ජපන් ක්‍රමයට මච්චා ෂිෆොන් කේක්

නොවැම්බර් 6, 2019

කේක් කියන්නෙ ඕනෑම උත්සව අවස්ථාවකට, විශේෂ අවස්ථාවකට වගේම උපන් දින ආදී සාදවලටත් නැතුවම බැරි දෙයක්. කේක් සාදාගන්නා ආකාර රැසක් තියෙනවා වගේම ඒවා විවිධ හැඩයන්ගෙන්, විවිධ රසයන්ගෙන් යුක්තයි.

කැමැති ආකාරයට, කැමැති ද්‍රව්‍ය යොදාගෙන ඒවායේ රසය වෙනස් කරගන්නත් පුළුවන්.

මෙවර අප සූදානම්වන්නේ හැමදාම හදන කේක්වලට වඩා වෙනස් කේක් එකක් සාදාගන්නයි.

ඔයාලා ජපන් ක්‍රමයට කේක් හදලා තියෙනව ද? ජපන් ක්‍රමයට හදන කේක් එක රසය විඳින්න තමයි අද අපි සූදානම් වන්නේ.

මෙහි හැඩයත් ටිකක් වෙනස් බව ඔබට පෙනේවි. අයිසිං කරගන්නත් හරිම ලේසියි.

වැඩිපුර සීනි යොදාගන්නෙත් නැති නිසා සීනිවලට අකැමැති අයට වගේම සීනි ආහාර නොගන්නා අයටත් සුදුසුයි.

අද අප සාදාගන්නා මච්චා ෂිෆොන් කේක් එකට යොදාගන්නා ද්‍රව්‍ය ප්‍රමාණය අනුව ග්‍රෑම් 500 ක පමණ කේක් එකක් සාදාගත හැකියි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

කෝන් පිටි ග්‍රෑම් 75 ක්

සීනි ග්‍රෑම් 85 ක්

මච්චා පවුඩර් ග්‍රෑම් 10 ක්

බේකිං පවුඩර් තේ හැඳි 1 ක්

බිත්තර සුදු මද 3 ක්

බිත්තර කහ මද 3 ක්

උණු කරගත් බටර් තේ හැඳි 3 ක්

උපදෙස්

සූපවේදී රජිත් රුවන්

2019/11/06 තරුණි බලන්න