රටඉඳි කේක්

ඔක්තෝබර් 23, 2019

අවශ්‍ය ද්‍රව්‍ය

සීනි ග්‍රෑම් 500 ක්

පිටි ග්‍රෑම් 125 ක්

බටර් ග්‍රෑම් 125 ක්

රටඉඳි කිලෝ එකක්

රේසින්ස් ග්‍රෑම් 100 ක්

පුහුල් දෝසි ග්‍රෑම් 500 ක්

වැනිලා තේ හැඳි 2 ක්

බේකිං පවුඩර් තේ හැදි 2 ක්

කජු ග්‍රෑම් 100 ක්

ආමන්ඩ් කුඩු තේ හැඳි 1 ක්

මිශ්‍ර කුළුබඩු තේ හැන්දක්

රෝස් එසන්ස් තේ හැඳි 1/2 ක්

සාදන ක්‍රමය

පළමුව සීනි, බටර් බඳුනකට දමා බීට් කරගන්න. ක්‍රමයෙන් එයට බිත්තර ද එක් කරන්න. ඉන්පසු පිටි සහ බේකිං පවුඩර් මිශ්‍රකර තෙවරක් හලා පසෙකින් තබා ගන්න. දැන් එයට රුලං ද එකතුකර සීනි, බටර් මිශ්‍රණයට දමා කලවම් කරන්න.

පසුව රටඉඳි ගෙන ඇට ඉවත්කර කුඩාවට කපාගන්න. එය පිටි මිශ්‍රණයට දමන්න. කුඩාවට කපාගත් පුහුල් දෝසි හා රේසින ්ද එකතු කරන්න. කජු ද සිහින්ව කපා එක් කරන්න. ආමන්ඩ්, රෝස් එසන්ස්, වැනිලා සහ ස්පයිසි කුඩු එකතුකර සෙල්සියස් අංශක 175 ක උෂ්ණත්වයෙන් විනාඩි 45 ක් පමණ බේක් කරගන්න.

උපදෙස් - ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී ප්‍රදීකා විජේසූරිය

සටහන - උදයංගනී ලියනආරච්චි