණේ බලා සිටීම ප්‍රමාණවත් නොවේ. අලුත් වැඩපිළිවෙළකට අනුගත වී යම් කිසි සැලසුමකට අනුව නව වසරේ වැඩ කිරීම අරඹන්නේ නම් ඔබට නව වසරක් උදාකර ගැනීමට හැකියාව ලැබේ.

මේ සඳහා උදාහරණයක් දක්වන්නේ නම්, ඔබ යම් කිසි ගමනක් යාම සඳහා උදෑසන අවදිවන ආකාරය සිහියට නඟා ගන්න. මෙහිදී ඔබ උදෑසන අවදි වන්නේ උද්‍යෝගයකිනි. ගමනට අවශ්‍ය ඇඳුම් කැඩුම්, බඩු බාහිරාදිය කලින් දිනම සූදානම් කරගනී. යා යුතු වාහන පිළිබඳ මෙන්ම එය යන ආකාරය පවා සිතින් සැලසුම්කර හමාර ය. සැලසුමක් ඇතිව නව වසරට මුහුණ දීම ද එසේමය. එය උද්‍යෝගයකින් යුතුව එළැඹෙන වසර පිළිගැනීමට ඔබට උත්තේජකයක් වේ.

මේ අවුරුද්ද සඳහා මම පිහිටුවා ගන්නා අරමුණු මොනවාදැයි ඔබ සිතාගත යුතුය. ඒවා විශාල සංඛ්‍යාවක් නොවිය යුතුය. වඩා වැඩි අරමුණු සංඛ්‍යාවක් තිබීමෙන් ඒවා සඵල කරගැනීමට අපහසු විය හැකියි.

2020/01/01 තරුණි බලන්න

උපදෙස්

කළමනාකරණ උපදේශක

දීපාල් සූරියආරච්චි