මංගල උළෙල වර්ණවත් කරන්න ලස්සන කේක්

දම් පැහැය තේමා කරගත් කේක් නිර්මාණයක්
අගෝස්තු 21, 2019

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 16X16 ප්‍රමාණයේ අඟල් 2 ක් උස

බේස්බෝඩ් එකක්

අඟල් 14X14 ප්‍රමාණයේ අඟල් 4 ක් උස

හතරැස් ඩමි එකක්

අඟල් 12X2 ප්‍රමාණයේ රවුම් ඩමියක්

අඟල් 10X4 ප්‍රමාණයේ රවුම් ඩමියක්

අඟල් 8X4 ප්‍රමාණයේ රවුම් ඩමියක්

අඟල් 6X4 ප්‍රමාණයේ රවුම් ඩමි එකක්

ෆොන්ඩන්ට් අයිසිං

පාච්මන්ට් අයිසිං

අඟල පළල දම් රිබන් පටි

වයින් වීදුරු තුනක්

සුදු පබළු වැලක්

නිර්මාණය කිරීම

පළමුව බේස්බෝඩ් එක ගෙන සුදු ෆොන්ඩන්ට් අයිසිංවලින් කවර් කරගන්න. ඉන්පසු ඉහතින් ඇති සියලු ඩමි සුදු ෆොන්ඩන්ට් අයිසිංවලින් කවර් කරන්න. පසුව එම ඩමි වටා දම් පැහැති රිබන් පටි අලවන්න. මෙහි ඇති ලොකුම ඩමියේ රිබන් එක වටා සුදු පබළු වැලක් අලවන්න.

දැන් මෙම ඩමි පිළිවෙළින් බේස්බෝඩ් එක මත තබන්න. තෙවැනි සහ සිව්වැනි ඩමියේ අතරට වයින් වීදුරු තුනක් තබන්න. ඉන්පසු පාච්මන්ට් අයිසිං මඟින් සාදාගත් ඕකිඩ් මල්, ඕපන් රෝසමල් සහ ගෙඩි ඡායාරුපයේ දැක්වෙන පරිදි කේක් එක මත රඳවා ගන්න.

2019/08/21 තරුණි බලන්න