කොරියාවේ රැකියා දොරටු තවදුරටත් විවෘතයි

ජනවාරි 8, 2020

කොරියානු රටේ රැකියා අවස්ථා සඳහා පිටත්ව යෑම කලක් රැල්ලක් බඳු විය. වත්මනේ ද එහි වෙනසක් නොමැත. තරුණ පිරිසගේ අනාගතය සාක්ෂාත් කරනු පිණිස ආර්ථිකය සරු කරනු පිණිස, මෙලෙස ශ්‍රී ලාංකේය තරුණ පිරිස් වෙත කොරියාවේ රැකියා අවස්ථා විවර වූයේ 2004 වසරේ පටන් ය.

එහිදී ඡ්ර්‍ථඉ ක්‍රමවේදය හෙවත් රැකියා බලපත්‍ර ක්‍රමවේදයට අනුව කොරියානු රටේ රැකියා අවස්ථා උදාකර ගන්නා අන්දම පිළිබඳ පැහැදිලි කළෙමු.

අනුමත රැකියා වර්ග

නිෂ්පාදන කර්මාන්තය, ඉදිකිරීමේ කර්මාන්තය, කෘෂිකාර්මික සත්ත්ව පාලන (ගොවිතැන් කිරීම්, සත්ත්ව පාලනය) ධීවර කර්මාන්තය (වෙරළාශි‍්‍රත මසුන් ඇල්ලීම, ඈත වෙරළේ මසුන් ඇල්ලීම, සුරතල් මසුන් ඇතිකිරීම, විවිධ සේවා (ශීතකරණවල පදම් කිරීම, අවන්හල්, ව්‍යාපාරික උපකාරක සේවා, සමාජ සුබසාධනය, මෝටර් රථ අලුත්වැඩියාව, හෙද සේවා, ගෘහ සේවක ආදිය)

උපදෙස් - විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී

මංගල රන්දෙණිය

2020/01/08 තරුණි බලන්න