මේ පොසොන් සතියේ නිර්මාංස ආහාර වේලක රස බලමු

ජුනි 3, 2020

කොරෝනා වසංගතය අතරතුරේ සිංහල අලුත් අවුරුද්ද වාගේම වෙසක් උත්සවයත් ඇවිත් ගියේ අපිටත් හොරෙන්ම වාගෙයි. හැබැයි තමන්ගේ දරු පවුලත් සමඟ නිවෙස්වලට වෙලා උන්නු අපිට චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන්න වාගේම ආධ්‍යාත්මික ගුණ වගාවේ යෙදෙන්න මේ තරම් හොඳ කාලයක් උදා නොවුණු බව නම් විශ්වාසයි .

ටිකෙන් ටික අපේ රට යථා තත්ත්වයට පත්වෙන මේ කාලවකවානුවේ පොසොන් සඳත් හෙමිහිට ගුවනට පායා ඇවිත්. ඉතින් වෙසක් පොහොය දවසේ වාගේම මේ පොසොන් පෝය දවසෙත් නිවෙසටම වී සිල් සමාදන් වෙලා දන් පින් වල යෙදෙන්න කියලයි මෙවරත් නියම වී තිබෙන්නේ.

ඉතින් දැන් සෑහෙන කාල වකවානුවක් නිවෙසටම වෙලා ගත කරපු නිසා ඔබ විවිධාකාරයේ කෑම බීම අත්හදා බලන්නත් ඇති. ඒ වාගේම ඒවායේ විවිධ රසයන් අත්වින්දාට කිසිම සැකයක් නැහැ.

ඒ නිසාම මේ පොසොන් සතියේ නිර්මාංස ආහාර වේලක් ඔබට පිරිනමන්න අප අදහස් කළා. කිසිම වියදමක් නැතිව ගමේ ගොඩෙන් සොයාගන්න පුළුවන් දේශීය අල, කොළ , පලා, පලතුරු ආදියෙන් තමයි මේ ආහාර සකසා තිබෙන්නෙත්.

ඉතින් වස විස ආදියෙන් තොර, පෝෂණ ගුණයෙන් ඉහළ මේ ආහාර මොනතරම් රසවත් දැයි හදලාම බලන්න .

 

උපදෙස්

ප්‍රවීණ සූපවේදිනී

නිර්මලා විජේරත්න

සාම්ප්‍රදායික කහ බත්

අවශ්‍ය ද්‍රව්‍ය -

* සම්බා සහල් කිලෝ ග්‍රෑම් 01 ක්

* පොල් කිරි කෝප්ප 2 1/2 ක්

* රස අනුව ලුණු

* කහ කුඩු තේ හැඳී 1/2 ක්

* ලියාගත් ලූනු ගෙඩියක්

* කරපිංචා කිනිත්තක්

* පොල්තෙල් මේස හැඳී 03 ක්

* සේර කෑල්ලක්

* ඉතා සිහින් වන්නට අඹරාගත් පොල් මේස හැඳී 02 ක්

* රම්පා කැබැල්ලක්

* එනසාල් කරල් 04 ක්

* කරාබු නැටි 04 ක්

* ගම්මිරිස් ඇට කිහිපයක්

 

2020/06/03 තරුණි පුවත්පත බලන්න.