මෂ්රූම් ඇන්ඩ් ස්ප්‍රවුට්ස් වෙජි රෝල්ස්

ඔක්තෝබර් 14, 2020

අවශ්‍ය  ද්‍රව්‍ය

කපාගත් බට්න් මෂ්රූම් හෝ සාමාන්‍ය හතු කප් 2 ක්

සිහින්ව කපාගත් ලූනු ගෙඩි 2ක්

තම්බා පොඩි කරගත් අර්තාපල් අල ගෙඩියක්

සිහින්ව ලියාගත් අමු මිරිස්

රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු

සැර අනුව මිරිස් කුඩු

පැළ මුං කප් ¼ක්

ගරම් මසාලා තේ හැඳී ½ක්

තළාගත් සුදුලූනු බික් 2ක්

සාදන ක්‍රමය

බඳුනක් ළිප තබා තෙල් ටිකක් දමා රත් වෙන්න හැර එයට ලූනු සහ සුදුලූනු එක් කර තෙම්පරාදු කරගන්න. එයටම ලුනු, අමු මිරිස්, මිරිස්, ගම්මිරිස් සමඟ පැළ මුං ටික එක් කර කලවම් කරගන්න. මඳ වේලාවක් තෙම්පරාදු කරගෙන එයටම හතු ටික ද එක් කරගන්න.

ගරම් මසාලා එක් කර වතුර ස්වල්පයක් උඩින් ඉසගෙන අඩු ගින්දරේ පියනකින් වසා පැළ මුං සහ හතු පිසෙන තුරු විටින් විට කලවම් කරමින් පිසගන්න. අවසානයට අල ටික එක් කර හොඳීන් මිශ්‍ර කරගන්න. මේ සඳහා ද ස්ප්‍රිං රෝල් ශීට් සාදා ගත් ආකාරයටම රෝල් ශීට් සාදාගන්න.

 

2020/10/14 තරුණි පුවත්පත බලන්න.