රස ගුණ පිරි වරකා දෝසි

දෙසැම්බර් 9, 2020

වරකා අපේ රටේ සුලබ පලතුරකි. ඇතැම් විට කොස් වාරයේ දී මේවා අපතේ යන අවස්ථා ද ඇත. වරකා රස විඳින්න ලැබුණ විටෙක දී ඔබටත් මේ ආකාරයට වරකා දෝසි සාදා ගත හැකියි.

ඒ සඳහා අවශ්‍ය වන්නේ:

වරකා ග්‍රෑම් 425 ක් (විදෙස් රටවල අයට නම් වරකා ටින් එකක්)

සීනි ග්‍රෑම් 75 ක්

රුලං ග්‍රෑම් 160 ක්

හාල් පිටි ග්‍රෑම් 80 ක්

කරදමුංගු, කරාබුනැටි

වැනිලා එසන්ස් බිංදු දෙකක්

කජු හෝ ආමන්ඩ් (කුඩා කැබැලිවලට කපා)

තල ඇට ස්වල්පයක්

 

දැන් අපි දෝසි හදමු:

මුලින් ම ලෑල්ලක බටර් තවරා සූදානම් කරගන්න. ඉන්පසු රුලං සහ හාල්පිටි මඳක් රන්වන් පැහැ වන තෙක් කබලේ දමා බැදගන්න.

වරකා ටින් එකක් ගත් නිසා එහි සීනි සිරප් එකක වරකා දමා තිබිණි. මෙහි කැබැලි නැතිවන තෙක් බ්ලෙන්ඩ් කරගන්න. අඩිය ඝනකමැති බඳුනක් ගෙන එය ළිප තබන්න. එම බඳුනට සීනි දමා මඳ ගින්නේ රත් කරන්න. එය සිරප් එකක් වන විට වරකා මිශ්‍රණය එයට එකතු කර ටික වේලාවක් හැඳිගාන්න. ඒ අතරතුර රුලං සහ හාල්පිටි ස්වල්පය බැගින් එකතු කරමින් හොඳින් හැඳිගාන්න.

කරදමුංගු, කරාබුනැටි, වැනිලා, කපාගත් කජු හෝ ආමන්ඩ් එයට එකතු කරන්න. ඉන්පසු ටික වේලාවක් එය හැඳිගාමින් තබා ළිපෙන් ඉවත් කරන්න.

දැන් බටර් තවරා ගත් තැටියකට මිශ්‍රණය දමා තුනී කරන්න. මෙය මඳක් නිවෙන විට ඔබට අවශ්‍ය ප්‍රමාණයට කැබැලිවලට කපා ගන්න.

 

 

ඉදිරිපත් කිරීම

උත්පලා එරන්දි වරාගොඩ ආරච්චි

 

විශේෂ ස්තුතිය 'කනවනම් කමු' සමූහයේ group Admin අමල් අත්තනායකට

 

 

2020/12/09 තරුණි පුවත්පත බලන්න