බතල බැදුම

පෙබරවාරි 13, 2020

 

අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ,

බතල

බී ලූනු ගෙඩියක්

උම්බලකඩ කුඩු ස්වල්පයක්

අමුමිරිස් කරල් 2-3ක්

රම්පෙ, කරපිංචා

කෑලි මිරිස් ස්වල්පයක්

ලුණු රස අනුව

 

සාදන්නේ මෙලෙසයි,

බතල ශුද්ධකර සෝදා කහ ස්වල්පයක් දමා තම්බා ලුණු ස්වල්පයක් ද එකතු කරන්න. තැම්බුණු පසුව වතුර පෙරා ඉවත් කරගන්න.

පසුව ලූනු, අමුමිරිස් සිහින්ව ලියා ගන්න. තෙල් ස්වල්පයක් ළිප තබා එයට ලියා ගත් ලූනු, කරපිංචා, රම්පෙ හා කෑලි මිරිස් ආදිය එකතුකර බතල ද එකතු කරගන්න. රස බලා අවශ්‍ය පමණට ලුණු දමාගන්න.

බතල කිරි එළවළුවක් ලෙස ද මේ ආකාරයට කටගැස්මක් ලෙසින් ද සකසා ගත හැකියි. එය ඔබට බත් පතට වෙනස් රසයක් ගෙන දීමටත් සමත් වේවි.