දරුවා නළවාගන්න ඇප් එකක්

මාර්තු 11, 2020

උපදෙස්

අනුරාධ කාරියවසම්

ශී‍්‍ර ලංකා යොවුන් සේනාංකයේ පරිගණක උපදේශක

 

‘කාලය රන් හා සමානයි’ කිව්වට කාලයේ වටිනාකම මිල කරන්න අසීරුයි. විශේෂයෙන් කාර්යබහුල ගෘහණියන්ට කාලය කියන්නේ අමිල සම්පතක්.

දහසක් වැඩ කටයුතු අතර කාලය ගතවන වේගය ගැන පවා විටෙක ඇතිවන්නේ පුදුමයක්. එම නිසා කළ යුත්තේ කාලය ඉතිරි වනසේ වැඩ කටයුතු කිරීමයි.

දරුවන් සමඟ නිවෙසේ කාර්යබහුලවන ඔබට ඔබගේ දෛනික වැඩකටයුතු අතපසු වීමකින් තොරව නිසියාකාරව කළමනාකරණය කරන්න තාක්ෂණයෙන් උදවු ගන්න පුළුවන්. දැන් විවිධ සේවාවන් ලබාගත හැකි මොබයිල් ඇප්ස් තියෙන නිසා ඒ සේවාවන් කරගන්නට වැඩි වෙහෙසක් ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ.

කෑම හදන්න ඇප් එකක්

Allrecipes Denner Spinner

තාක්ෂණයේ දියුණුවත් එක්ක ඉස්සර තිබුණු කුකරි පොත්වල කාර්යභාරය කාලේ තාලෙට ගැළපෙන විදිහට දැන් අන්තර්ජාලයට ඇවිත්. කම්පියුටර් එකෙන්, ෆෝන් එකෙන්, ටැබ් එකෙන් ලේසියෙන්ම බලන්න පුළුවන් නිසා කවුරු කවුරුත් පරණ ක්‍රම අතහැරලා දැන් උයන්නෙත් ඉන්ටර්නෙට් එක දිහා බලාගෙන. මේ ප්‍රවණතාව නිසාම මේ වෙද්දී අන්තර්ජාලයට කුකිං ඇප් සැලකිය යුතු ප්‍රමාණයක් එකතු වෙලා.

ලෝකයේ ඕනෑම කෑමක් මේ විදිහට සකසා ගන්න ඉතා පහසුයි. Allrecipes Denner Spinner  කියන්නේ English  භාෂාව සහිත ඇප් එකක් වුවත් එහි ඕනෑම ආහාර වට්ටෝරුවක් වෙනත් භාෂාවකට පරිවර්තනය කිරීමේ හැකියාව තිබෙනවා.

කෙටි ආහාර, උදෑසන ආහාර, දහවල් ආහාර, රාත්‍රී ආහාර සහ තේ මේසයට සුදුසු ආහාර වට්ටෝරු ඇතුළු ඕනෑම වර්ගයක ආහාර වට්ටෝරු මෙහි අන්තර්ගතයි. ලෝකයේ ප්‍රසිද්ධ ආහාර වට්ටෝරු 5000 කට අධික ප්‍රමාණයක් අන්තර්ගත මේ ඇප් එකෙහි ආහාර වට්ටෝරුවට අමතරව ආහාරය සකසන වීඩියෝව ද තිබෙන නිසා වීඩියෝව නරඹන අතරතුරම ආහාරය සැකසිය හැකියි.

 

2020/03/11 තරුණි බලන්න