කාන්තා ඔබට ගැළපෙනම මෝටර් රථය තෝරා ගන්නේ කොහොම ද?

මාර්තු 11, 2020

ආදරණීය චූටි දුව වෙත,

හදිසියේම මේ ලියුම් කඩදහිය ලියන්නෛ් හුඟක් දේවල් මතක් කරන්න තියන නිසයි. මේ දවස්වල ගොයම් කපනවා.

මේ ලියුම වැඩියෙන්ම ලියන්නේ මේ සැරේ අවුරුද්දට කලින්ම ගෙදර එන්න කියන්න. අකිල පුතාට නිවාඩු නැති වුණාට දුවට දරුවොත් එක්ක කාර් එකේ එන්න පුළුවන්නේ. අප්පච්චිත් බලාගෙන ඉන්නේ දුව ආපු දවසක කිරිවෙහෙර වඳින්න යන්න. ඔය හයි වේ එක හදපු දවසේ පටන්ම අප්පච්චි කියන්නේ චූටි දුවත් එක්ක කතරගම යන්න ඕනේ කියලා.

ලොකු මාමගේ පිංකම තියෙන්නේ අපේ‍්‍රල් 20. ඒකටත් ඉන්න බලාගෙන එන්න. වැඩ කීපයක්ම තියෙන නිසා මේ පාර දවස් දෙක තුනක් ඉන්න බලාගෙන එන්න. දරුවෝ දෙන්නත් මතක් කළා කියන්න.

බුදු සරණයි, කතරගම දෙවියන්ගේ පිහිටයි!

මෙයට, ආදර අම්මා,

රූපවතී.

 

වත්සලා වගේම දැන් ගෘහණියන් බොහෝදෙනෙක් හරිම අවිවේකීයි. දරුවන්ගේ වැඩ රාජකාරි කරගන්න වාහනයක් තිබුණොත් හොඳයි කියන අදහස සෑම ගෘහණියකගේම හිතේ තියෙන තවත් හීනයක්. මේ හීනය සැබෑකර ගන්න නියම මඟ පෙන්වීමක් තිබුණොත් තමයි වටින්නේ. අප මෙවර කාන්තා දිනය වෙනුවෙන් ඔබට ඒ අගනා තිළිණය පිරිනමනවා. කාන්තාවන්ට ගැළපෙනම වාහනය කුමක් ද? දැනගන්න අප පිළිසඳරට එක්කරගත්තේ ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ මහතායි.

ඇත්තටම කාන්තාවන්ට ගැළපෙන හොඳම වාහනය කුමක් ද?

අප වර්තමානයේ දකින හොඳම දෙයක් තිබෙනවා. ඔවුන් දැන් තමුන්ගේ කටයුතු ස්වාධීනව කරගන්න උත්සාහ කිරීම හොඳ ප්‍රවණතාවක්. ඒ නිසාම වර්තමානයේ වාහන මිලදී ගන්න කාන්තාවගේ ප්‍රතිශතය වැඩි වෙලා තියෙනවා. මේ වනවිට වාහන මිලදී ගන්නා පිරිස අතර 25%-30% අතර ප්‍රතිශතයක් ඉන්නේ කාන්තාවන්. සමහර අවස්ථාවලදී සැමියා තම බිරියට වාහනයක් මිලදී ගන්නවා. එසේ නැතිනම් කෙළින්ම කාන්තාවක්ම වාහනයක් මිලදී ගන්න අවස්ථා තිබෙනවා.

අද කාන්තාව අතීතයේ කාන්තාවට වඩා බොහෝ ඉදිරියෙන් සිටින්නේ. අද කාන්තාවෝ තමුන්ගේම වාහනයක් පැදගෙන රැකියාවට යන ප්‍රවණතාවය වැඩිවෙලා තියෙනවා. එහිදී ඔවුන් වැඩි වශයෙන් තෝරාගන්න වාහනය වෙලා තියෙන්නේ එඥඨධද අ මෝටර් රථය. ඊට අමතරව ව්ඪඵඵචද ච්චරල කාර් එක. ඒ වගේම ඒතබධ ඛ්චප සහ ඛ්ධදමඥපබඪඡතඥ ජධධනඥප, ඩ්ධදඤච. ච්චඪඩචබඵභ කාර් එක මිලදී ගන්නවා. සමහර අවස්ථාවලදී පියා විසින් දුවට තෑගි වශයෙන් දෙන්න මිලදී ගන්නෙත් මේ වගේ මෝටර් රථ වර්ගයි.

සමහර කාන්තාවන් රාජකාරිය සඳහා යන්න මිලදී ගන්නේ ඒයඪධ, ඒතතඪධද වගේ වාහනයි. ඇතැම් උසස් තනතුරු දරන නිලධාරිනියන්ට වාහන බලපත්‍ර හිමිවෙනවා. ඔවුන් තමයි එවැනි වාහන මිලදී ගන්නේ. ඒ වගේම ඍඪබල කාර් එකත් සෑහෙන ප්‍රමාණයක් කාන්තාවන් මිලදී ගන්නා වාහනයක්.

සමහර අවස්ථාවලදී ගෘහණියන්ට ගෙදර වැඩයි, දරුවන් පාසල් රැගෙන යන්නයි දෙකටම ප්‍රයෝජනවත් ර්ඪදඪ ජචඡ එකක් මිලදී ගන්නවා. මේ වගේ වැඩවලට එචඨධද ඊරනඥ වාහනයක් ගැළපෙනවා. ඊට අමතර ච්චඪඩචබඵභ එචඬඥ වෑන් එකත් සාමාන්‍ය ප්‍රමාණයක් අලෙවි වනවා. අද කාලේ වැඩියෙන්ම විකිණෙන වාහනය තමයි ඒතබධ කාර් එක. තව ව්ඪඵඵද ච්චබඥ එක සහ එචඨධද අ එක තමයි වැඩිපුරම අලෙවි වන්නේ.

