කාලා බලමුද මාළු කේක්

මාර්තු 4, 2020

විවිධ රසයට මාළු

 

බත්පත රස කරන ව්‍යාංජන අතරේ එළවළු, පලා වගේම සත්ත්වමය ආහාරයක් නැතිවම බැහැ. විශේෂයෙන්ම ප්‍රෝටීන් බහුල මාළු කැබැල්ලක්, දෙකක් තම බත්පතට එකතු කරනොගන්නේ නම් ඒ නිර්මාංසික ආහාර ගන්නා කෙනකු පමණි.

ඒත් ඉතින් හැමදාමත් එකම රසයට පිසින මාළු ව්‍යාංජනයටත් හැමෝම කැමැති නැහැ. ඒ නිසා විවිධ රසයට මාළු පිසින ආකාරයයි අද අපේ මේ රස අතිරේකයෙන් රැගෙන එන්නේ. ඒ වාගේම තමයි මාළු වර්ග කිහිපයක්ම තෙලට, කිරට, මිරිසට සකසාගන්නා ආකාරය මෙහි දැක්වෙනවා.

ඔන්න විවේකී සති අන්තයේ මේ විදිහට මාළු සකස් කරලා පවුලේ සාමාජිකයන්ගේ ප්‍රතිචාර කොහොමදැයි බලන්නකෝ.

 

උපදෙස්

ප්‍රවීණ සූපවේදී

සුජිත් ආරියරත්න

 

පාට, පාටින් අලංකාර කළ, විවිධ රසයට තැනූ රසම රස කේක් කොයිතරම් නම් අප රස බලලා ඇති ද? ඒත් ඔබ මාළු කේක් ගැන රස විතරක් නෙමෙයි ඇතැම්විට අහලත් නැතිව ඇති. එහෙමනම් අපි මේ විදිහට මාළු කේක් හදලා පවුලේ සාමාජිකයන්ගේ ප්‍රතිචාර කොහොමද කියලා බලමුකෝ.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

* තෝර මාළු ග්‍රෑම් 500 ක්

* බිත්තර 02 ක්

* මිරිස් කුඩු තේ හැඳි 02 ක්

* කහ ස්වල්පයක්

* රස අනුව ලුණු

* තිරිඟු පිටි මේස හැඳි 02 ක්

* බැදගැනීමට අවශ්‍ය ප්‍රමාණයට පොල්තෙල්

 

සාදන ක්‍රමය

 

* පළමුව මාළු ටික කැබලිවලට කපා හොඳින් සෝදා ගන්න. (කටු සහිත කොටස් ඉවත් කරන්න)

* කපාගත් මාළු ටික බඳුනකට දමන්න. එයට බිත්තර දෙක කඩා දමන්න. ලුණු සහ මිරිස් කුඩු ද එයටම දමන්න.

* දැන් මේ සියල්ලම හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.

* ඉන්පසුව ගසාගත් මාළු මිශ්‍රණය වෙනත් බඳුනකට දමන්න.

* එයටම තිරිඟු පිටි ටික ද දමා හොඳින් අනාගන්න.

* දැන් මේ මිශ්‍රණයෙන් කුඩා ගුලි සාදා තරමක් තුනීකරගන්න.

* රත්වූ ගැඹුරු තෙලේ රන්වන් පැහැයට බැදගන්න.

 

 

 

2020/03/04 තරුණි බලන්න

 

අදහස් දැක්වීම ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පිනී

අමා චතුරිකා දේශප්‍රිය