නිවෙසේදීම පෙඩික්‍යු සත්කාරයක්

ජනවාරි 2, 2019

කාන්තාවන් මුහුණ පැහැපත්ව තබාගැනීමට වෙර දරනවා සේම තමන්ගේ අත්පා ගැනත් වැඩි අවබෝධයකින් සිටිය යුතුයි. එම නිසා විශේෂයෙන්ම නියපොතු සහ අත පයෙහි සම ද පැහැපත්ව තබා ගත යුතුයි.

දිනපතා නින්දට යාමට පෙර කකුලේ ඇඟිලි අතර හොඳින් සෝදා පිරිසුදුකර රෙදි කැබැල්ලකින් තෙත් ගතිය ඉවත් කරගන්න. විශේෂයෙන් දියවැඩියා රෝගියකු මෙය නොකඩවාම කළ යුතුයි. පසේ නියපොතු අපිරිසුදු වන ක්‍රම කිහිපයක්ම තිබේ. නිතරම තෙතමනයේ සිටින අය ද, රසායනික ද්‍රව්‍ය සමඟ ගැවසෙන අයද, ආලේපන වර්ග දින ගණනක් නියපොතුවල රඳවා තැබීම ද, අධික වියළි පරිසරවල ජීවත්වන අය ද, මන්ද පෝෂණ රෝග තත්ත්වවලින් පෙළෙන අය ද නියපොතු ආසාදනවලට ඉක්මනින් ගොදුරු වේ.

නමුත් නියපොතු ආශි‍්‍රතව ඇතිවන සියලුම රෝග සමනය කිරීමට පෙඩික්‍යු සත්කාරය යෝග්‍ය වේ. නිවෙසේදීම පෙඩික්‍යු සත්කාරයක් කරගන්න මේ ලිපිය ඔබට අත්වැලක් වේවි.

පළමු පියවර

මඳ උණුසුම් වතුර බේසමකට ඩෙටෝල් බිංදු 6ක්, ද්‍රව සහිත සබන් බිංදු කිහිපයක්, ලුණු කුඩු මේස හැඳි 2 ක් සහ බේකිං පවුඩර් මේස හැඳි 2ක් දමා පෙණ නඟින තුරු හොඳින් මිශ්‍ර කරන්න. හොඳින් සෝදා පිරිසුදු කර ගත් ඔබේ දෙපා මේ බේසම තුළට දමන්න. එලෙස විනාඩි 8-10 ක් අතර කාලයක් දෙපා පෙඟෙන්නට තබන්න. ඉන්පසු දෙපා ඉවතට ගෙන, පිරිසුදු රෙදි කඩකින් පිස දමන්න. නියපොතුවල ක්‍යුටෙක්ස් ගල්වා ඇත්නම් නේල් රිමූ ආධාරයෙන් ඒවා පිස දමන්න.

දෙවැනි පියවර

දෙවැනි පියවරේදී කකුල් ස්ක්‍රබ් කිරීම කළ යුතුයි. ස්ක්‍රබ් කිරීම ක්‍රම දෙකකට කළ හැකියි. පළමු ක්‍රමය නම්, බඳුනකට සීනි සහ ලුණු වතුර මිශ්‍ර කර එම මිශ්‍රණය කකුල්වලට දමා හොඳින් ඇතිල්ලීමයි. එසේ කිරීමෙන් කකුලේ සියුම් කැපුම් අතර ඇති කුණු දූවිලි ඉවත්වන අතරම සමේ මැරුණ සෛල ද ඉවත් වේ. ඉන්පසු නියපොතු අවට ඇති . . .

 

2019/01/02 තරුණි පුවත්පත බලන්න.