නිවෙසේ සිට රාජකාරි කටයුතු කිරීම හසුරුවා ගන්නේ කොහොම ද?

How to manage WFH
ජුනි 17, 2020

නිවෙසේ සිට රාජකාරි කටයුතු කිරීමට ඔබ දැන් හොඳින්ම සූදානම්. හැමදාමත් මේ විදිහටම කරන්න තිබුණා නම්.... එහෙම හිතුණු අයත් ඕනෑතරම්. මේ සඳහා ඔබට අවශ්‍ය වුණේ තාක්ෂණික මෙවලම් කිහිපයක් පමණයි.

කොවිඩ් වසංගතයත් සමඟින් පළමු සති දෙක ගෙවී ගියේ කිසිම කෙනකුට කිසිවක් කරකියා ගත නොහැකි පරිද්දෙනි. මේ දින කිහිපයේ බොහෝදෙනකුට තම කාර්යාලය, එහි රාජකාරි කටයුතු ආදී සියල්ලක්ම අමතක වූ තරම් ය.

මේ වසංගතයත් සමඟින් බොහෝ ආයතනවලට වැටුප් ගෙවාගත නොහැකි තත්ත්වයක් උදාවිය. ස්ථිර සේවයේ නොවූ පිරිස් බොහොමයකට තම රැකියාව පිළිබඳ අස්ථාවර බවක් උදා විණි. නිවෙසේ සිට රාජකාරී කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙනු වෙනුවට, වහාම රැකියාවලින් ඉවත් කිරීමට සිදුවූයේ මෙතෙක් කාලයකට සැලැස්මකින් තොරව වැඩකටයුතු කිරීම නිසාය. මේ නිසා මානසික පීඩනයන්ට ලක්වීමට, දිවි තොර කරගන්නට පවා සිතුණු අය සිටියි. මෙය අපේ රටට පමණක් නොව මුළු ලෝකයටම පොදු වූ තත්ත්වයකි.

 

2020/06/17 තරුණි පුවත්පත බලන්න.