ඔබේ නිවෙසේ කොම්පෝස්ට් බඳුනක් නැතිනම් මෙලෙසින් ඒ කටයුත්ත අරඹන්න...

ජනවාරි 1, 2020

අපේ ජීවිතය හැඩවෙන්නේ නව සංකල්ප, අදහස් හා නිර්මාණවලින්. විශේෂයෙන්ම ගෘහණියකට තම කුටුම්බය තුළ අලුතින් සිතන්න බොහෝ දේ තිබෙනවා. අලුතින් සිතන, අලුත් යමක් කරන පවුලක් විතරයි සාර්ථක, දියුණු පවුලක් බවට පත්වෙන්නේ.

පවුලේ කටයුතු, නිවෙසේ කටයුතු ටික නිවැරැදි ලෙසින් කළමනාකරණය කරගත්තොත් ඉතාම පහසුවෙන් තම ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. බොහෝ නිවෙස්වල ආර්ථික ගැටලුවට අමතරව තිබෙන දැවෙන ප්‍රශ්නය තමයි නිවෙසේ කුණු ප්‍රශ්නය. ගෙදරක එදිනෙදා එකතුවන කුණු ටිකට මොකද කරන්නේ ? එකතුවන කුණු අදාළ පළාතේ ප්‍රාදේශීය සභාවෙන් හෝ නගර සභාවෙන් ගෙනියන්න බැරි වුණොත් ගෙදර කුණු ටික පැත්තක ගොඩවෙනවා.

නව වසරේ අලුතින් යමක් සිතනා ගෘහණියන්ට සරල ආකාරයෙන් කොම්පෝස්ට් බැරැල් එකක් ගෙදරක පවත්වාගන යනවා නම් එය වටිනා කටයුත්තක්. ඔබත් මෙතෙක් කල් නොසිතුවා නම් මේ වසර එය ආරම්භ කළ හැකි හොඳම වසරයි. අපට නිවෙසේදීම කොම්පෝස්ට් බැරැල් එකක් සාදා ගැනීමේ සංකල්පය ඉදිරිපත් කළේ බස්නාහිර පළාතේ කසල කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂ නලින් මානප්පෙරුම මහතායි. නාගරික නිවාස හා ගෙවතුවල එකතුවන කුණු අපද්‍රව්‍ය සඳහා සාර්ථකම විසඳුමක් ලෙසින් ඉදිරිපත් කළ මේ සංකල්පය තුළින් නිවෙසේ එකතුවන කුණු තමුන්ට ඉතාම පහසුවෙන් කළමනාකරණය කරගැනීමට හැකි බව ඔහු අපට පැහැදිලි කළේ මෙලෙසිනි.

 

2020/01/01 තරුණි බලන්න