පොලොස් ව්‍යංජනය

ඔක්තෝබර් 9, 2019

ගැබිනි මවුවරුන්ට වඩාත් උචිත ආහාරයක් ලෙස කොස් සහ පොලොස් හඳුන්වන්න පුළුවන්. පුරාතනයේ සිට බත් ගස ලෙස හඳුන්වනු ලබන කොස් ගසෙන් ලබාගන්නා කොස් ප්‍රධාන ආහාරයක් ලෙස අනුභව කරන අතර ඉන් ලබාගන්නා පොලොස් රසවත් ව්‍යංජනයක් මෙන්ම ගුණවත් කෑමකි.

මෙමඟින් සිරුරට පෝෂ්‍ය පදාර්ථ රැසක් ලැබේ.

අවශ්‍ය ද්‍රව්‍ය

පොලොස් කිලෝ එකක ගෙඩියක්

මිරිස් කුඩු ග්‍රෑම් 40 ක්

තුනපහ ග්‍රෑම් 30 ක්

ගම්මිරිස් කුඩු මේස හැඳි 2ක්

ලුණු රස අනුව

උළුහාල් ස්වල්පයක්

එනසාල්

කරාබු නැටි

කුරුඳු පොත්තක්

සේර ග්‍රෑම් 20 ක්

කරපිංචා, රම්පෙ

ගොරකා රස අනුව

අමු මිරිස් කරල් 10 ක්

රතුලූනු ගෙඩි කිහිපයක්

සුදුලූනු බික් 3ක්

පොල්ගෙඩි 2 ක කිරි

සාදන ක්‍රමය

පළමුව ඔබ තෝරාගත් පොලොස් ගෙඩිය ගෙන සුදුසු පරිදි කෑලි කපාගන්න. ඉන්පසු මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ, රම්පෙ, කරපිංචා, සේර, උළුහාල්, කුරුඳුපොතු, ගොරකා, ගම්මිරිස් එනසාල්, කරාබුනැටි සහ අවශ්‍ය පමණ ලුණු එකතු කරන්න.

ලුනු, සුදුලූනු සහ අමුමිරිස් ද සිහින්ව කපා එයට එකතු කරන්න. දැන් අවශ්‍ය පමණට දියකිරි යොදා මැටි බඳුනක දමා දර ළිප මත තබා පිසින්න. පොලොස් කැබලි හොඳින් තැම්බුණු පසු මිටිකිරි එකතුකර මඳ ගින්නේ තබා සුදුසු පරිදි පිළියෙල කරගන්න.

 

උපදෙස්  අඹේපුස්ස අවන්හලෙහි ප්‍

රධාන සූපවේදී

ඉන්දික කුමාර