හානි වූ කෙස් කලඹට කෙරටිං සත්කාරයක්

දෙසැම්බර් 12, 2018

නිරෝගී දිදුලන කෙස් කලඹ, කාන්තාවන්ගේ රූප සොබාව වැඩි කරන වැදගත්ම අංගයක්. කාන්තාවන් සතු පංච කල්‍යාණ අතුරින් කේෂ කල්‍යාණයට හෙවත් හිසකෙස්වලට හිමිවන්නේ විශේෂ ස්ථානයක්.

ලස්සන කෙස් කලඹක් සතුවීම බාහිර පෙනුම, පෞරුෂය හොඳින් පවත්වාගෙන යාමට උපකාරි වන බව නොරහසකි.

ඒ නිසාම කෙස් කලඹ තව තවත් අලංකාර කර ගැනීමට වැඩි දෙනෙක් ස්ට්‍රේට්නිං, රිලැක්සිං්, ෆර්මිං බොන්ඩිං වැනි විවිධ ක්‍රම භාවිත කරනවා.

මෙම රසායනික හිසකෙස් සත්කාරයන් දිගුකාලීනව කිරීමෙන් හිස කෙස්වලට විශාල වශයෙන් හානි සිදුවනවා.

රසායනික සත්කාර නොකර ද හිසකෙස්වලට හානි සිදුවිය හැකි නමුත් රසායනික ක්‍රම භාවිතයෙන් ඇතිවන හානිය නම් ඉතාම ඉහළයි.

එම හානි වූ හිසකෙස් යළි යථා තත්ත්වයට පත්කර ගැනීමට නම් ඒ සඳහා සුදුසුම ප්‍රතිකර්මය වන්නේ කෙරටින් සත්කාරයයි.

කෙරටින් ට්‍රීට්මන්ට් එහෙමත් නැත්නම් බ්‍රසීලියන් ස්ට්‍රේට්ටිං කියලා හඳුන්වන්නෙත් මේ සත්කාරයමයි. කෙරටින් කියන්නේ ස්වභාවිකව ඔබේ හිසකෙස්වල පවතින ප්‍රෝටීන වර්ගයටයි.

මේ ප්‍රෝටීනය අපේ හිසකෙස් කෙලින් සහ දිදුලන ස්වභාවයෙන් පවත්වා ගැනීමට උදව් වෙනවා.

මෙහිදී භාවිත කරන්නෙ එතරම් සැර නැති රසායනික ද්‍රව්‍ය. කෙරටින් ට්‍රීට්මන්ට් එකට පාවිච්චි කරන කැරටින් බොහෝ විට ස්වභාවික නිසාම මේ ට්‍රීට්මන්ට් එකෙන් අනෙකුත් පර්මනන්ට් ස්ට්‍රේටිං ට්‍රීට්මන්ට්ස්වලට වඩා හිස කෙස්වලට වන හානිය අඩුයි.

මෙම සත්කාරය පර්මනන්ට් හෙයා ස්ට්‍රේටිං එකක් ලෙස පෙනුණත් මේ ට්‍රීට්මන්ට් එකෙන් හිසකෙස් සෘජුව සහ දිදුලන ස්වභාවයකින් පවත්වා ගැනීමට පුළුවන් වන්නේ උපරිම මාස 6 ක . . .

 

2018/12/12 තරුණි පුවත්පත බලන්න