පරිගණකයේ ඔබේ සෙවුම් හසුරුවා ගන්නේ කොහොම ද ?

ජුනි 24, 2020

රැකියාවල නියුතු වුවන්ට මෙන්ම සිසුවියන්ට ද අන් කවරදාටත් වඩා තාක්ෂණය සමඟින් බැඳී සිටින්නට සිදුවිය. මෙය ඉතාම ආරක්ෂිතව තාක්ෂණය පිළිබඳ මනා දැනුමකින් යුතුව කළයුතු වූවකි.

මන්ද පරිගණකයෙන් වේවා, ජංගම දුරකථනයෙන් වේවා ඔබ සෙවූ තොරතුරු මොනවාද යන්න එහි (World Wide Web‹)) හි සටහන් ( Digital Foot Print) වේ. මේ අනුව අපේ ජීවිත කාලය පුරාවට මෙවැනි digital foot print ලක්ෂ ගණනක් තැබෙන බව ඔබ දන්නවාද?.

කොවිඩ් 19 වැනි ව්‍යසන ඉදිරියේදී තවත් ඕනෑතරම් ඇති වීමටපුළුවන. ඒ හැම අවස්ථාවකදීම තාක්ෂණයත් සමඟින් ඉදිරියට යෑමට සිදුවේවි. මෙහිදී digital foot print පිළිබඳ සැලකිලිමත් වීමට වේවි. ඒ නිසා ඔබ තාක්ෂණය භාවිත කළයුතු වන්නේ තවත් කෙනකුට ඔබ සෙවූයේ මොනවාදැයි සොයාගත නොහැකි පරිද්දෙනි. ඒ සඳහා වූ ආරක්ෂිත උපක්‍රම අනුගමනය කිරීමට තරම් උපායශීලී විය යුතුවේ. එසේනම් පුද්ගලිකත්වය(privacy)), ආරක්ෂිතබව (Security), ආචාරධර්ම (Ethics)  යන සියල්ල ආරක්ෂා කරමින් තාක්ෂණයේ පිහිට පැතිය යුතු වේ.

 

උපදෙස්:

ආචාර්ය බුද්ධිමා සුබසිංහ

 

2020/06/24 තරුණි පුවත්පත බලන්න.