නිවිති සුප් සමඟ කුරක්කන් පාන්

සැප්තැම්බර් 23, 2020

පෝෂණීය, වගේම සැහැල්ලු ආහාරවලට දැන් බොහෝ දෙනා දක්වන්නේ වැඩි කැමැත්තක්. දේශීය ආහාර සිරුරට ගෙන දෙන්නේ වැඩි පෝෂණීය බවක්. මේ නිසා අප අද කනවනම් කමු සමූහයෙන් තෝරා ගත්තේ උදෑසන ආහාරයට මෙන්ම රාත්‍රී ආහාර වේලක් සඳහා වුවද සුදුසු පෝෂණීය ආහාර වට්ටෝරු කිහිපයකි.

නිවිති, යකඩ බහුල ආහාරයක් නිසා රක්තහීනතාව ඇති අයට මෙන්ම ලොකු කුඩා කාටත් පෝෂණය ගෙන දෙන ආහාරයකි. එමෙන්ම කුරක්කන් පාන් දියවැඩියා රෝගයෙන් පෙළෙන අයකුට වුවද රිසි සේ රස විඳිය හැකි පාන් වර්ගයක් නිසා නිවෙසේ කාටත් මෙය එකසේ රස විඳීමට හැකියි.

නිවිති සුප්

මේ සඳහා අවශ්‍ය වන්නේ:

නිවිති කොළ 10-15 ක්

පරිප්පු මිටක්

සුදු ලූනු බික් 10 ක් පමණ

කුඩා රට ලූනු ගෙඩියක්

අමු මිරිස් කරලක්

කොත්තමල්ලි කොළ ස්වල්පයක්

ලීක්ස් කඳ කොටසෙන් කැබැල්ලක්

නැවුම් එළකිරි කෝප්පයක් (ජ්අඡ්ඉඩ් ර්ධ්ඹ්ම්)

බටර් ස්වල්පයක්

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

තක්කාලි ගෙඩියක්

දෙහි ගෙඩියක්

ලුණු ස්වල්පයක්

සාදන ක්‍රමය:

පළමුවෙන් ම පරිප්පු ටික සෝදා විනාඩි 15ක් පමණ පෙඟෙන්නට තබන්න. ඉන්පසුව පෙඟුණු පරිප්පු, සුදු ලූනු බික් 5ක් පමණ, කැබැලි කපා ගත් තක්කාලි බඳුනකට දමා එයට වතුර කෝප්ප 3ක් පමණ දමා මඳ ගින්නේ හොඳින් තම්බන්න. මෙය තැම්බුණ පසු ළිපේ තිබියදී ම ළිප නිවා දමා, කුඩා කැබැලිවලට කපා ගත් නිවිති එකතු කරන්න. රස අනුව ලුණු ස්වල්පයක් එකතුකර නිවිති යාන්තමට තැම්බෙන තෙක් හැඳිගාන්න.

දැන් සුප් එකේ ජලය පෙරා වෙනම බඳුනකට දමා, නිවිති, සුදු ලූනු, පරිප්පු, තක්කාලි බ්ලෙන්ඩ්කර පසෙකින් තබන්න.

නැවතත් බඳුන ළිප තබා, බටර් මේස හැන්දක් පමණ දමා රත් වෙන්නට හැර එයට ලියාගත් රට ලූනු, තළා ගත් ඉතිරි සුදු ලූනු, සිහින්ව ලියාගත් අමු මිරිස්, ගම්රිරිස් කුඩු ස්වල්පයක් දමා රන්වන් පැහැ වනතෙක් බැද ගන්න. ඉන්පසු එය බ්ලෙන්ඩ් කරගත් මිශ්‍රණයට එකතුකර මඳ වේලාවක් පිසගන්න. එයට නැවුම් කිරි ද කලින් පෙරා ගත් වතුර ද එකතුකර හොඳින් පිසගන්න.

ළිපෙන් බාන්නට පෙර සිහින්ව ලියාගත් ලීක්ස් රවුම් ද කුඩාවට කපා ගත් කොත්තමල්ලි කොළ ද අවශ්‍ය පදමට දෙහි යුෂ ද එකතුකර පිළිගන්වන්න.

කිසිම අවස්ථාවක මෙම සුප් එක භාජනය වසා පිස ගැනීමෙන් වළකින්න.

කුරක්කන් පාන්

අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ:

කුරක්කන් කෝප්ප 1½ක්

පාන් පිටි කෝප්පයක්

කිරි පිටි මේස හැන්දක්

ලුණු තේ හැන්දක්

යීස්ට් තේ හැඳි 2ක්

මඳ උණුසුම් වතුර කෝප්ප 2ක්

සීනි මේස හැඳි 2ක්

නැවුම් කිරි කෝප්ප ½ක්

බටර් ස්වල්පයක්

කුකිං ඔයිල් මේස හැඳි 3ක්

බිත්තරයක්

සාදන ක්‍රමය:

වතුර සහ යීස්ට් බඳුනකට දමා, සීනි , කිරිපිටි එකට එකතුකර විනාඩි 15ක් වසා තබන්න.

ඉන්පසු මිනිත්තු 30ක් පිපෙන්නට වසා තබන්න. නැවත මිනිත්තු 20ක් හොඳින් අනන්න. පසුව බටර් ගාගත් තැටියකට දමා සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයේ මිනිත්තු 20ක් පමණ වේලාවක් අවන් එකේ දමා පුලුස්සා ගන්න.

 

ඉදිරිපත් කිරීම: මීගමුවේ

ෂෙරිනි ඉමාරා බැරී

2020/09/23 තරුණි බලන්න.