වෙනස් රසයට චිකන් රස විඳගනිමු

මාර්තු 18, 2020

චිකන් ඇෆ්රිටාඩා ( Chicken Afritada )

 

අවශ්‍ය ද්‍රව්‍ය

චිකන් කිලෝග්‍රෑම් 1 ක්

බට්න් හතු (දෙකට කපා) ග්‍රෑම් 200 ක්

කොටු කැපූ කොළ

බෙල්පෙපර් ගෙඩියක්

රතු බෙල්පෙපර් ගෙඩියක්

සිහින්ව ලියාගත් සුදුලූනු බික් 6 ක්

කොටු කැපූ බී ලූනු ගෙඩියක්

මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්

තක්කාලි ගෙඩි 4 ක්

තක්කාලි පේස්ට් මේස හැඳි 3 ක්

පොතු හැර කොටු කැපූ අල ගෙඩියක්

වතුර කෝප්ප 1/2 ක්

තෙල් මේස හැඳි 3 ක්

සීනි තේ හැඳි 1/2 ක්

බේ කොළ 4 ක්

දෙහි යුෂ තේ හැඳි 1/2 ක්

ලුණු, ගම්මිරිස් රස පදමට

තෙල් (ගැඹුරු තෙලේ බැදීමට ප්‍රමාණවත් තරම්)

 

සාදන ක්‍රමය

මුලින්ම චිකන් සාමාන්‍ය ප්‍රමාණයේ කැබලිවලට කපා සෝදාගන්න. එයට ලුණු, ගම්මිරිස් එක්කර පැය 1/2 ක් පමණ පදම් වීමට තබන්න.

ඉන්පසු තක්කාලි ගෙඩි උණු වතුරට දමා මිනිත්තුවක් තම්බා පොතු හැර බ්ලෙන්ඩරයට දමා එයටම රතු බෙල්පෙපර් කැබලි සහ වතුර කෝප්ප 1/2 ක් දමා හොඳින් බ්ලෙන්ඩ් කරන්න.

අනතුරුව පෙර පදම් කරගත් චිකන් කැබලි සහ අල රත්වූ ගැඹුරු තෙලේ රන්වන් පැහැ ගැන්වෙන තුරු බැදගන්න.

වෙනත් භාජනයක් ළිප තබා එයට තෙල් එක්කර රත්වූ පසු එයට සුදුලූනු දමා තද දුඹුරු පැහැ ගැන්වෙන තුරු මිශ්‍ර කරමින් බැදගන්න.

පසුව මෙයටම බට්න් හතු, කපාගත් බෙල්පෙපර්, ලූනු සහ බේ කොළ එක්කර මිනිත්තු 2 ක් පමණ බැදගන්න.

ඉන්පසු මෙයටම පෙර සාදාගත් තක්කාලි මිශ්‍රණය තක්කාලි පේස්ට්, මිරිස් කුඩු, සීනි සහ ලුණු, ගම්මිරිස් රස පදමට එක්කර හොඳින් මිශ්‍ර කරන්න.

පසුව මෙයට පෙර බැදගත් මස් කැබලි සහ අල එක්කර මිශ්‍රකර මිනිත්තු 4 ක් පමණ තබා උණුසුම්ව සංග්‍රහ කරන්න.

 

උපදෙස්

රුවන්වැල්ල වෝ කේටර්ස් හි

ප්‍රවීණ සූපවේදිනී

සකුන්තලා කරුණාරත්න

 

2020/03/19 තරුණි බලන්න