පොඩිත්තන්ගේ ලෝකයට සතුට ගෙනෙන්නට...

ඔක්තෝබර් 2, 2019

හරි ලස්සන කේක් එකක්

ලෝක ළමා දිනය යෙදී තිබෙන්නේ ඔක්තෝබර් 01 වැනිදායි. පුංචි ළමයි නම් ඒ දිනය සමරන්නේ හරිම විනෝදයෙන්. රසවත්, ගුණවත්, පෝෂ්‍යදායී ආහාරවලටත් මෙහිදී හිමිවන්නේ විශේෂ තැනක්. කේක් කිව්වම පොඩිත්තන් කොහොමත් ආසයි.

ඒත් බිත්තර කෑවම ආසාත්මිකතා ඇතිවන දරුවනුත් ඔය අතරේ ඉන්න පුළුවන්. ඒ නිසාමයි අද අපි රසවත් මෙන්ම ආකර්ෂණීය, බිත්තර නොදා හදන මේ කේක් එක සිතුවේ.

මෙහි ආකර්ෂණීය බව නිසා ඕනෑම පොඩිත්තකුට දැක්ක ගමන් කන්න හිතේවි.

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි ග්‍රෑම් 250 ක්

සීනි ග්‍රෑම් 250 ක්

බේකිං පවුඩර් තේ හැඳි 1 ක්

බේකිං සෝඩා තේ හැඳි 1/2 ක්

වතුර කෝප්ප 1/2 ක්

දියකර ගත් බටර් කෝප්ප 1/2 ක්

යෝගට් මේස හැඳි 4 ක් (වතුර මේස

හැන්දක දියකරගත්)

ඇපල් සිඩර් විනාකිරි මේස හැඳි 1 1/2 ක්

පැණි මේස හැඳි 3 ක්

කෝන් පිටි තේ හැඳි 1ක්

වැනිලා තේ හැඳි 1ක්

කිලෝ එකක කේක් එකක් සඳහායි මේ ද්‍රව්‍ය ප්‍රමාණවත් වන්නේ. ඒ වගේ තුන්ගුණයක් යොදාගෙනයි මේ කේක් එක නිර්මාණය වෙන්නේ.

සාදන ක්‍රමය

පළමුවෙන්ම පාන් පිටි, බේකිං පවුඩර්, කෝන් පිටි එකට එකතු කර හොඳින් හළාගන්න.

ඉන්පසු දියකරගත් බටර්වලට රස්නය තිබියදීම සීනි එකතු කරමින් හොඳින් දියකර ගන්න. එය නිවෙන්නට හරින්න.

වෙනත් භාජනයකට යෝගට් මිශ්‍ර වතුර ටික දමා හොඳින් කලවම් කර, එයටම විනාකිරි සහ බේකිං සෝඩා එකතුකර හොඳින් කලවම් කරගන්න.

කේක් නිර්මාණ ශිල්පිනී

දිලිනා තත්සරණි කටුලන්ද

 

2019/10/02 තරුණි බලන්න