සැමටම හොඳ රස ගුණ ඇති සලාද

ඔක්තෝබර් 30, 2019

අප ගන්නා ආහාරවල රසය මෙන්ම පෝෂණය ගැනත් දැන් වැඩියෙන් හිතන්න වෙලා.. විවිධ වූ පෝෂණ ඌණතා බාල, තරුණ, වැඩිහිටි බොහෝ දෙනකුට ඇති බව දකින්නට ලැබෙනවා.

කාර්යබහුල බවත් සමඟින් අතට අසුවන කුමන හෝ ආහාරයකින් බඩ පුරවා ගන්නට බොහෝ දෙනෙක් පුරුදු වී සිටීම මෙයට හේතුවක්.

ඒත් ගෘහණියක් ලෙසින් පවුලේ සෞඛ්‍යය ගැන වැඩි වගකීමක් ඔබට හිමියි. පහසුවෙන් සකසා ගත හැකි සලාදයක් ආහාර වේලට එකතුකර ගැනීමෙන් වාසි කිහිපයක් ම ලබා ගත හැකියි.

පහසුවෙන් සකසා ගත හැකි වීම මෙහි ඇති ලොකුම වාසියයි. එළවළු පමණක් ආහාරයට ගන්නා අයකුට පවා ආහාරවේල රසවත් කිරීමට සලාදයක් පිළිගැන්විය හැකියි. එළවළු අමුවෙන් ආහාරයට එක්කර ගන්නා නිසා වැඩි පෝෂණයක් ලබා ගැනීමට හැකි වේ. එමෙන්ම එළවළු වර්ග කිහිපයක්, මස්, මාළු ආදිය එකම ආහාරයකින් ලබා ගත හැකි වීම නිසා සලාදයක් පමණක් ආහාරයට ගත්ත ද එය පෝෂණය අතින් පූර්ණ වේ.

නිවෙසට අමුත්තකු පැමිණි අවස්ථාවක දී ආහාර වේලක් ලබා දෙන විට ඉක්මනින් හා පහසුවෙන් සකසා ගත හැකි සලාදයකින් ආහාරවේල පරිපූර්ණ වනවා පමණක් නොව, කෑම මේසයට අලංකාරයක් ද එක් වේ.

මේ සියලු කාරණා නිසා සලාද වට්ටෝරු කිහිපයක් අද ඔබට ඉදිරිපත් කිරීමට අපි අදහස් කළෙමු.

මෙය ළඟ එන උත්සව සමයට වුවත් ඔබට වැදගත් වනවාට සැක නැහැ.

කෝබ් සැලඩ්

මස් හා බිත්තර යොදා සකසන මෙම සලාදය වැඩි පෝෂණ ගුණයකින් යුතුය. මෙය කුඩා දරුවන් ද කැමැත්තෙන් ආහාරයට එක්කර ගන්නා සලාදයකි.

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ,

අයිස් බර්ග් සලාද කොළ

ස්වල්පයක් (මෙම සලාද

කොළ මැලවීම අඩුය)

කුකුළු මස් ග්‍රෑම් 100 ක්

බේකන් ග්‍රෑම් 50ක්

චෙරි ටොමැටෝ ග්‍රෑම් 100ක්

ලූනු කොළ ස්වල්පයක්

තම්බපු බිත්තර 2ක්

මෙයොනේස් සෝස්

තක්කාලි

සලාදය මෙලෙසින් සකසමු,

දැන් කුකුළු මස් තම්බා කුඩා කැබැලිවලට කපා ගන්න. බේකන් බැදගන්න. බිත්තර තම්බා හතරට කපා ගන්න. තක්කාලි ගෙඩිවල මදය ඉවත්කර කැබැලිවලට කපා ගන්න. ලූනු කොළ ද කපා ගන්න. දැන් කුකුළු මස්, බේකන්, තක්කාලි ලූනු කොළ බිත්තර, මොයොනේස් සෝස්, ආදිය මිශ්‍ර කරන්න. බඳුනක වටේට සලාද කොළ තබා ඒ මැදට සලාද මිශ්‍රණය දමා එයට උඩින් ෆ්‍රෙන්ච් ඩ්‍රෙසින් එක දමන්න. (අවශ්‍ය නම් මෙයට අලිපේර වුවද මිශ්‍ර කළ හැකියි)

ෆ්‍රෙන්ච් ඩ්‍රෙසින් එක සාදා ගනිමු,

මෙයොනේස් සෝස් මේස

හැඳි 2ක්

අබ ක්‍රීම් තේ හැන්දක්

ලුණු, ගම්මිරිස් රස අනුව

විනාකිරි තේ හැඳි 2ක්

ඔලිව් තෙල් තේහැඳි 2-3ක්

සීනි තේහැඳි 1/2ක්

දැන් කුඩා බ්ලෙන්ඩර් කප් එකකට මේ සියල්ල දමා ගසා ගන්න. නැතිනම් බෝල් එකකට දමා හොඳින් මිශ්‍රකර ගන්න.

උපදෙස්

ප්‍රවීණ සූපවේදිනී

ලක්ෂ්මි නාරාහේන්පිට

2019/10/30 තරුණි බලන්න