දැක්මක් ඇති නායකයෙක් වී කොවිඩ් වසංගතයේදීත් නොබියව ඉදිරියට

ජුනි 3, 2020

මෙලොවට බිහිවන සෑම කෙනෙක් ම තමාගේ ජීවිතයට යම්කිසි නායකත්වයක් ලබාදෙයි. ජීවිතය ඉදිරියට ගෙන යන්නේ මේ නායකත්වයයි. අප සැවොමගේ ම ජීවීත තුළ සිටින නායකයා සහ දැක්මක්, දර්ශනයක් ඇති නායකයා හාත්පසින්ම වෙනස් දෙදෙනෙකි.

තමන්ට තමන්ව අභියෝගයක් බවට පත් කර ගනිමින් තමන්වම ගවේෂණය කරමින් අරමුණු කරා යන්නට මෙවැනි නායකයින් උත්සාහ දරයි.

ප්‍රශ්න සඳහා විසඳුම් සොයන්නෙක්  (Be a problem solver)

දාර්ශනික නායකයකු හැමවිටම විසඳුම් සොයන්නෙකි. ප්‍රශ්න විසඳන්නෙකි. මෙවැනි ව්‍යසනයකදී එවැනි නායකයකුට පහසුවෙන්ම ප්‍රශ්න විසඳීිමට පුළුවන. තම කණ්ඩායමේ සිටින සෙස්සන්ට සැලැස්මකට අනුව වැඩ කටයුතු පවරයි. එකම අරමුණක් ඔස්සේ යැවෙන කණ්ඩායමක් නිසා ඔවුන් ද පහසුවෙන් ඊට අනුගත වේ. හොඳ ඇහුම්කන් දෙන්නෙක් නිසා නිවැරැදි ප්‍රවෘත්ති මිස සමාජ මාධ්‍ය හා අනෙකුත් දේවලින් අනාවරණය වන සියලුම දේවලට කලබල නොවෙයි.

හොඳ සන්නිවේදකයෙක් (A good communicater)

අවශ්‍ය වැඩසටහන් අවශ්‍ය මොහොතේ නරඹනවා විනා සියලු සන්නිවේදන මාධ්‍යයන් පසුපස හඹා නොයයි.

අභියෝගවලට මුහුණ දෙයි Accept challenges)

තමාවම තමාට අභියෝගයක් කර ගනිමින් එක් එක් පියවරයන් ඉදිරියට තබයි. අභියෝගයන් සඳහා මුහුණ දෙනුයේ සැලසුම් සහගතවයි.

 

උපදෙස්:

ආචාර්ය බුද්ධිමා සුබසිංහ

 

2020/06/03 තරුණි පුවත්පත බලන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.