කන්න කන්න ආසා හිතෙන ෆිෂ් ෆින්ගර්ස්

මාර්තු 4, 2020

විවිධ රසයට මාළු

බත්පත රස කරන ව්‍යාංජන අතරේ එළවළු, පලා වගේම සත්ත්වමය ආහාරයක් නැතිවම බැහැ. විශේෂයෙන්ම ප්‍රෝටීන් බහුල මාළු කැබැල්ලක්, දෙකක් තම බත්පතට එකතු කරනොගන්නේ නම් ඒ නිර්මාංසික ආහාර ගන්නා කෙනකු පමණි.

ඒත් ඉතින් හැමදාමත් එකම රසයට පිසින මාළු ව්‍යාංජනයටත් හැමෝම කැමැති නැහැ. ඒ නිසා විවිධ රසයට මාළු පිසින ආකාරයයි අද අපේ මේ රස අතිරේකයෙන් රැගෙන එන්නේ. ඒ වාගේම තමයි මාළු වර්ග කිහිපයක්ම තෙලට, කිරට, මිරිසට සකසාගන්නා ආකාරය මෙහි දැක්වෙනවා.

ඔන්න විවේකී සති අන්තයේ මේ විදිහට මාළු සකස් කරලා පවුලේ සාමාජිකයන්ගේ ප්‍රතිචාර කොහොමදැයි බලන්නකෝ.

 

උපදෙස්

ප්‍රවීණ සූපවේදී

සුජිත් ආරියරත්න

 

 

කන්න කන්න ආසා හිතෙන ෆිෂ් ෆින්ගර්ස්

 

විවේකී සති අන්තයේ නිවී සැනසිල්ලේ රසවිඳින්න සුවිශේෂී ආහාර වේලක් සූදානම් කරන්නයි ඕනෑම ගෘහණියකගේ කැමැත්ත. ඉතින් ඒවාගේ ආහාර වේලකට විතරක් නෙමෙයි විවේකී සවසක තේ වෙලාවටත් හරිම අපූරුයි මේ ෆිෂ් ෆින්ගර්ස්.

 

අවශ්‍ය ද්‍රව්‍ය

* ගල් මාළු ග්‍රෑම් 500 ක්

* පාන් පිටි ග්‍රෑම් 250 ක්

* බිත්තර 02 ක්

* කහ තේ හැඳි 1/2 ක්

* අවශ්‍ය පමණට ලුණු

* බැදගැනීමට අවශ්‍ය තරම් පොල් තෙල්

* ගම්මිරිස් කුඩු තේ හැඳි 02 ක්

* පාන් කුඩු ග්‍රෑම් 200ක්

 

සාදන ක්‍රමය

 

* මාළු ටික හොඳින් සෝදා අඟල් 1/2 ක් පළල, අඟල් 03 ක් දිග කෑලි ආකාරයට කපාගන්න.

* අනතුරුව කපාගත් මේ මාළුවලට ලුණු, ගම්මිරිස්, කහ දමා හොඳින් අතගාන්න.

* දැන් මෙය සීසන් වීමට පසෙකින් තබන්න.

* වෙනත් බඳුනක් ගෙන එයට පාන් පිටි ටික දමන්න. එයටම බිත්තර දෙක ද කඩා දමන්න. ලුණු සහ කහ ස්වල්පයක් ද දමන්න.

* අනතුරුව ජලය අවශ්‍ය පමණට යොදා උකු මිශ්‍රණයක් සාදා ගන්න.

* දැන් සීසන් වූ මාළු කැබලි මේ මිශ්‍රණයේ දවටා පාන් කුඩුවල ද තවරා ගැඹුරු තෙලේ බැදගන්න.

* උණුවෙන්ම ආහාරයට ගන්න. එවිට වඩාත් රසවත්.

2020/03/04 තරුණි බලන්න

 

අදහස් දැක්වීම ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පිනී

අමා චතුරිකා දේශප්‍රිය