මේ අතුරින් කාන්තාවකට වඩාත් ආරක්ෂාකාරී පහසුවෙන් පැදවිය හැකි වාහනය කුමක් ද?

ජපන් වාහන ඕනැම එකක් නිෂ්පාදනය කරන්නේ ආරක්ෂාවට මුල් තැන ලබාදීමෙන්. 2019 ආරක්ෂණ පද්ධතියට අනුකූලව තමයි මේ හැම වාහනයක්ම හදන්නේ.

වාහන අතර වැඩි අවධානමක් තිබෙන්නේ කුඩා වාහනවලටයි. ලොකු වාහනයක් අනතුරට ලක්වූ විට සිදුවන හානියට වඩා වැඩියි කුඩා වාහනයක් අනතුරට ලක්වීමේදී. නමුත් සෑම ජපන් වාහනයක්ම නිපදවන්නේ රිය අනතුරකින් ආරක්ෂාවෙන ආකාරයට ඒඪප ඡචඨ සහිතව. ඉන්දියන් වාහන සමහරක් නිපදවන්නේ මෙවැනි ආරක්ෂක පද්ධති නොමැතිව. එහි ආරක්ෂක පද්ධතිය පවතින්නේ තරමක් පහළ මට්ටමින්. ජපානයේ නිෂ්පාදිත වාහනයක ලොකුම වාසිය තමයි අනතුරකදී සිදුවන හානිය අවම මට්ටමක පැවතීම.

කාන්තාවන් වාහනයක් පැදවීමේ දී තීරණ ගැනීමේ දී පිරිමින්ට වඩා සෙමින් සිදුවන බව සමාජ විද්‍යාත්මක මතයක් තිබෙනවා නේද? ඒ කුමක් ද ?

සාපේක්ෂව කාන්තාවන් රිය පැදවීමේ දී වඩාත් ප්‍රවේසම් වෙනවා. ඔවුන් වාහනයක් පදවන්නේ තරමක් හෙමින්. ඒ වගේම කාන්තාවන් වාහනයක් පාවිච්චියේ දී එම රථයට හරිම ආදරෙයි. ඔවුන් එය හොඳින් පිරිසුදුවට තබාගැනීමට වෙහෙසෙනවා. නියමිත පරිදි ඵඥපමඪජඥ කිරීම, ධඪත මාරු කිරීමේ කටයුතු නියමිත දිනයට සිදුකරනවා. ඔවුන් වාහනයක නඩත්තු කටයුතුවලදී ඉතාම හොඳින් සිදුකිරීම අගය කළයුතු දෙයක්.

කාන්තාවන්ට ඔටෝ ගියර් සහිත වාහනයක් ධාවනය කිරීම පහසුයි නේද ?

දැන් ර්චදභචත වාහන නිෂ්පාදනය අවමයි. බලපත්‍ර නිකුත් කිරීමේ දී ඒභබධ සහ ථචදභචත බලපත්‍ර දෙකම නිකුත් කරනවා. ඒ අතරින් වර්තමානයේ 95% ක් කාන්තාවන් ලබාගන්නේ ඒභබධ ජචප බලපත්‍රය. ථචදභචත ගැන බොහෝදෙනෙක් දන්නේ නැහැ. බොහෝවිට රියදුරු පුහුණු පාසල්වල ථචදභචත තිබුණත් දැන් පුද්ගලිය ඒවායේ ඒභබධ වාහන තමයි තියෙන්නේ.

දැන් තිබෙන තරගකාරීත්වයක් එක්ක වාහනයක් මිලදී ගන්නා විට විමසා බැලිය යුතු කරුණු මොනවා ද?

මුලින් සඳහන් කළ ආකාරයට ජපානයේ නිෂ්පාදිත නවීන වාහන සියල්ලක්ම ආරක්ෂිතයි. නමුත් සමහර පැරැණි ජපන් කාර්වල මෙම නවීන පහසුකම් නැහැ. උදාහරණයක් ලෙස නවීන තාක්ෂණයේ තිරිංග පද්ධතිය වඩාත්ම වැදගත්. බොහෝ ඉන්දියන් සහ පැරැණි ජපන් රථවල පවතින්නේ ථචදභචත ක්‍රියාකරන තිරිංග පද්ධතියක්. එය බොහෝවිට ක්ෂණිකව ක්‍රියාකිරීමට ප්‍රමාද වෙනවා. නමුත් නවීන තාක්ෂණයේ තිරිංග පද්ධතියක් යෙදූවිට එය කාන්තාවට පහසුයි. ඒ වගේම ආරක්ෂිතයි. එසේම නවීන රථවල රිය අනතුරු වළකාගැනීමට හා වාහනය පැදවීමට පසුවන ලෙස කැමරා පද්ධතියක් සවිකර තිබෙනවා. එය වාහනයක් පසුපසට ධාවනයට විශාල පහසුවක්. කාන්තාවකට විශේෂයෙන් මෙවැනි අංග ඇතුළත්ව තිබීම වටිනවා. එසේම අනතුරක් වීමට ආසන්නම මොහොතේ ස්වයංක්‍රීයව ක්‍රියා කරන සෙන්සර් පද්ධතියක් තිබීමත් කාන්තාවකට රිය පැදවීමට පහසුවක්.

 

උපදෙස් - ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති

ඉන්දික සම්පත් මෙරින්චිගේ

 

2020/03/11 තරුණි බලන්න